ලූක්
6 එක් සබත් දවසකදී ඔහු ධාන්‍ය කෙත් මැදින් ගමන් කරමින් සිටියේය. ඔහු සමඟ ගිය ඔහුගේ ගෝලයෝ ධාන්‍ය කරල් කඩා+ ඒවා අතින් පොඩි කර කෑවෝය.+ 2 එය දුටු පරිසිවරු පිරිසක්, “සබත් දවසේදී+ කිරීමට තහනම් දෙයක් ඔබ කරන්නේ ඇයි”+ කියා ඇසූහ. 3 එවිට යේසුස් ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “දාවිත් කළ දේ ගැන ඔබ කවදාවත් කියවා නැද්ද?+ තමාටත් තමා සමඟ සිටි මිනිසුන්ටත් බඩගිනි වූ විට ඔහු මොනවාද කළේ?+ 4 ඔහු දෙවිගේ ගෘහයට ඇතුල් වී, පූජකයන්ට මිස වෙන කිසිවෙකුට කෑමට අවසර නොතිබුණු+ පිදීමේ රොටි+ කෑවා. ඉන්පසු ඔහු සමඟ සිටි මිනිසුන්ටත් ඉන් කොටසක් දුන්නා.” 5 ඔහු මෙසේද පැවසුවේය. “සබත් දවසේ කරන දේ ගැන තීරණය කරන්න සම්පූර්ණ බලය ඇත්තේ මනුෂ්‍ය පුත්‍රයාටයි.”+
6 තවත් සබත් දවසකදී+ ඔහු සිනගෝගයකට ඇතුල් වී උගන්වන්න පටන්ගත්තේය. දකුණු අත පණ නැති මිනිසෙක් එහි සිටියේය.+ 7 යේසුස් ඒ මිනිසාව සබත් දවසේදී සුව කරයිද කියා නීතිය පිටපත් කරන්නන් සහ පරිසිවරුන් බලාගෙන සිටියේ+ මහත් ඕනෑකමිනි. ඔවුන් එසේ බලාගෙන සිටියේ ඔහුට විරුද්ධව මොනයම් හෝ චෝදනාවක් එල්ල කිරීමේ අදහසිනි.+ 8 යේසුස් ඔවුන් සිතාගෙන සිටි දේවල් තේරුම්ගෙන+ අතක් පණ නැති මිනිසාට, “නැඟිට, සෙනඟ මැදට එන්න” කියා කීවේය. එවිට ඔහු නැඟිට, සියලුදෙනා ඉදිරියේ සිටගත්තේය.+ 9 ඊළඟට යේසුස් මෙසේ කීවේය. “මම කැමතියි ඔබෙන් ප්‍රශ්නයක් අසන්න. සබත් දවසේදී කළ යුත්තේ මොන වගේ දේවල්ද? හොඳ ක්‍රියාවන්ද+ නැත්නම් නරක ක්‍රියාවන්ද? ජීවිතයක් බේරාගැනීමද නැත්නම් එය නැති කර දැමීමද?”+ 10 ඔහු සියලුදෙනා දෙස බලා ඒ මිනිසාට, “ඔබේ අත දිගු කරන්න” කියා කීවේය. ඔහු අත දිගු කළ විට ඔහුගේ අත සුව විය.+ 11 කෝපයෙන් දැවුණු ඔවුහු එතැන් සිට යේසුස්ට කළ යුත්තේ කුමක්ද කියා තම තමන් අතරේ කතා කරගත්තෝය.+
12 දිනක් යේසුස් යාච්ඤා කිරීමේ අදහසින් කන්දකට ගොස්+ මුළු රාත්‍රිය පුරාම දෙවිට යාච්ඤා කළේය.+ 13 උදෑසන වූ විට ඔහු තම ගෝලයන්ව කැඳවා ඔවුන් අතරෙන් දොළොස්දෙනෙකුව තෝරාගත්තේය. ඔහු ඔවුන්ව හැඳින්වූයේ තම “නියෝජිතයන්”* ලෙසයි.+ ඒ අය නම්, 14 ඔහු පේතෘස්+ යන නමින්ද හැඳින්වූ සීමොන් සහ සීමොන්ගේ සහෝදරයා වූ අන්දෘය. යාකොබ් සහ යොහන්ය.+ ෆිලිප්+ සහ බාතොලමෙව්ය. 15 මතෙව් සහ තෝමස්ය.+ අල්ෆෙවුස්ගේ පුත් යාකොබ් සහ මහත් උද්යෝගයකින් දේවල් කිරීමට ප්‍රසිද්ධව සිටි සීමොන්ය.+ 16 යාකොබ්ගේ පුත් යූදස් සහ පසු කාලයකදී යේසුස්ට ද්‍රෝහි වූ යූදස් ඉස්කාරියොත්+ යන අයයි.
