මීකා
3 මම මෙසේ පැවසුවෙමි. “යාකොබ්ගේ පෙළපතට අයත් ප්රධානියෙනි, ඊශ්රායෙල්හි නායකයෙනි, මා පවසන දේට සවන් දෙන්න.+ යුක්තිය ඉටු කිරීම ඔබේ වගකීම නොවෙයිද?+ 2 එහෙත් ඔබ යහපතට පිළිකුල් කර+ අයහපතට ඇලුම් කරන්නහුය.+ ඔබ මිනිසුන්ගේ හම ඉරා ඇටකටු පෑදෙන තෙක් මස් ගලවා දමන්නහුය.+ 3 ඔබ ඔවුන්ගේ මස් කා දමන්නහුය.+ විශාල හැළියක පිසීමට සූදානම් කරන සතෙකු මෙන් ඔබ ඔවුන්ගේ හම ඉරා, මස් කෑලි කෑලිවලට කපා ඇටකටු කඩා පොඩි කර දමන්නහුය.+ 4 ඒ කාලයේදී ඔබ යෙහෝවා දෙවිගෙන් උපකාරය පැතුවද ඔහු ඔබට ඇහුම්කන් දෙන්නේ නැත.+ ඔබ නපුරු දේ කරන නිසා ඔහු ඔබ දෙස නොබලන්නේය.+
5 “අනාගතවක්තෘවරුන් සාමයේ පණිවිඩයක් ප්රකාශ කරන්නේ+ ඔවුන්ට කෑමට යමක් ලැබුණොත් පමණි. නමුත් කෑමට යමක් නොදුන් අයට විරුද්ධව ඔවුහු යුද්ධය ප්රකාශ කරන්නෝය.+ මාගේ සෙනඟව මංමුළා කරන ඒ අනාගතවක්තෘවරුන්ට+ විරුද්ධව යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. 6 ‘ඔබට දර්ශන නොපෙනෙන ලෙස රාත්රිය උදා වන්නේය.+ ඔබ පිට පැමිණෙන අන්ධකාරය නිසා ඔබට ශාස්ත්ර කීමට නොහැකි වෙයි.+ අනාගතවක්තෘවරු නැවත කිසිදා හිරු එළිය නොදකින්නෝය. ඔවුන්ට දහවල රාත්රිය මෙන් පෙනෙනු ඇත.+ 7 දිවැසිවරු+ ලැජ්ජාවට පත් වන්නෝය.+ පේන කියන්නෝ+ කලකිරෙන්නෝය. මාගෙන් කිසි පිළිතුරක් නොලැබෙන+ ඔවුන්ට ලැජ්ජාවෙන් තමන්ගේ මුහුණු වසාගන්න සිදු වෙයි.’”+
8 තමන් දෙවිට විරුද්ධව කැරලිගසමින් කරන පාප ගැන යාකොබ්ටත් ඊශ්රායෙල්ටත් පෙන්වා දෙන පිණිස+ යෙහෝවා දෙවි මාව බලවත් කළේය. ඔහුගේ බලය නොඅඩුවම මට ලබා දුන්නේය. ඒ නිසා මම යුක්තිගරුකව හා එඩිතරකමින් ක්රියා කරන්නෙමි.+
9 යාකොබ්ගේ පෙළපතේ ප්රධානියෙනි, ඊශ්රායෙල්හි නායකයෙනි,+ මා පවසන දේට ඇහුම්කන් දෙන්න. යුක්තියට පිළිකුල් කරන ඔබ හරි දේ නොපිටට පෙරළන්නහුය.+ 10 ඔබ සියොන් නුවර ලෙයින් ගොඩනැඟූ අතර යෙරුසලම අධර්මිෂ්ඨකමින් ඉදි කළහුය.+ 11 ප්රධානීන් තීන්දු දෙන්නේ තමන්ට ලැබෙන අල්ලසට අනුවය.+ පූජකයන් උපදෙස් දෙන්නෙත් අනාගතවක්තෘවරුන් අනාවැකි කියන්නෙත් මුදලටය.+ මේ සෑම දෙයක්ම කළ පසුත් ඔවුහු යෙහෝවා දෙවිගෙන් පිහිට පතමින්, “යෙහෝවා දෙවි අප සමඟය.+ අපට කිසි විපතක් සිදු වන්නේ නැත”+ කියාද පවසන්නෝය. 12 ඔබ කරන මේ දේවල් නිසා කෙතක් හාන්නාක් මෙන් සියොන් නුවර නාස්ති කරනු ලබන්නේය. යෙරුසලම නටබුන් ගොඩක් බවට පත් වන්නේය.+ දේවමාලිගාව පිහිටා තිබෙන කන්ද පාළු කැලෑවක් මෙන් වන්නේය.