1 සාමුවෙල්
15 සාමුවෙල්, සාවුල් රජුට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි තම සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ගේ රජු හැටියට ඔබව අභිෂේක කරන්න+ පත් කළේ මාවයි. යෙහෝවා දෙවි කියන දේට දැන් සවන් දෙන්න.+ 2 ස්වර්ගයේ සේනාවල අධිපති+ වන යෙහෝවා දෙවි මෙසේ පැවසුවා. ‘ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවෙන් පිටතට එන විට අමලෙක්වරු ඔවුන්ට විරුද්ධව නැඟී සිටි නිසා+ මම දැන් ඔවුන්ට දඬුවම් කරන්නෙමි.+ 3 ඔබ අමලෙක්වරුන්ට පහර දී+ ඔවුන්වද ඔවුන්ට අයිති සියලු දේද සහමුලින්ම විනාශ කළ යුතුයි.+ ඔවුන්ට කිසිම අනුකම්පාවක් නොපෙන්වන්න. ඔබ ඔවුන් සියලුදෙනාවම මරා දමන්න.+ පුරුෂයන්වද ස්ත්‍රීන්වද දරුවන්වද ළදරුවන්වද+ ඔවුන්ගේ ගවයන්වද බැටළුවන්වද ඔටුවන්වද බූරුවන්වද විනාශ කර දමන්න.’”+ 4 පසුව සාවුල් රජ, තෙලායිම්+ නම් ස්ථානයේදී මිනිසුන්ව එක් රැස් කර ඔවුන්ව ගණන් කළේය. පාබළ හමුදාවේ මනුෂ්‍යයෝ දෙලක්ෂයක් සිටියෝය. යූදා ගෝත්‍රයට අයත් මනුෂ්‍යයෝ දසදහසක් සිටියෝය.+
5 සාවුල් රජ අමලෙක්වරුන්ගේ නුවර දක්වා ගොස් ඒ අසල තිබූ නිම්නයේ සැඟවී සිටියේය. 6 ඔහු එහි සිටි කේනිවරුන්ට+ මෙසේ කීවේය. “ඊජිප්තුවෙන් පිටත්ව එන විට+ ඔබ ඊශ්‍රායෙල් සෙනඟට ප්‍රේමණීයව* සැලකුවා.+ ඒ නිසා අමලෙක්වරුන්ව විනාශ කරන්න කලින් ඔබ මෙහෙන් යන්න.+ නැත්නම් ඔබත් ඔවුන් සමඟ විනාශ වෙයි. ඒ නිසා ඔබ මෙතැනින් පිටත්ව යන්න.” එබැවින් කේනිවරු අමලෙක්වරුන් අතරින් ඉවත්ව ගියෝය. 7 ඉන්පසු සාවුල් රජ, හවිලා+ සිට ඊජිප්තු දේශයට යාබදව පිහිටි ෂුර්+ දක්වා අමලෙක්වරු+ පසුපස ලුහුබැඳ ගොස් ඔවුන්ට පහර දුන්නේය. 8 සාවුල් රජ අමලෙක්වරුන්ගේ රජු වන ආගග්ව+ අල්ලාගත්තේය. අන් සියලුදෙනාවම ඔහු කඩුවෙන් මරා දැමුවේය.+ 9 සාවුල් රජද ඊශ්‍රායෙල් සෙනඟද ආගග්ට අනුකම්පාව පෙන්වමින් ඔහුව නොමරන්න තීරණය කළෝය. එමෙන්ම එළු හා ගව රැළේ හොඳ තර සතුන්වද බැටළුවන්වද මරා දැමීමට ඔවුහු අකමැති වූහ.+ ප්‍රයෝජනයට ගත හැකි සියලු දේද ඔවුහු විනාශ නොකළෝය.+ නමුත් කිසි වටිනාකමක් නැති සෑම දෙයක්ම ඔවුහු සහමුලින්ම විනාශ කළෝය.