17 යේසුස් ඔවුන් සමඟ කන්දෙන් යම් දුරක් බැස, බෑවුම් නැති සමතලා තැනක් වෙතට ගියේය. එතැනට ඔහුගේ ගෝලයන්ගෙන් විශාල පිරිසක්ද ආවෝය. ඔවුන්ට අමතරව මුළු යුදයෙනුත් යෙරුසලමෙනුත් මුහුදුබඩ පළාත්වල පිහිටි තීර් සහ සීදොන් නමැති පළාත්වලිනුත් විශාල සෙනඟක් එහි සිටියෝය.+ ඔවුන් පැමිණියේ ඔහුට සවන් දීමටත් තම ලෙඩ සුව කරගැනීමටත්ය.+ 18 ඔහු භූතයන්ගේ හිරිහැරවලට ලක් වූ අයව පවා භූතයන්ගේ ග්රහණයෙන් නිදහස් කළේය. 19 රැස්ව සිටි සියලුදෙනා උත්සාහ කළේ යේසුස්ව ස්පර්ශ කිරීමටයි.+ මන්ද ඔහුව ස්පර්ශ කළ විට ඔවුන් සියල්ලන්ටම සුවය ලැබිණ. ඒ සඳහා යේසුස්ගේ ශක්තිය බොහෝ සෙයින් වැය විය.+
20 ඔහු තම ගෝලයන් දෙස බලා ඔවුන්ට මෙසේ කීවේය.+
“ඔබ දිලිඳු වුණත් ඔබ සන්තෝෂවත්.+ මන්ද දෙවිගේ රාජ්‍යය හිමි වන්නේ ඔබටයි.
21 “ඔබ දැන් කුසගින්නෙන් සිටියත් ඔබ සන්තෝෂවත්.+ මන්ද ඔබ තෘප්තිමත් වෙයි.+
“ඔබ දැන් ඇඬුවත් ඔබ සන්තෝෂවත්. මන්ද ඔබට සිනාසෙන්න කාලයක් එයි.+
22 “මනුෂ්‍ය පුත්‍රයා නිසා මිනිසුන් ඔබට වෛර කරයි.+ ඔබව කොන් කරයි. ඔවුන් ඔබට නින්දා කර ඔබ ගැන අගුණ කියමින් ඔබේ හොඳ නමට අගෞරව කරයි.+ ඔබට එවැනි දේවල් සිදු වුණත් ඔබ සන්තෝෂවත්. 23 ඒ දේවල් සිදු වන විට ප්‍රීති වන්න. ප්‍රීතියෙන් ඉපිල යන්න. මන්ද ස්වර්ගයෙහි ඔබට මහත් ත්‍යාගයක් තිබෙයි. කලින් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔවුන්ගේ මුතුන්මිත්තන් ඒ දේවල්ම කළා.+
24 “නමුත් ධනවත් වූ ඔබට අද්දකින්න සිදු වන විපත මොන තරම්ද!+ මන්ද ඔබ දැන් භුක්ති විඳින සැප සම්පත්වලට වඩා තව කිසිවක් ඔබට ලැබෙන්නේ නැහැ.+
25 “දැන් තෘප්තිමත් වී සිටින ඔබට අද්දකින්න සිදු වන විපත මොන තරම්ද! මන්ද ඔබට කුසගින්නෙන් සිටින්න සිදු වෙයි.+
“දැන් සිනාසෙමින් සිටින ඔබට අද්දකින්න සිදු වන විපත මොන තරම්ද! මන්ද ඔබට හඬා වැලපෙන්න සිදු වෙයි.+
26 “සියලුදෙනා ඔබේ ගුණ වර්ණනා කළත් ඔබට අද්දකින්න සිදු වන විපත මොන තරම්ද! මන්ද ඒ සියලුදෙනාගේ මුතුන්මිත්තනුත් බොරු අනාගතවක්තෘවරුන්ව ඒ හා සමානව වර්ණනා කළා.+
27 “සවන් දෙමින් සිටින ඔබට යමක් කියන්න මම කැමතියි. එනම් ඔබේ සතුරන්ට නොකඩවා ප්‍රේම කරන්න.+ ඔබට වෛර කරන අයට යහපත් දේවල් කරන්න.+ 28 ඔබට ශාප කරන අයට දෙවිගේ ආශීර්වාද පතන්න. ඔබට නින්දා කරන අය වෙනුවෙන් යාච්ඤා කරන්න.+ 29 යමෙක් ඔබේ එක් කම්මුලකට ගැසුවොත්+ ඔහුට අනික් කම්මුලත් හරවන්න. යමෙක් ඔබේ පිට වස්ත්‍රය ගෙන ගියොත්+ ඔහුට ඔබේ ඇතුල් වස්ත්‍රය වුණත් දෙන්න පසුබට නොවන්න. 30 ඔබෙන් යමක් ඉල්ලන සියල්ලන්ට එය දෙන්න.+ ඔබට අයිති දේවල් ඔබෙන් ගන්නා තැනැත්තාගෙන් ඒවා නැවත නොඉල්ලන්න.
