යෙසායා
40 “සනසන්න. මාගේ සෙනඟට සැනසිලිදායක වදන් පවසන්න” යයි දෙවි ඔබෙන් ඉල්ලා සිටින්නේය.+ 2 “යෙරුසලමට සිත සනසවන අයුරින් කතා කරන්න.+ ඇය දුක් පීඩා වින්ද කාලය අවසන් බවත්+ ඇගේ වැරදිවලට සම්පූර්ණයෙන්ම වන්දි ගෙවා ඇති බවත්+ ඇයට පවසන්න. යෙහෝවා දෙවිගෙන් ඇය තවදුරටත් දඬුවම් නොලබන්නීය.”+
3 සවන් දෙන්න! පාළුකරයේ සිට යමෙකු හඬ නඟනවා ඔබට ඇසෙනවාද?+ “ජනයෙනි, යෙහෝවා දෙවිගේ මාර්ගය එළි පෙහෙළි කර සූදානම් කරන්න.+ කාන්තාරය හරහා දිව යන අපේ දෙවිගේ ගමන් මඟ සමතලා කරන්න.+ 4 සියලුම හෙල්ද කඳුද සමතලා කර,+ නිම්නද ඒ මට්ටමට ගෙනෙන්න.+ සමතලා නැති තැන් සකස් කර රළුබිම් සුමට කරන්න.+ 5 එවිට සියලුදෙනාම+ යෙහෝවා දෙවිගේ තේජස දැකගනු ඇත.+ යෙහෝවා දෙවි එය පැවසූ බැවින් එය එසේම සිදු වන්නේය.”+
6 සවන් දෙන්න! “හඬ නඟා කතා කරන්න”+ කියා පවසන හඬක් ඇසෙයි. “මා කිව යුත්තේ කුමක්ද” කියා අසන තවත් හඬක් ඇසෙයි.
“මිනිසා තණකොළ මෙනි. ඔහුගේ කරුණාව* කෙතෙහි හටගන්නා මලක් මෙනි.+ 7 තණකොළ වියළෙයි. මල පරවී යයි.+ යෙහෝවා දෙවි තම හුස්ම හෙළූ විට ඒ සියල්ල පහව යයි.+ සැබවින්ම මිනිසා වියළී යන තණකොළ මෙනි.+ 8 තණකොළ වියළී යයි. මල පරවී යයි.+ නමුත් අපේ දෙවිගේ වචනය සදහටම පවතියි.”+
9 සියොන් වෙත ශුභාරංචි ගෙනෙන කාන්තාව,+ උස් කන්දකට+ නැඟ පුවත පතළ කරන්න. යෙරුසලමට සුබ පුවත් ගෙනෙන තැනැත්තිය,+ භය නොවන්න.+ ශබ්ද නඟා පුවත කියන්න. යූදාහි සියලු නුවරවලට, “ඔබේ දෙවි ඇවිත් සිටිනවා”+ යයි හඬ නඟා කියන්න. 10 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි බලවන්තයෙකු මෙන් පැමිණෙන්නේය. ඔහු තම හස්ත බලයෙන් සියල්ල යටත් කරගන්නේය.+ ඔහු ඔබ වෙත පැමිණෙන්නේ ආශීර්වාද රැසක් සමඟිනි.+ ඔහු එක් එක් කෙනාගේ ක්‍රියාවලට අනුව ඔවුන්ට ආශීර්වාද කිරීමට බලා සිටියි.+ 11 එඬේරෙකු තම රැළ බලාගන්නාක් මෙන් දෙවි තම සෙනඟව රැකබලා ගන්නේය.+ ඔහු බැටළු පැටවුන්ව වඩාගෙන+ තම තුරුලට ගන්නේය.+ කිරි දෙන බැටළුදෙනුන්ව මහත් සැලකිල්ලකින් දක්කගෙන යන්නේය.+
12 ජල ධාරා සියල්ලම තම අල්ලට ගෙන මැන බැලුවෙත්+ තම වියතෙන් මුළු අහස්තලයම මැන බැලුවෙත් කවුද?+ එක් මිටකට* පොළොවේ සියලු වැලි කැට රැස් කරගත්තේ+ කවුද කියාත් කඳු හෙල් සියල්ල තරාදියක දමා කිරා බැලුවේ කවුද කියාත් ඔබ දන්නෙහිද? 13 යෙහෝවා දෙවිගේ බලය* මැනිය හැක්කේ කාටද? දෙවිට උපදෙස් දෙන්නවත් ඔහුට යමක් උගන්වන්නවත් කිසිවෙකුට හැකිද?+ 14 දෙවි කාගෙන්වත් උපදෙස් පතා තිබෙනවාද? ඔහුට කාරණා පහදා දෙන්න කිසිවෙකුට හැකිද? යුක්තිය කුමක්ද කියා ඔහුට කියා දිය යුතුද? ඔහුට දැනුම ලබා දීමට+ හෝ කාරණා තේරුම් කර දීමට+ හෝ කිසිවෙකුට හැකිද?
