හිතෝපදේශ
11 හොර තරාදිය යෙහෝවා දෙවිට පිළිකුලක්ය.+ නමුත් නිවැරදි මිනුම් පඩිය* ඔහුට ප්‍රසන්නය.
2 යමෙකු අහංකාරකමින්* ඉදිමී ඇද්ද, ඔහු අගෞරවයට පත් වනු ඇත.+ එහෙත් නිහතමානී අය ප්‍රඥාවන්තය.+
3 ප්‍රතිපත්තිගරුක අයට මඟ පෙන්වන්නේ ඔවුන්ගේම අවංකකමය.+ එහෙත් ද්‍රෝහිව කටයුතු කරන අයගේ වංකකම ඔවුන්ගේම විනාශයට මඟ පාදයි.+
4 දෙවිගේ උදහස ප්‍රකාශ කරන දවසේදී වස්තුවෙන් කිසිදු ප්‍රයෝජනයක් නැත.+ මරණයෙන් ගැලවෙන්නේ ධර්මිෂ්ඨ ලෙස හැසිරෙන පුද්ගලයායි.+
5 නිර්දෝෂ තැනැත්තා තම මාර්ග සමතලා කරගන්නේ තම ධර්මිෂ්ඨකම නිසාය.+ නමුත් දුෂ්ටයා තමාගේම දුෂ්ටකම නිසා වැටෙන්නේය.+ 6 ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අය ගැලවෙන්නේ ඔවුන්ගේ ධර්මිෂ්ඨකම නිසාය.+ නමුත් ද්‍රෝහිව කටයුතු කරන අයගේ වැරදි ආශාවන් ඔවුන්ටම උගුලක් වේ.+
7 දුෂ්ට මිනිසා තමා සතු බලය කෙරෙහි කොතරම් විශ්වාසය තැබුවත්+ ඔහු මිය යන කල ඔහුගේ සියලු ප්‍රාර්ථනාවන් සුන් වී යයි.+
8 දුක් පීඩාවලින් ධර්මිෂ්ඨයාව බේරාගනු ලැබෙයි.+ නමුත් ඒ සියලු දුක් පීඩා දුෂ්ටයා පිටට පැමිණෙයි.+
9 දෙවිට ද්‍රෝහිව කටයුතු කරන තැනැත්තා තම වචනවලින් අසල්වැසියාව විනාශයට පත් කරයි.+ එහෙත් දැනුම් තේරුම් ඇතුව කටයුතු කරන නිසා ධර්මිෂ්ඨයා ගැලවෙයි.+
10 ධර්මිෂ්ඨයන්ගේ යහපත්කම නිසා නුවරේ වැසියෝ ප්‍රීතියට පත් වෙති.+ දුෂ්ටයා විනාශ වන විටත් ඔවුහු ප්‍රීති ඝෝෂා නඟති.+
11 ප්‍රතිපත්තිගරුකව ජීවත් වන අය ආශීර්වාද ලබන* විට නුවරක් කීර්තියට පත් වෙයි.+ නමුත් දුෂ්ටයන්ගේ මුවින් පිට වන වචන නිසා එය බිඳ වැටෙයි.+
12 අඥානයා* තම අසල්වැසියාව හෙළාදකියි.+ නමුත් කාරණා හොඳින් අවබෝධ කරගත හැකි තැනැත්තා නිහඬව සිටියි.+
13 නින්දා කරන්නා+ රහස් හෙළි කරයි.+ නමුත් විශ්වාසවන්ත තැනැත්තා රහසිගත කාරණා රකියි.+
14 නැණවත් උපදෙස් නැති තැන ජනයා දුකට පත් වෙති.+ නමුත් උපදේශකයන් රාශියක් සිටින තැන ගැලවීම තිබේ.+
15 නාඳුනන කෙනෙකු වෙනුවෙන් ඇප දීමට පොරොන්දු වන තැනැත්තා ලොකු කරදරයක වැටෙයි.+ නමුත් එසේ අතට අත දී ගිවිසුමක් ඇති කර නොගන්න තැනැත්තා අනවශ්‍ය ගැටලුවලින් නිදහස් වෙයි.
