හිතෝපදේශ
ප්‍රඥාවන්ත පුතෙක් තම පියාව ප්‍රීතියට පත් කරයි.+ නමුත් අඥාන පුතෙකු තම මවට ශෝකයකි.+ 2 දුෂ්ටයාගේ වස්තුවෙන් කිසි ප්‍රයෝජනයක් නැත.+ මරණයෙන් ගලවනු ලබන්නේ ධර්මිෂ්ඨ ලෙස හැසිරෙන පුද්ගලයාවයි.+ 3 යෙහෝවා දෙවි ධර්මිෂ්ඨ තැනැත්තාව කුසගින්නේ නොතබයි.+ නමුත් දුෂ්ටයන්ගේ ආශාවන් ඔහු ඉෂ්ට නොකරයි.+
4 අලසකමින් වැඩ කරන්නා දිලිඳුකමට වැටෙයි.+ නමුත් උත්සාහවන්තයා පොහොසත් වෙයි.+
5 අස්වැන්න නෙළන කාලයේදී බර නින්දක පසු වන පුත්‍රයා තම දෙමාපියන්ට ලැජ්ජාවකි.+ නමුත් බුද්ධිමත්ව කටයුතු කරන පුත්‍රයා ගිම්හානයේ අස්වැන්න රැස් කරගනියි.
6 ආශීර්වාද ලැබෙන්නේ ධර්මිෂ්ඨයාටය.+ එහෙත් දුෂ්ටයා තම වචනවලින් දරුණු චේතනා සඟවයි.+ 7 ධර්මිෂ්ඨයාගේ හොඳ නම සැමදා සිහි වෙයි.+ නමුත් දුෂ්ටයාගේ නම ඇසීමත් පිළිකුලකි.+
8 ප්‍රඥාවන්තව සිතන තැනැත්තා අණ පිළිපැදීමට කැමැත්තක් දක්වයි.+ එහෙත් අඥානව කතා කරන තැනැත්තාව පාගා දමනු ලැබේ.+
9 දෙවිට විශ්වාසවන්තව සිටින තැනැත්තා සුරක්ෂිතව ගමන් කරයි.+ එහෙත් වංකකමින් කටයුතු කරන්නාගේ ක්‍රියා හෙළි වෙයි.+
10 රැවටිලිකාර ලෙස ඇස්වලින් ඉඟි කරන්නා වේදනාව ඇති කරයි.+ අඥානව කතා කරන තැනැත්තාව පාගා දමනු ලැබේ.+ 11 ධර්මිෂ්ඨයාගේ වචන ජීවනය ගෙන දෙයි.+ එහෙත් දුෂ්ටයා තම වචනවලින් දරුණු චේතනා සඟවයි.+
12 වෛරයෙන් දබර හටගනියි.+ නමුත් ප්‍රේමය සියලු වැරදි අමතක කර දමයි.+
13 හොඳ අවබෝධයකින් කටයුතු කරන තැනැත්තා ප්‍රඥාවන්තව කතා කරයි.+ එහෙත් වේවැල සාදා තිබෙන්නේ අඥානයාට තළන්නයි.+
14 ප්‍රඥාවන්තයා දැනුම වස්තුවක් සේ රැකගනී.+ එහෙත් අඥානයාගේ මුඛය ඉක්මනින්ම ඔහුව විනාශයට පමුණුවයි.+
15 ධනවතෙකුගේ වටිනා දේවල් ඔහුට බලකොටුවකි.+ දිලිඳුන්ගේ නාස්තියට හේතු වන්නේ ඔවුන්ගේ දිලිඳුකමයි.+
16 ධර්මිෂ්ඨයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් ඔහුට ජීවනය අත් වෙයි.+ එහෙත් දුෂ්ටයා තමා උපයාගත් දේ නිසා පාපයට පෙලඹෙයි.+
17 හික්මවීමට ප්‍රිය කරන්නා අන් අයව ජීවනයට මඟ පෙන්වයි.+ නමුත් අවවාදයට පිටු පාන්නා අනුන්ව නොමඟ යවයි.+
18 බොරු වචනවලින් කෙනෙකු තම වෛරය සඟවයි.+ අනුන් ගැන අපහාසාත්මක කතා පතුරුවන්නා අඥානයෙකි.+
19 කතාබහ වැඩි වූ විට වරදකට හසු වීමේ ඉඩකඩද වැඩිය.+ එහෙත් බුද්ධිමත් තැනැත්තා තම වචන කල්පනාකාරීව හසුරුවයි.+
20 ධර්මිෂ්ඨයාගේ වචන පවිත්‍ර රිදී මෙනි.+ එහෙත් දුෂ්ටයාගේ සිත කිසි වටිනාකමක් නැති තරම්ය.+
21 ධර්මිෂ්ඨයා තම කතාවෙන් බොහෝදෙනෙකුව ආරක්ෂා කරයි.+ එහෙත් මෝඩයෝ තම අඥානකම්* නිසා මිය යති.+
22 යෙහෝවා දෙවිගේ ආශීර්වාදය සැබෑ වස්තුවකි.+ ඔහු ඊට කිසි වේදනාවක් එක් නොකරයි.+
23 අඥානයා නින්දිතව හැසිරෙන්නේ විනෝදයටයි.+ එහෙත් වටහාගැනීමේ හැකියාව ඇති මිනිසා ප්‍රඥාව සොයා යයි.+
24 දුෂ්ටයා යම් දෙයකට භයින් සිටින්නේද ඔහු පිටට පැමිණෙන්නෙත් ඒ දේමය.+ නමුත් ධර්මිෂ්ඨයන්ගේ ආශා ඉටු කරනු ලැබේ.+ 25 සුළිසුළඟක් හමා අවසන් වන්නාක් මෙන් දුෂ්ටයා පහ වී යයි.+ එහෙත් ධර්මිෂ්ඨයා සදහටම පවතින අත්තිවාරමක් මෙනි.+
26 විනාකිරිවලට දත් හිරිවැටෙන්නාක් මෙන්ද දුමෙන් ඇස් දැවිල්ල ගන්නාක් මෙන්ද අලසයෙකුව සේවයට බඳවාගන්න තැනැත්තාද වේදනා විඳින්නේය.+
27 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටීමෙන් දිගු කල් ජීවත් විය හැකියි.+ නමුත් දුෂ්ටයන්ගේ ජීවිතය කෙටි කරනු ලැබේ.+
28 ධර්මිෂ්ඨයන්ට ඇත්තේ ප්‍රීතිමත් අපේක්ෂාවකි.+ නමුත් දුෂ්ටයන්ගේ බලාපොරොත්තු සුන් වෙයි.+
29 යෙහෝවා දෙවිගේ මාර්ගය නිර්දෝෂ අයට ආරක්ෂාවකි.+ නමුත් නපුරු දේ කරන අයට අත් වන්නේ විනාශයයි.+
30 ධර්මිෂ්ඨයාව සොලවන්න කිසිවෙකුට නොහැක.+ එහෙත් දුෂ්ටයන්ට සැමදාමත් පොළොවේ ජීවත් වීමට ඉඩ නොලැබේ.+
31 ධර්මිෂ්ඨයාගේ මුවින් නික්මෙන්නේ ප්‍රඥාවන්ත වචනය.*+ එහෙත් වංක ලෙස කතා කරන අයව සදහටම නිහඬ කරනු ලැබේ.+
32 ධර්මිෂ්ඨයාගේ මුවින් සිත්ගන්නා වචන පිට වෙයි.+ නමුත් දුෂ්ටයන්ගේ මුඛයෙන් නික්මෙන්නේ දූෂිත අදහස්ය.+