15 දෙවිට සියලු ජාතීන් කළයකින් වැටෙන දිය බිඳක් මෙනි. ඔවුන් තරාදියක තිබෙන දූවිල්ල මෙනි.+ දෙවි දූවිල්ල එකතු කරන්නාක් මෙන් සියලුම දූපත් තම අතට ගන්නේය.+ 16 ලෙබනොන් දේශයේ සියලු ගස් දර සඳහා කැපුවත් එහි සෑම සතෙකුවම+ දෙවි වෙත ගෙනාවත් ඔහුට සුදුසු දවන පූජාවක් ඔප්පු කිරීමට එය ප්‍රමාණවත් නොවෙයි.+ 17 දෙවි සමඟ සසඳන කල සියලු ජාතීන් කිසි වටිනාකමක් නැති තරම්ය.+ ඔවුන්ව කිසිසේත් දෙවිට සම කළ නොහැක. ඔවුන් සියල්ලෝම වැදගැම්මකට නැති අය මෙනි.+
18 දෙවිට සමාන කළ හැකි කිසිවෙකු සිටියිද?+ ඔහුගේ සමානත්වයට කිසිවක් සෑදිය හැකිද?+ 19 රන්කරුවෙක් දේවතා රූපයකට+ රන් ආලේප කර+ රිදී මාලවලින් එය සරසයි.+ 20 යමෙක් රූපයක් සාදාගැනීමට හොඳ ගසකින් ලී කපාගන්නේය.+ දිගු කල් පවතින ශක්තිමත් රූපයක්+ සාදාගැනීමට ඔහු දක්ෂ කර්මාන්තකරුවෙකුව සොයාගන්නේය.+
21 ඔබ ඇත්තටම මේ ගැන දන්නේ නැද්ද? ඔබ කවදාවත් මේ ගැන අසා නැද්ද? බොහෝ කාලයකට පෙර ඔබට ඒ ගැන කියා දුන්නේ නැද්ද? පොළොවේ අත්තිවාරම් තැබූ දා පටන් මේ දක්වා පවතින සාක්ෂි ඔබ තවමත් වටහාගෙන නැද්ද?+ 22 පෘථිවි ගෝලයට ඉහළින් වාසය කරන තැනැත්තෙක් සිටියි.+ පොළොවේ සියලු වැසියන් ඔහු ඉදිරියේ තණකොළ පෙත්තන් මෙනි. ඔහු අහස්තලය ඇතිරිල්ලක් මෙන් දිගහැර කූඩාරමක් මෙන් එය පිහිටුවන්නේය.+ 23 දෙවි පාලකයන්ව පහත් කරන්නේය. විනිශ්චයකරුවන්ව බලයෙන් පහ කර දමන්නේය.+
24 පැළ සිටුවන්නවත් බීජ වපුරන්නවත් පැළෑටි හටගෙන මුල් අදින්නවත් අවස්ථාවක් නොලැබෙයි.+ හුස්මක් හෙළූ සැණින් ඒ සියල්ල වියළී යන්නේය.+ කුණාටුවට පිදුරු ගසාගෙන යන්නාක් මෙන් ඔවුන්ද ගසාගෙන යනු ඇත.+
25 “මට සමාන කළ හැකි කිසිවෙකු සිටියිද” කියා ශුද්ධ තැනැත්තාණෝ අසන්නේය.+ 26 “අහස දෙස බලන්න. මේ සියල්ල නිර්මාණය කළේ කවුද?+ තාරකා සේනාවක් මෙන් කැඳවන්නාවූ තැනැත්තාණන්ය. ඔහු ඒ සියල්ල ගණන් කර නම් වශයෙන් හඳුන්වන්නේය.+ ඔහු සතු අතිමහත් බලය+ හා ශක්තිය නිසා ඉන් එකක්වත් නැති නොවෙයි.
27 “යාකොබ්ගේ පුත්‍රයෙනි, ‘යෙහෝවා දෙවිට මගේ තත්වය පෙනෙන්නේ නැත.+ මට යුක්තිය ඉටු කර දීමට මගේ දෙවිට අමතක වී ඇත’+ කියා ඔබ පවසන්නහුය. ඊශ්‍රායෙල්වරුනි, ඔබ එසේ පැමිණිලි කරන්නේ මන්ද? 28 මුළු මහත් පොළොවම නිර්මාණය කළ යෙහෝවා දෙවි සදාකාලයෙන් සදාකාලයටම පවතින දෙවි කෙනෙකු+ කියා ඔබ දන්නේ නැද්ද? ඔබ ඒ ගැන අසා නැද්ද?+ ඔහු කිසිවිටෙක විඩාවට පත් වන්නේ නැත. ඔහුට වෙහෙසක් නොදැනෙයි.+ ඔහුගේ ප්‍රඥාව කිසිවෙකුට තේරුම්ගත හැකිද?+ 29 දෙවි විඩාවට පත් වූ අයට සවිය දෙයි.+ හෙම්බත් වූ අයව බොහෝ සෙයින් ශක්තිමත්+ කරයි. 30 තරුණයෝ වෙහෙසට පත් වන්නෝය. පුරුෂයෝ පවා ක්ලාන්ත වී වැටෙන්නෝය. 31 එහෙත් යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන අය+ යළි නැඟිටින්නෝය.+ ඔවුහු තම සවිය වැඩි කරගෙන රාජාලීන් මෙන් ඉහළටම පියාඹන්නෝය.+ ඔවුහු දුවන්නෝය. නමුත් වෙහෙසට පත් නොවෙති. ඔවුහු ඇවිදින්නෝය. නමුත් විඩාවට පත් නොවෙති.”+