31 “අනුන් ඔබට කරනවාට ඔබ කැමති දේ එලෙසින්ම ඔවුන්ටත් කරන්න.+
32 “ඔබට ප්‍රේම කරන අයටම ඔබ ප්‍රේම කරනවා නම් එහි ඇති විශේෂත්වය කුමක්ද? පව්කාර මිනිසුන් වුණත් තමන්ට ප්‍රේම කරන අයට ප්‍රේම කරනවා.+ 33 ඔබට යහපත් දේවල් කරන අයටම ඔබ යහපත් දේවල් කරනවා නම් එහි ඇති විශේෂත්වය කුමක්ද? පව්කාර මිනිසුන් වුණත් එසේම කරනවා.+ 34 ගත් ණයක් ආපසු ගෙවා දමනවා කියා ඔබට විශ්වාස කෙනෙකුට ඔබ පොලී අය නොකර ණයක් දෙනවා නම්+ එහි ඇති විශේෂත්වය කුමක්ද? පව්කාර මිනිසුන් වුණත් ගත් ණයක් ආපසු ගෙවා දමනවා කියා විශ්වාස තවත් පව්කාර අයට පොලී අය නොකර ණය දෙනවා.+ 35 නමුත් ඔබ ඊට වඩා වෙනස් අය විය යුතුයි. නොකඩවා ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න. යහපත් දේවල් කරන්න. පොලී අය කරන්නේ නැතුව මුදල් දෙන්න.+ එම මුදල නැවත ඔහුගෙන් ලබාගන්න හිතන්න එපා. එවිට ඔබට මහත් ත්‍යාගයක් ලැබෙයි. එයින් ඔබ මහෝත්තම දෙවිගේ පුත්‍රයන් බව ඔප්පු වෙයි.+ දෙවි පවා කෙළෙහි ගුණ නොදක්වන අයටත් දුෂ්ටයන්ටත් කාරුණිකව සලකනවා.+ 36 ඔබේ පියාණන් මෙන් ඔබත් දිගටම දයාව දක්වන්න.+
37 “තවදුරටත් අනුන්ව විනිශ්චය කරන්න එපා. එවිට ඔබවත් කොහොමටවත් විනිශ්චය කරන්නේ නැහැ.+ තවදුරටත් අනුන්ව හෙළාදකින්නත් එපා. එවිට ඔබවත් හෙළාදකින්නේ නැහැ. දිගටම අන් අයට සමාව දෙන්න. එවිට ඔබටත් සමාව ලැබෙයි.+ 38 දීමට පුරුදු වන්න. එවිට අන් අයත් ඔබට දෙයි.+ ඔවුන් ඔබට දෙන විට දෙන දේ සොලවා, තද කර, පිරී ඉතිරී යන විදිහට විශාල ප්‍රමාණයක් ඔබේ ඔඩොක්කුවලට මැන දෙයි. ඔබ මනින මිම්මෙන්ම ඔබටත් මැන දෙනු ලැබෙයි.”+
39 ඉන්පසු ඔහු ඔවුන්ට උපමා කිහිපයක් පැහැදිලි කරමින් මෙසේ කීවේය. “අන්ධ මිනිසෙක් ගැන සිතන්න. ඔහුට මඟ පෙන්වන්න තවත් අන්ධ මිනිසෙකුට පුළුවන්ද? එහෙම කළොත් දෙදෙනාම ගොස් වළක වැටෙනවා නේද?+ 40 දැන් ගෝලයෙක් ගැන සිතන්න. ඔහු තම ගුරුතුමාට වඩා උසස් වන්නේ නැහැ. නමුත් යම් කෙනෙකුට හොඳින් උගන්වා තිබුණොත් ඒ ගෝලයා තමාගේ ගුරුවරයාට සමාන වෙයි.