ක්‍රියා
4 ඔවුන් දෙදෙනා ජනයාට කතා කරමින් සිටියදී නායක පූජකයෝද දේවමාලිගාවේ වැඩකටයුතු බලා කියා ගත් ප්‍රධානියාද+ සද්දුසිවරුද*+ ඔවුන් වෙතට කඩාවැදුණෝය. 2 ඒ වන විට ඔවුන් දෙදෙනා ජනයාට උගන්වමින්ද යේසුස්ගේ නැවත නැඟිටීම උදාහරණයකට ගෙන මිය ගිය අයට නැවත නැඟිටීමක් ඇති බව පැහැදිලිව ප්‍රකාශ කරමින්ද සිටි නිසා ඔවුහු කුපිතව සිටියෝය.+ 3 ඔවුහු ඔවුන්ව අල්ලාගත් අතර සවස් වී තිබූ නිසා පසුවදා වන තුරු ඔවුන්ව අත්අඩංගුවේ තබාගත්හ.+ 4 නමුත් පැවසූ දේවලට සවන් දී සිටි අයගෙන් බොහෝදෙනෙකු ඒවා විශ්වාස කළ අතර+ ගෝලයන්ට එකතු වූ පුරුෂයන්ගේ ගණන පන්දහසක් දක්වා වැඩි විය.+
5 පසුවදා යෙරුසලමේදී යුදෙව් පාලකයන්ගේද වැඩිමහල්ලන්ගේද නීතිය පිටපත් කරන්නන්ගේද රැස්වීමක් පවත්වන ලදි.+ 6 (මෙම රැස්වීමට නායක පූජකයා වූ අන්නස්ද+ කායෆස්ද+ යොහන්ද ඇලෙක්සැන්ඩර්ද නායක පූජකයාගේ නෑදෑයෝද සහභාගි වූහ.) 7 ඔවුහු යේසුස්ගේ එම නියෝජිතයන්* දෙදෙනාව තමන් ඉදිරියට ගෙනැවිත්, “ඔබ මේ දේ කළේ කාගේ අවසරයෙන්ද? කාගේ නාමයෙන්ද”+ කියා ඇසූහ. 8 එවිට පේතෘස් තුළ දෙවිගේ බලය ප්රබලව ක්‍රියාත්මක වී+ ඔහු මෙසේ කීවේය.
“පාලකයෙනි, වැඩිමහල්ලෙනි, 9 අද ඔබ අපෙන් ප්‍රශ්න කරන්නේ ඇවිදින්න බැරි මිනිසෙකුට යහපත් ක්‍රියාවක් කළ නිසාද?+ නැත්නම් ඔහුව සුව කළේ කොහොමද කියා දැනගැනීමටද? එහෙමනම්, 10 මේ මිනිසා ඔබ ඉදිරියේ සුවය ලබා සිටගෙන සිටින්නේ, ඔබ කණුවක ඇණ ගසා මරා දැමූ+ නමුත් දෙවි මරණයෙන් නැඟිටෙවූ+ නාසරෙත් නුවරින් පැමිණි යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙනුයි.+ ඒ බව ඔබ සියලුදෙනාත් මුළු ඊශ්‍රායෙලයේ ජනතාවත් දැනගත යුතුයි. 11 මේ යේසුස්, ‘ඉදි කරන්නන් වන ඔබ විසින් කිසි වැදගැම්මකට නැතැයි සලකනු ලැබූ ගලයි. එය දැන් ප්‍රධාන ගල වී තිබෙනවා.’+ 12 ඇත්තෙන්ම වෙන කිසිවෙකු තුළින් ගැලවීම ලබාගත නොහැකියි. මන්ද අපව ගැලවීමට+ ඔහු මිස වෙනත් කිසි කෙනෙකුව*+ දෙවි අප අතරින් තෝරාගෙන නැහැ.”
