96 යෙහෝවා දෙවිට අලුත් ගීයක් ගයන්න.+
පොළොවේ සියලු ජනයෙනි, යෙහෝවා දෙවිට ගී ගයන්න.+
2 යෙහෝවා දෙවිට ගී ගයන්න. ඔහුගේ නාමයට ප්‍රශංසා කරන්න.+
ඔහු ලබා දෙන ගැලවීම පිළිබඳ ශුභාරංචිය සෑම දිනකම කතා කරන්න.+
3 ඔහුගේ තේජස ගැන ජාතීන් අතරේද+
ඔහු කළ පුදුමාකාර ක්‍රියා ගැන සියලු ජනයා අතරේද ප්‍රකාශ කරන්න.+
4 මන්ද යෙහෝවා දෙවි ශ්‍රේෂ්ඨය.+ ඔහු බොහෝ සෙයින් ප්‍රශංසාව ලැබීමට වටින්නේය.
අන් සියලු දෙවිවරුන්ට වඩා ඔහු කෙරෙහි ගරුබියක් ඇති වන්නේය.+
5 මිනිසුන් නමස්කාර කරන අන් සියලු දෙවිවරුන්ට කිසිවක් කළ නොහැකිය.+
නමුත් යෙහෝවා දෙවි මුළු අහස්තලයම නිර්මාණය කළේය.+
6 ගෞරවයත් තේජශ්‍රීයත් ඔහු ඉදිරියෙහිය.+
ශක්තියත් අලංකාරයත් ඔහුගේ ශුද්ධස්ථානයෙහි ඇත.+
7 පොළොවේ සියලු ගෝත්‍රයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+
යෙහෝවා දෙවිගේ තේජස හා බලය ගැන පසසන්න.+
8 යෙහෝවා දෙවිගේ නාමයට දිය යුතු ගෞරවය දෙන්න.+
සතුටු සිතින් යමක් රැගෙන ඔහුගේ ගෘහයේ මළුවට පැමිණෙන්න.+
9 ශුද්ධ වස්ත්‍රවලින් සැරසී යෙහෝවා දෙවි ඉදිරියේ වැඳ වැටෙන්න.+
පොළොවේ සියලු ජනයෙනි, ඔහු කෙරෙහි ගරුබිය ඇතුව සිටින්න.+
10 “යෙහෝවා දෙවි රජ වී ඇත.+
පොළොවද නොසෙල්වෙන ලෙස ස්ථිරව පිහිටුවා ඇත.+
ඔහු ජනයා වෙනුවෙන් යුක්තිය ඉටු කරනු ඇත”+ කියා ජාතීන් අතරේ ප්‍රකාශ කරන්න.
11 ස්වර්ගය ප්‍රීති වේවා! පොළොව ප්‍රීති ඝෝෂා නඟාවා!+
මුහුදත් එහි ඇති සියල්ලත් ඝෝෂා නඟත්වා!+
12 කෙත්වතුත් එහි ඇති සියල්ලත් සතුටු වේවා!+
වනයේ සියලු ගස්ද යෙහෝවා දෙවි ඉදිරියේ ප්‍රීති ඝෝෂා නඟාවා!+
13 මන්ද ඔහු පැමිණියේය.+
එසේය, ඔහු පොළොව විනිශ්චය කිරීම සඳහා පැමිණියේය.+
ඔහු ධර්මිෂ්ඨකමින් ලෝකයද+
අවංකකමින් ජනයාවද විනිශ්චය කරන්නේය.+