+ 41 ඔබේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ දෙස ඔබ බලා සිටින්නේ ඇයි? ඔබට ඔබේ ඇසේ තිබෙන පරාලය පෙනෙන්නේ නැද්ද?+ 42 ඔබේම ඇසෙහි පරාලයක් තිබියදී ඔබේ සහෝදරයාට ‘ඔබේ ඇසෙන් රොඩ්ඩ ඉවතට ගන්න මට ඉඩ දෙන්න’ කියා ඔබ කියන්නේ කොහොමද?+ එය මොන තරම් කුහකකමක්ද! මුලින්ම ඔබේ ඇසෙන් පරාලය ඉවතට ගන්න.+ එවිට ඔබේ සහෝදරයාගේ ඇසෙන් රොඩ්ඩ ඉවතට ගන්න පුළුවන් කොහොමද කියා ඔබට පැහැදිලිව පෙනෙයි.+
43 “හොඳ ගසකින් නරක පල හටගන්නේ නැහැ. ඒ වගේම නරක ගසකින් හොඳ පල ලැබෙන්නෙත් නැහැ.+ 44 ගසක පලවලින් එය මොන වගේ ගසක්ද කියා දැනගත හැකියි.+ උදාහරණයකට, මිනිසුන් කටු ගස්වලින් අත්තික්කා ගෙඩි කඩාගන්නේවත් කටු පඳුරකින් මිදිපොකුරු කපාගන්නේවත් නැහැ.+ 45 යහපත් මිනිසෙක් තමාගේ සිතේ ගබඩා කර තිබෙන යහපත් දේ පිටතට ගෙන එයි.+ නමුත් දුෂ්ට මිනිසෙක් තමාගේ සිතේ දුෂ්ට දේවල් ගබඩා කර ඇති නිසා ඔහු පිටතට ගෙනෙන්නේ දුෂ්ට දෙයයි. ඇත්තෙන්ම කෙනෙකුගේ මුවින් පිට වන්නේ ඔහුගේ සිත තුළ පිරී ඇති දෙයයි.+
46 “මා කියා තිබෙන දේ නොකර ඔබ මට ‘ස්වාමීනි! ස්වාමීනි’ කියා පවසන්නේ ඇයි?+ 47 මා ළඟට ඇවිත් මා පවසන දේවල් අසා පිළිපදින සෑම කෙනෙක්ම සමාන වන්නේ කාටද කියා මම ඔබට දැන් කියා දෙන්නම්.+ 48 ඒ පුද්ගලයා ගෙයක් ගොඩනඟන මිනිසෙකුට සමාන කරන්න පුළුවන්. ඔහු ගල මතු වන තෙක්ම පොළොව ගැඹුරට හාරා ඒ ගල මත තම ගෙයි අත්තිවාරම දමයි. ගංවතුර වේගයෙන් ගලා,+ ඒ ගෙට ගැසුවත් ඒ ගෙය කඩා වැටෙන්නේ නැහැ. එයට හේතුව ඒ ගෙය සවිමත් ලෙස ගොඩනඟා තිබීමයි.+ 49 අනික් අතට අසා සිටියත් මා කියන දේ පිළි නොපදින පුද්ගලයා+ අත්තිවාරමක් දමන්නේ නැතුව පොළොව මතුපිට ගෙයක් ගොඩනඟන මිනිසෙකුට සමාන කරන්න පුළුවන්. ගංවතුර වේගයෙන් ගලා ඒ ගෙට ගැසූ විගස එය කඩා වැටෙනවා. එහි විනාශය+ කොතරම්ද කිවහොත් ඉතුරු වන්නේ එහි සුන්බුන් පමණයි.”+