16 ගුණවත් ස්ත්‍රියක් සියල්ලන්ගේ ගෞරවය දිනාගන්නීය.+ එහෙත් බලහත්කාරකම් කරන අය රැස් කරගන්නේ වස්තුව පමණයි.
17 ප්‍රේමණීයව* කටයුතු කරන තැනැත්තා බොහෝ ආශීර්වාද ලබයි.+ එහෙත් කෲර තැනැත්තා තමා පිටට බොහෝ දුක් කරදර ගෙනෙයි.+
18 දුෂ්ටයා උපයාගන්නේ වංකකමිනි.+ නමුත් ධර්මිෂ්ඨකමින් වපුරන තැනැත්තා අවංකකමින් උපයාගන්නේය.+
19 ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති තුළ ස්ථිරව රැඳී සිටින අයට ජීවනය ලැබෙනවා නියතයි.+ නමුත් වැරදි දේ පසුපස හඹා යන තැනැත්තාට අත් වන්නේ මරණයයි.+
20 වංක සිත් ඇත්තන් යෙහෝවා දෙවිට පිළිකුලක්ය.+ නමුත් නිර්දෝෂව ක්‍රියා කරන අය ඔහුට ප්‍රසන්නය.+
21 දුෂ්ටයන් අතට අත දී එකිනෙකාට උදව් කළත් ඔවුන්ට දඬුවමින් නම් නිදහස් විය නොහැක.+ එහෙත් ධර්මිෂ්ඨයන්ගේ දරුවෝ ගැලවෙන්නෝය.+
22 සිහිබුද්ධියෙන් වැඩ නොකරන ස්ත්‍රියකගේ රූමත්කම ඌරෙකුගේ නාසයට දැමූ රන් ආභරණයකට සමානය.+
23 ධර්මිෂ්ඨයන්ගේ සියලු ආශා යහපත්ය.+ එහෙත් තම බලාපොරොත්තු ඉටු කරගන්න යන දුෂ්ටයන් උදහසට ලක් වේ.+
24 අන්‍යයන්ට බොහෝ සේ බෙදා දෙන අයට තව තවත් ලැබෙයි.+ දිය යුතු දේ නොදී සිටින තැනැත්තාට අගහිඟකම් ඇති වෙයි.+
25 ත්‍යාගශීලී තැනැත්තා තෘප්තියට පත් වෙයි.+ අන්‍යයන්ව නොමසුරුව පෝෂණය කරන* තැනැත්තාවද නොඅඩුව පෝෂණය කරනු ලැබේ.+
26 ධාන්‍ය සඟවා තබන වෙළෙන්දාව ජනයා හෙළාදකිති. නමුත් එය විකුණන තැනැත්තාට ආශීර්වාද ලැබේ.+
27 නිතරම යහපත් දේ කිරීමට උනන්දුවෙන් සිටින තැනැත්තා ආශීර්වාද ලබයි.+ එහෙත් වැරදි දේ කිරීමට උනන්දු වන අයට සිදු වන්නේ නපුරු දේමය.+
28 තම වස්තුව කෙරෙහි විශ්වාසය තබන්නාට අත් වන්නේ විනාශයයි.+ එහෙත් ධර්මිෂ්ඨයා සරුවට වැඩෙන ගස් වැල් මෙන් වෙයි.+
29 තමාගේ ගෙයි වැසියන් පිටට ශාපයක් ගෙනෙන තැනැත්තා+ කිසි දෙයක් අත් කරගැනීමට සමත් වන්නේ නැත.*+ අඥානයා ප්‍රඥාවන්තව කටයුතු කරන තැනැත්තාට මෙහෙකාරකම් කරයි.
30 ධර්මිෂ්ඨයාගේ ක්‍රියා ජීවන වෘක්ෂයකි.+ අනුන්ගේ ජීවිත ගලවන තැනැත්තා ප්‍රඥාවන්තයෙකි.+
31 ධර්මිෂ්ඨයාට තම ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙනු ලැබේ.+ එසේනම්, දුෂ්ටයාටත් පව්කාරයාටත් තම ක්‍රියාවලට අනුව ඊට වඩා කොපමණ ප්‍රතිඵල විඳින්න සිදු වෙයිද?+