ගීතාවලිය
දාවිත්ගේ යාච්ඤාවකි.
86 අනේ යෙහෝවා දෙවියනි, මට සවන් දී මාගේ යාච්ඤාවට පිළිතුරු දෙන්න.+
බොහෝ පීඩාවන් නිසා මම අන්ත අසරණ තත්වයකට පත්ව සිටිමි.+
2 මාව ආරක්ෂා කරන්න. මන්ද මම ඔබට විශ්වාසවන්තව සිටිමි.+
ඔබ මාගේ දෙවිය. ඔබ කෙරෙහි විශ්වාසය තබා සිටින ඔබේ සේවකයාව ගලවාගන්න.+
9 යෙහෝවා දෙවියනි, ඔබ ජීවිතය දුන් සියලු ජාතීහු ඇවිත්+
ඔබ ඉදිරියේ වැඳ වැටෙනු ඇත.+
ඔවුහු ඔබේ නාමය ගෞරවයට පත් කරනු ඇත.+
11 යෙහෝවා දෙවියනි, ඔබේ මාර්ගය ගැන මට උගන්වන්න.+
මම ඔබේ සත්‍ය මාර්ගයෙහි ගමන් කරන්නෙමි.+
මාගේ මුළු සිතින්ම ඔබේ නාමය කෙරෙහි ගරුබියක් ඇතුව සිටීමට මට උපකාර කරන්න.+
12 යෙහෝවා, මාගේ දෙවියනි, මාගේ මුළු සිතින්ම මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.+
සැමදා ඔබේ නාමය ගෞරවයට පත් කරන්නෙමි.
13 ඔබ මට පෙන්වන ප්‍රේමය* මොන තරම්ද!+
ඔබ මාව මිනී වළෙන් ගලවාගත්තෙහිය.+
14 දෙවියනි, උඩඟු අය මට විරුද්ධව නැඟී සිටිති.+
කුරිරු පාලකයෝ එක්ව මාව මරා දැමීමට සොයති.+
ඔවුහු කිසිවිටක ඔබව ගණන් නොගනිති.+
15 නමුත් යෙහෝවා දෙවියනි, ඔබ දයාන්විතය. කරුණාවන්තය.+
ඔබ කෝප වීමට ඉක්මන් නොවන්නෙහිය.+ සැමවිටම විශ්වාසවන්තව ක්‍රියා කරන්නෙහිය. ඔබ පෙන්වන ප්‍රේමය* අතිමහත්ය.+