දාවිත් සිහිවිකල් වූ කෙනෙකු ලෙස අබිමෙලෙක් ඉදිරියේ හැසිරුණු විට+ ඔහු දාවිත්ව එතැනින් පලවාහැරියේය. ඒ ගැන දාවිත් රචනා කළ ගීතයකි.
א [ආලෙෆ්]
34 මම සැමවිටම යෙහෝවා දෙවිට ප්‍රශංසා කරමි.+
ඔහුට කරන ප්‍රශංසාව නිතරම මාගේ මුවේ තිබේ.+
ב [බේත්]
2 මම යෙහෝවා දෙවි ගැන ආඩම්බරයෙන් කතා කරමි.+
නිහතමානී අය එය අසා ප්‍රීතිමත් වන්නෝය.+
ג [ගීමෙල්]
3 ජනයෙනි, මා සමඟ එක්ව යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+
අපි එක්ව ඔහුගේ නාමය ගෞරවයට පත් කරමු.+
ד [දාලෙත්]
4 මම යෙහෝවා දෙවිගෙන් උපකාර ඉල්ලුවෙමි. ඔහු මට සවන් දී+
මා තුළ තිබූ බිය මාගෙන් ඉවත් කළේය.+
ה [හේ]
5 ඔහුගේ මඟ පෙන්වීම් පැතූ අය ආලෝකය ලැබුවෝය.+
ඔවුහු කිසිදා ලැජ්ජාවට පත් නොවන්නෝය.+
ז [ෂායින්]
6 පීඩිතව සිටින මම දෙවිට හඬගැසුවෙමි. එවිට යෙහෝවා දෙවි මට සවන් දුන්නේය.+
මාගේ සියලු කරදරවලින් ඔහු මාව ගලවාගත්තේය.+
ח [චේත්]
7 යෙහෝවා දෙවිගේ දූතයා දෙවි කෙරෙහි ගරුබිය ඇති අය වටා කඳවුරු බැඳ+
ඔවුන්ව ගලවාගන්නේය.+
ט [ටේත්]
8 ජනයෙනි, යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න.+
ඔහුගේ රැකවරණය පතන්නා සන්තෝෂවත්ය.+
י [යෝද්]
9 යෙහෝවා දෙවිගේ ශුද්ධ තැනැත්තෙනි, ඔහු කෙරෙහි ගරුබිය ඇතුව සිටින්න.+
මන්ද ඔහු කෙරෙහි ගරුබිය ඇති අයට කිසිවකින් හිඟයක් නොවන්නේය.+
כ [කෆ්]
10 තරුණ, කේශර සිංහයෝ පවා හාමතේ සිටිති.+
නමුත් යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතන්නන්ට යහපත් දෙයකින් කිසිම අඩුවක් නොවන්නේය.+
ל [ලාමෙද්]
11 මාගේ පුත්‍රයෙනි, ඇවිත් මට ඇහුම්කන් දෙන්න.+
යෙහෝවා දෙවිට ගරුබිය ඇතුව සිටීම යනු කුමක්ද කියා මම ඔබට උගන්වන්නෙමි.+
מ [මෙම්]
12 ජීවිතයට ආදරයක් ඇති,+
දීර්ඝ ආයුෂ ලබමින් යහපත් දේ භුක්ති විඳීමට කැමති තැනැත්තා කවුද?+
נ [නුන්]
13 ඔබේ දිව නපුරු කතාවෙන්ද+
ඔබේ තොල් වංචා දේ පැවසීමෙන්ද වළක්වාගන්න.+
ס [සාමෙක්]
14 නපුරට පිටු පා යහපත කරන්න.+
සමාදානය සොයා, එය ලුහුබඳින්න.+
ע [ආයින්]
15 යෙහෝවා දෙවිගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත්+
ඔහුගේ කන් ඔවුන්ගේ අයැදීම් වෙතටත් යොමු වී තිබේ.+
פ [පේ]
16 නමුත් නපුරු දේවල් කරන්නන්ව යෙහෝවා දෙවි ප්‍රතික්ෂේප කරයි.+
නැවත කිසිදාක ඔවුන් ගැන අසන්නවත් නොලැබෙයි.+
צ [ට්සාධේ]
17 ධර්මිෂ්ඨයන් හඬගැසූ විට යෙහෝවා දෙවිට ඔවුන්ගේ හඬ ඇසුණේය.+
ඔවුන් අද්දකින සියලු පීඩාවලින් ඔහු ඔවුන්ව ගලවාගත්තේය.+
ק [කෝෆ්]
18 යෙහෝවා දෙවි බිඳුණු සිත් ඇති අයට සමීපව සිටියි.+
තැළුණු හදවත් ඇති අයව ඔහු බේරාගනියි.+
ר [රේෂ්]
19 ධර්මිෂ්ඨයාට දුක් කරදර බොහෝය.+
නමුත් ඒ සියල්ලෙන්ම යෙහෝවා දෙවි ඔහුව ගලවාගන්නේය.+
ש [ෂින්]
20 ඔහු ධර්මිෂ්ඨයාගේ සෑම ඇටකටුවක්ම ආරක්ෂා කරයි.
එයින් එකක්වත් නොබිඳෙයි.+
ת [ටාව්]
21 ධර්මිෂ්ඨයාට වෛර කරන්නන්ව වරදකරුවන් ලෙස ප්‍රකාශ කරනු ලබන්නේය.+
දුෂ්ටයා විපත්ති නිසා මරණයට පත් වන්නේය.+
22 යෙහෝවා දෙවි තම සේවකයන්ගේ ජීවිත බේරාගන්නේය.+
ඔහුගේ රැකවරණය පතන කිසිවෙක් දඬුවම් නොලබන්නේය.+