10 පසුව යෙහෝවා දෙවි සාමුවෙල්ට මෙසේ කීවේය. 11 “සාවුල් මා පැවසූ ලෙස කළේ නැත.+ ඔහු මාව අත්හැර තිබේ.+ ඔහුව රජකමට පත් කිරීම ගැන මම කනගාටු වෙමි.”+ මෙය ඇසූ විට සාමුවෙල් බොහෝ සෙයින් දුක් වී+ මුළු රාත්‍රියේම හඬමින් යෙහෝවා දෙවිට ඒ ගැන යාච්ඤා කළේය.+ 12 සාමුවෙල් පසුවදා උදෑසනින්ම අවදි වී සාවුල් රජුව හමු වීමට පිටත්ව ගියේය. ඒ අතරතුර සාමුවෙල්ට මේ ආරංචිය ලැබිණ. “සාවුල් රජු, කර්මෙල්+ වෙත ඇවිත් ඔහුගේ නමින් ස්මාරකයක් ඉදි කළා.+ ඊටපස්සේ ඔහු නැවත ගිල්ගාල් වෙත ගියා.” 13 ඉන්පසු සාමුවෙල්, සාවුල් රජු සිටි ස්ථානයට පැමිණියේය. සාමුවෙල් පැමිණි විට සාවුල් රජ ඔහුට මෙසේ කීවේය. “යෙහෝවා දෙවිගෙන් ඔබට ආශීර්වාද ලැබේවා!+ යෙහෝවා දෙවි පැවසූ දේ මම කළා.”+ 14 නමුත් සාමුවෙල්, “එහෙනම් මට මේ එළුවන්, බැටළුවන් සහ ගවයන් කෑගසන ශබ්දයක් ඇහෙන්නේ කොහොමද”+ කියා ඔහුගෙන් ඇසුවේය. 15 එවිට සාවුල් රජ මෙසේ කීවේය. “ඒ කෑගහනවා ඇහෙන්නේ අමලෙක්වරුන්ගේ සත්ව රැළේ හිටිය හොඳම එළුවන්, බැටළුවන් සහ ගවයන්. උන්ව මරන්න සෙනඟ කැමති වුණේ නැහැ.+ ඔබේ දෙවි වන යෙහෝවාට පූජා ලෙස ඔප්පු කරන්නයි උන්ව තියාගත්තේ.+ අනික් සෑම දෙයක්ම අපි සම්පූර්ණයෙන්ම විනාශ කළා.” 16 එවිට සාමුවෙල්, සාවුල් රජුට මෙසේ කීවේය. “ඔය කතාව දැන් නවත්වගන්න! ඊයේ රෑ යෙහෝවා දෙවි මට පැවසූ දේ+ දැන් මම ඔබට කියන්නම්.” එවිට සාවුල් රජ, “කියන්න” යයි කීවේය.
17 සාමුවෙල් මෙසේ කීවේය. “ඔබ කිසි වැඩකට නැති කෙනෙක් කියා ඔබම සිතූ වෙලාවක+ නොවෙයිද ඔබව ඊශ්‍රායෙල්හි ගෝත්‍රවල නායකයා හැටියට පත් කළේ? යෙහෝවා දෙවි ඔබව ඊශ්‍රායෙල්හි රජු හැටියට අභිෂේක කළේ+ ඔබ එවැනි තත්වයක සිටින විට නොවේද? 18 පසුව යෙහෝවා දෙවි ඔබට මෙසේ පැවසුවා. ‘ඔබ පව්කාර අමලෙක්වරුන්ව සහමුලින්ම විනාශ කරන්න.+ ඔවුන් සියලුදෙනාම විනාශ වෙන තෙක් ඔවුන්ට විරුද්ධව සටන් කරන්න.’+ 19 එහෙමනම් ඇයි ඔබ යෙහෝවා දෙවිගේ වචනයට අකීකරු වුණේ? කෑදර විදිහට කොල්ල කා ගත් දේ+ මතට කඩාපැන ඔබ යෙහෝවා දෙවි ඉදිරියේ මේ වගේ නපුරු දෙයක් කළේ ඇයි?”+
20 එවිට සාවුල් රජ සාමුවෙල්ට මෙසේ කීවේය. “මම යෙහෝවා දෙවි පැවසූ දේට කීකරු වුණා.+ යෙහෝවා දෙවි මට කියූ විදිහටම මම අමලෙක්වරුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කළා.+ මම රැගෙන ආවේ ඔවුන්ගේ රජු වන ආගග්ව+ විතරයි. 21 විනාශ කරන්න නියම කළ හොඳම බැටළුවන් සහ ගවයන්ව තියාගත්තේ සෙනඟ.+ ඔවුන් ගිල්ගාල්හිදී+ ඔබේ දෙවි වන යෙහෝවාට පූජා ලෙස ඔප්පු කරන්නයි+ උන්ව තියාගත්තේ.”