13 පේතෘස් සහ යොහන් නිර්භීත ලෙස කතා කරනවා දුටු ඔවුහු පුදුම වූහ. ඊට හේතුව ඔවුන් දෙදෙනා වැඩිදුර අධ්‍යාපනයක් නොලැබූ, සාමාන්‍ය මිනිසුන්+ බව ඔවුන් දැන සිටීමය. එහෙයින් ඒ මිනිසුන් දෙදෙනා යේසුස් සමඟ ඇසුරු කළ අය බව ඔවුන්ට අවබෝධ විය.+ 14 ඒ අවස්ථාවේදී එතැන සුවය ලැබූ මිනිසාද සිටි නිසා+ ඔවුන් පැවසූ දෙයට විරුද්ධව කිසිවක් කියන්න ඔවුන්ට නොහැකි විය.+ 15 එහෙයින් ඔවුහු රැස්ව සිටි ශාලාවෙන් ඔවුන්ට පිටතට යන්න කියා අණ කර තම තමන් අතරේ, 16 මෙසේ සාකච්ඡා කළෝය. “අපි මේ මිනිසුන්ට මොනවාද කරන්නේ?+ ඇත්තෙන්ම ඔවුන් කළේ පුදුමසහගත ක්‍රියාවක්. යෙරුසලමේ සියලු වැසියන් අතරත් එය ප්‍රසිද්ධ වෙලා.+ ඒ නිසා එහෙම දෙයක් සිදු වුණේ නැහැ කියා කියන්න අපට බැහැ. 17 හැබැයි මේ දේ ජනතාව අතර තවත් පැතිරෙන එක නම් නවත්වන්න ඕනේ. ඒ නිසා අපි ඔවුන්ට තර්ජනය කර ඒ නාමයෙන් කිසිම කෙනෙකුට නැවත කතා කරන්න එපා කියා කියමු.”+
18 ඉන්පසු ඔවුහු ඔවුන්ව කැඳවා, කොතැනකවත් යේසුස් ගැන කිසිවක් කතා කරන්නවත් ඔහු ගැන උගන්වන්නවත් එපා කියා අණ කළෝය. 19 නමුත් පේතෘස් සහ යොහන් ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නෝය. “දෙවිට සවන් දෙනවාට වඩා ඔබට සවන් දීම දෙවි ඉදිරියෙහි හරිද කියා ඔබම තීරණය කරන්න. 20 නමුත් අප ඇසූ දුටු දේ ගැන කතා කරන එක නතර කරන්න නම් අපට බැහැ.”+ 21 ඉන්පසු ඔවුහු ඔවුන්ට තවත් තර්ජනය කර ඔවුන්ව නිදහස් කළෝය. ඔවුන් එසේ කළේ ඔවුන්ට දඬුවම් කිරීමට කිසිම පදනමක් සොයාගත නොහැකි වූ නිසාය. එමෙන්ම සිදු වූ දේ ගැන ජනතාව දෙවිට ප්‍රශංසා කරමින් සිටි නිසා ඔවුහු ජනතාවට බියෙන් වෙන කිසිවක් නොකළෝය.+ 22 එසේ ආශ්චර්යවත් ලෙස සුවය ලැබූ මිනිසා වයසින් අවුරුදු හතළිහකට වඩා වැඩි කෙනෙකි.
