ගීතාවලිය
කන්ද නඟින විට ගැයූ ගීතයකි.
132 යෙහෝවා දෙවියනි, දාවිත්ව සිහි කරන්න.+
ඔහු අද්දුටු පීඩා අමතක නොකරන්න.+
2 ඔහු යෙහෝවා දෙවි වන ඔබට
එසේය, යාකොබ්ගේ+ බලවත් දෙවි+ වන ඔබට දිවුරා මෙසේ පොරොන්දු වූ හැටි+ අමතක නොකරන්න.
3 “මාගේ නිවසට මම ඇතුල් නොවන්නෙමි.+
මාගේ යහන වෙතට මම නොයන්නෙමි.+
මාගේ දෙනෙත්වලින් නින්ද පහ කරන්නෙමි.+
5 යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය තැබීමට ස්ථානයක් වෙන් කරන තුරු+
එසේය, යාකොබ්ගේ බලවත් දෙවිගේ තේජවත් කූඩාරම සඳහා ස්ථානයක් වෙන් කරන තුරු මම එසේ සිටින්නෙමි.”+
6 අපට ගිවිසුම් පෙට්ටිය* ගැන එෆ්රාතාහිදී අසන්න ලැබිණ.+
තුරුලියෙන් වට වූ ප්රදේශයකදී එය අපට සම්බ වුණේය.+
9 දෙවියනි, ඔබේ පූජකයෝ ධර්මිෂ්ඨකම නමැති වස්ත්රයෙන් සැරසී සිටිත්වා!+
ඔබේ විශ්වාසවන්ත සේවකයෝ ප්රීති ඝෝෂා නඟත්වා!+
11 යෙහෝවා දෙවි දාවිත්ට දිවුරා පොරොන්දුවක් වුණේය.+
ඔහු ඒ පොරොන්දුව කිසිදා කඩ නොකරන්නේය.+ ඒ පොරොන්දුව මෙසේය.
“ඔබෙන් පැවතෙන්නෙකුව+
ඔබේ සිංහාසනයේ හිඳුවන්නෙමි.+
12 ඔබේ පුත්රයන් මාගේ ගිවිසුම රක්ෂා කර+
මා ඔවුන්ට ලබා දෙන සිහිගැන්වීම්වලට කීකරු වන්නේ නම්,+
ඔවුන්ගේ පුත්රයෝද සදහටම+
ඔබේ සිංහාසනයේ හිඳගනු ඇත.”+
15 මාගේ ආශීර්වාදය එයට ලැබෙන බැවින් එහි ගබඩා ආහාරවලින් පිරී යන්නේය.+
මම එහි වෙසෙන දිලිඳුන්ට ආහාර සපයා දී ඔවුන්ව තෘප්තිමත් කරන්නෙමි.+
16 එහි පූජකයන්ට ගැලවීම නමැති වස්ත්රය පළඳවන්නෙමි.+
එහි වෙසෙන මාගේ විශ්වාසවන්ත සේවකයෝ නිසැකවම ප්රීති ඝෝෂා නඟනු ඇත.