22 එවිට සාමුවෙල් මෙසේ කීවේය. “යෙහෝවා දෙවි කැමති තමාට යාග හා දවන පූජා ඔප්පු කරනවාටද+ නැත්නම් තමාට කීකරුකම+ පෙන්වනවාටද? පූජාවලට වඩා කීකරුකම වටිනවා.+ බැටළුවන්ගේ තෙලට+ වඩා යෙහෝවා දෙවිගේ හඬට සවන් දීම වටිනවා. 23 කැරලිකාරකම+ පේන කීම තරම්ම බරපතළ පාපයක්.+ අහංකාරකම* මන්තර ගුරුකම් හා රූපවලට*+ නමස්කාර කිරීම තරම්ම දුෂ්ටකමක්. ඔබ යෙහෝවා දෙවිගේ වචනය ප්‍රතික්ෂේප කළ නිසා+ ඔහුද ඔබව ප්‍රතික්ෂේප කර රජකමෙන් පහ කරනවා.”+
24 පසුව සාවුල් රජ සාමුවෙල්ට මෙසේ කීවේය. “මම කළේ පාපයක්.+ මම සෙනඟට භය වී+ ඔවුන්ගේ කැමැත්තට ඉඩ දුන්නා. ඒ නිසයි මම ඔබ කියූ විදිහට දේවල් නොකර යෙහෝවා දෙවිගේ අණ කඩ කළේ. 25 අනේ, දැන් මාත් එක්ක එන්න. ඔබ ආවොත් මට යෙහෝවා දෙවි ඉදිරියේ වැඳ වැටී+ ඔහුගේ අනුමැතිය අයැදින්න පුළුවන්.”+ 26 නමුත් සාමුවෙල්, “නැහැ, මම ඔබ සමඟ එන්නේ නැහැ. ඔබ යෙහෝවා දෙවිගේ වචනය ප්‍රතික්ෂේප කළා. ඒ නිසා යෙහෝවා දෙවිත් දැන් ඔබව ප්‍රතික්ෂේප කර ඊශ්‍රායෙල්හි රජකමෙන් ඔබව පහ කරනවා”+ කියා සාවුල් රජුට කීවේය. 27 සාමුවෙල් පිටත්ව යන්න හැරුණු විට සාවුල් රජ ඔහුව නවත්වන්න උත්සාහ කරමින් ඔහු ඇඳ සිටි අත් නැති සළුවෙන් ඇද්දේය. එවිට සළුව ඉරී ගියේය.+ 28 සාමුවෙල්, සාවුල් රජුට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි අද ඊශ්‍රායෙල්හි රාජ්‍යයද ඔබේ අතින් උදුරාගන්නවා.*+ ඔහු ඔබට වඩා යහපත් කෙනෙකුට රාජ්‍යය භාර දෙයි.+ 29 ඊශ්‍රායෙල්හි ශ්‍රේෂ්ඨ තැනැත්තා+ තමන් කියූ දෙයක් කවදාවත් ඉෂ්ට නොකර ඉන්නේ නැහැ.+ ඔහු තමන් ගත් තීරණ ගැන පසුතැවෙන්නෙත් නැහැ. පසුතැවෙන්න ඔහු මනුෂ්‍යයෙක් නොවෙයි.”+
30 එවිට සාවුල් රජ මෙසේ කීවේය. “මම කළේ පාපයක්. අනේ, දැන් වැඩිමහල්ලන් ඉදිරියෙත් මගේ සෙනඟ ඉදිරියෙත් මට ගෞරව කරන්න.+ මාත් සමඟ යන්න එන්න. ඔබ ආවොත් මට යෙහෝවා දෙවි ඉදිරියේ වැඳ වැටී ඔහුගේ අනුමැතිය අයැදින්න පුළුවන්.”+ 31 එබැවින් සාමුවෙල් ආපසු හැරී සාවුල් රජු සමඟ ගියේය. සාවුල් රජද යෙහෝවා දෙවි ඉදිරියේ වැටී නමස්කාර කළේය. 32 ඉන්පසු සාමුවෙල්, “අමලෙක්වරුන්ගේ රජු වන ආගග්ව මා ළඟට ගෙනෙන්න” යයි කීවේය. ආගග්, සාමුවෙල් වෙතට යෑමට මැළි විය. නමුත් ඔහුව එතැනට ගෙන ගිය විට, ‘මාව මරන එකක් නැහැ’ කියා ඔහු සිතුවේය. 33 එහෙත් සාමුවෙල්, “ඔබ කඩුවෙන්+ දරුවන්ව මරා ඔවුන්ගේ මව්වරුන්ව දුකට පත් කළ ලෙසම අද ඔබේ මවත්+ මහත් සේ දුකට පත් වෙනවා”+ යයි කියමින් ආගග්ව කෑලි කෑලිවලට කපා දැමුවේය. මෙසේ සාමුවෙල් ගිල්ගාල්හිදී යෙහෝවා දෙවි ඉදිරියේ ආගග්ව මරා දැමුවේය.+
34 පසුව සාමුවෙල් රාමා බලා පිටත් විය. සාවුල් රජද තම නිවස තිබූ ස්ථානය වන ගිබෙයා+ වෙත ගියේය. 35 සාමුවෙල් මිය යන තෙක්ම නැවත සාවුල්ව දුටුවේ නැත. මන්ද ඔහු සාවුල් ගැන දුක් වුණේය.+ යෙහෝවා දෙවිද සාවුල්ව ඊශ්‍රායෙල්හි රජු ලෙස පත් කළ බැවින් කනගාටු විය.+