23 ඔවුහු නිදහස් වූ පසු අනිකුත් ගෝලයන් වෙතට ගොස්+ නායක පූජකයන් සහ වැඩිමහල්ලන් ඔවුන්ට පැවසූ සියල්ල දැන්වූහ. 24 එය ඇසූ ඔවුහු එකට එකතු වී දෙවිට මෙසේ යාච්ඤා කළෝය.+
“විශ්වයේ පාලකයාණෙනි,+ අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් සෑදුවේ ඔබයි.+ 25 අපේ මුතුන්මිත්තෙක් වන ඔබේ සේවකයා වූ දාවිත් ඔබේ බලය ලබා එහි මඟ පෙන්වීම ඇතුව පැවසූ දෙයක්+ අපේ මතකයට නැඟෙයි. එනම්, ‘සියලු ජාතීන් කැලඹී සිටින්නේ මන්ද? ජනයා පලක් නැති දේවල් ගැන කල්පනා කරමින් සිටින්නේ මන්ද?+ 26 යෙහෝවා දෙවිටත් ඔහුගේ අභිෂේක ලත් තැනැත්තාටත් විරුද්ධව පොළොවේ රජවරු නැඟී සිටියෝය. පාලකයෝද එකට රැස් වූහ.’+ 27 ඇත්තටම සිදු වුණේ ඒ දෙයයි. මන්ද හෙරොද් සහ පොන්තියුස් පිලාත්+ යන දෙදෙනාම, වෙනත් ජාතීන් හා ඊශ්‍රායෙල්හි ජනතාව සමඟ මේ නගරයේදී රැස් වුණේ ඔබ අභිෂේක කළ+ ඔබේ ශුද්ධ සේවක+ යේසුස්ට විරුද්ධව නැඟී සිටින්නයි. 28 ඒ සෑම දෙයක්ම සිදු විය යුතුයි කියා ඔබ කලින්ම තීරණය කර තිබුණා.+ ඒවා සිදු වුණේ ඔබේ මහත් බලයෙන් හා ඔබේ කැමැත්තට එකඟවයි. 29 යෙහෝවා දෙවියනි, ඔවුන් කරන තර්ජන දෙස බලන්න.+ ඔබේ දාසයන්ට කිසිම බියක් සැකක් නැතුව ඔබ පවසන දේවල් දිගටම කතා කරන්න හැකියාව ලබා දෙන්න.+ 30 ඔබේ මහත් බලයෙන් සුව කිරීම් නොකඩවා කරන්න. ඒ වගේම ඔබේ ශුද්ධ සේවකයා+ වන යේසුස්ගේ නාමයෙන්+ දිගටම ආශ්චර්යයන් සහ ලකුණු සිදු කරන්න කියාත්+ අපි ඔබෙන් ඉල්ලනවා.”
31 ඔවුන් දෙවිට මෙසේ කන්නලව් කළ පසු ඔවුන් රැස්ව සිටි ස්ථානය දෙදරුම් කෑවේය.+ එවිට සියලුදෙනා තුළම දෙවිගේ බලය ඉතා ප්‍රබල ලෙස ක්‍රියාත්මක වී+ ඔවුහු දෙවි පැවසූ දේවල් නිර්භීතව කතා කරන්න පටන්ගත්තෝය.+
32 විශ්වාසයක් ඇතුව සිටි සියලුදෙනාම එකමුතුව සමඟියෙන් කටයුතු කළෝය.+ ඔවුහු තමන් සතු දේවල් එකිනෙකා අතරේ බෙදාගත් නිසා+ තමාට අයිති දෙයක් තමාගේ කියා කිසිවෙක් පැවසුවේ නැත. 33 මේ අතර යේසුස්ගේ නියෝජිතයෝ තම ස්වාමීන් වන යේසුස්ගේ නැවත නැඟිටීම ගැන ඉතා ප්‍රබල ලෙස නොකඩවා සාක්ෂි දරමින් සිටියෝය.+ එමෙන්ම සියලුදෙනාටම දෙවිගේ මහත් කරුණාව නොඅඩුව ලැබිණ. 34 ඇත්තෙන්ම අගහිඟකම් ඇති කිසිවෙක් ඔවුන් අතරේ සිටියේ නැත.+ මන්ද ගෙවල් දොරවල් වතුපිටි අයිති සියලුදෙනා ඒවා විකුණා, එයින් ලැබූ මුදල් ගෙනැවිත්, 35 නියෝජිතයන්ට භාර දුන්නෝය.+ එවිට අවශ්‍යතා ඇති අය අතරේ එම මුදල් නිසි ලෙස බෙදා දෙන ලදි.+ 36 මේ අතර යෝසෙප් නම් මිනිසෙක් සිටියේය. සයිප්‍රස් දූපතේ වැසියෙකු වූ ඔහු ලෙවීවරයෙකු වූ අතර නියෝජිතයන් ඔහුට බානබස්+ යන වාසගම දී තිබිණ. එහි තේරුම නම් ‘සැනසිල්ලේ පුත්‍රයාය’ යන්නයි. 37 ඉඩමක් අයිතිව සිටි ඔහු, එය විකුණා එයින් ලබාගත් මුදල් නියෝජිතයන්ට භාර දුන්නේය.+