1 කොරින්ති
6 ඔබෙන් යමෙකුට තවත් කෙනෙකුට විරුද්ධව පැමිණිල්ලක්+ තිබෙන විට එය විසඳාගැනීමට ශුද්ධ තැනැත්තන් ඉදිරියට යනවා වෙනුවට+ අධර්මිෂ්ඨ මිනිසුන් ඉදිරියට+ ගොස් නඩු කියන්න තරම් ඔබ එඩිතර වුණේ කෙසේද? 2 ශුද්ධ තැනැත්තන්+ වන ඔබ, අනාගතයේදී ලෝකය විනිශ්චය කිරීමට සිටින අය+ බව දැන සිටියේ නැද්ද? ඔබ ඉදිරියේදී ලෝකය විනිශ්චය කරන්න යනවා නම් ඔබ අතරේ ඇති සුළු සුළු කාරණා+ විභාග කිරීමට හැකියාවක් ඔබට නැද්ද? 3 අනාගතයේදී අප දේවදූතයන්ව පවා විනිශ්චය කරන බව ඔබ දැන සිටියේ නැද්ද?+ එසේනම් අපට මේ ජීවිතයේ කාරණා ගැන විනිශ්චය කළ නොහැකිද? 4 මේ ජීවිතයට සම්බන්ධ යම් කාරණාවක් විසඳාගැනීමට ඔබට සිදු වන විට+ ඒ සඳහා ඔබ විනිශ්චයකරුවන් ලෙස පත් කරගන්නේ සභාවේ පිළිගැනීමක් නැති පිටස්තර මිනිසුන්වද?+ 5 මා මේ දේවල් කියන්නේ ඔබ තුළ ඔබ ගැනම ලැජ්ජාවක් ඇති කිරීම සඳහාය.+ හොඳ විනිශ්චයක් ලබා දීමට හැකියාවක් ඇති එක ප්රඥාවන්තයෙකුවත්+ ඔබේ සහෝදරයන් අතරින් ඔබට සොයාගත නොහැකිද? 6 සහෝදරයෙක් තම සහෝදරයාට විරුද්ධව නඩු කියන්නේ ඒ නිසාද? නඩු විභාග කරන්නේ දෙවි ගැන කිසි විශ්වාසයක් නැති අය බව ඔබට අමතකද?+
7 ඇත්තෙන්ම එකිනෙකාට විරුද්ධව මෙලෙස නඩු කීමෙන් ඔබට සිදු වන්නේ මහත් නින්දාවකි.+ එහෙයින් සිදු වූ අසාධාරණය දරාගෙන සිටීම සුදුසු වන්නේ නැද්ද?+ සිදු වූ පාඩුව ඔබට දරාගත නොහැකිද?+ 8 නමුත් ඔබ අතිනුත් අසාධාරණකම් සහ වංචනික දේවල් සිදු වේ. ඔබ එසේ කරන්නේ ඔබේම සහෝදරයන්ට විරුද්ධවය.+
9 අධර්මිෂ්ඨ අයට දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැති බව ඔබ දැන සිටියේ නැද්ද?+ කිසි ලෙසකින්වත් මුළා නොවන්න. වේශ්‍යාකම්* කරන අයටවත්+ රූප වන්දනාවේ යෙදෙන අයටවත්+ අනාචාරයේ* හැසිරෙන අයටවත්+ සමලිංගික පුරුෂයන්ටවත්+ ස්ත්‍රීන් ලෙස හැසිරෙමින් සමලිංගික ක්‍රියාවලට හවුල් වන පිරිමින්ටවත්,+ 10 සොරුන්ටවත් කෑදරකමින් ක්‍රියා කරන අයටවත්+ බේබද්දන්ටවත්+ නින්දා කරන අයටවත් අනුන්ගේ දේ අයුතු ලෙස ගන්නා අයටවත් දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැත.+ 11 ඇත්තෙන්ම ඔබෙන් සමහරදෙනෙක් කලින් එවැනි දේවල යෙදී සිටි අය වූහ.+ නමුත් දැන් ඔබව සෝදා පවිත්‍ර කර ඇත.+ ඔබව දැන් ශුද්ධ කර ඇත.*+ අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන්ද+ අපගේ දෙවිගේ බලය ලබාගැනීමෙන්ද+ ඔබව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කර ඇත.+
12 ඕනෑම දෙයක් කිරීමට මට අවසර තිබුණත් ඒ සියල්ල කිරීමෙන් යහපතක් වෙයි කියා පැවසිය නොහැක.+ ඕනෑම දෙයක් කිරීමට මට අවසර තිබුණත්+ ඒ දේවලට මාව පාලනය කිරීමට මම ඉඩ දෙන්නේ නැත.+ 13 කෑම තිබෙන්නේ උදරය සඳහාය. එලෙසම උදරය තිබෙන්නේ කෑම සඳහාය.+ නමුත් දිනක දෙවි ඒ දෙකම අපගෙන් නැති කර දමනු ඇත.+ එලෙසම අපගේ ශරීරය තිබෙන්නේ වේශ්‍යාකම* සඳහා නොව ස්වාමීන්ට සේවය කිරීම සඳහාය.+ මන්ද ස්වාමීන් පැමිණියේ ශරීරය වෙනුවෙන්ය.+ 14 මිය ගොස් සිටි ස්වාමීන්ව දෙවි තම බලයෙන්+ නැවත නැඟිටුවනු ලැබුවා+ හා සමානව ඔහු අපවත් නැවත නැඟිටුවයි.+
15 ඔබේ ශරීර ක්‍රිස්තුස්ට+ සම්බන්ධ වී තිබෙන අවයවයන්+ බව ඔබ දැන සිටියේ නැද්ද? එසේනම් මා ක්‍රිස්තුස්ට සම්බන්ධ වී තිබෙන අවයවයන් රැගෙන ඒවා ගණිකාවකට සම්බන්ධ කරන්නද?+ කිසි ලෙසකින්වත් එවැනි දෙයක් සිදු නොවිය යුතුයි. 16 යමෙක් ගණිකාවක් සමඟ සම්බන්ධකම් පවත්වයි නම් ඔහුද ඇයද එක ශරීරයක් හා සමාන වන බව ඔබ දැන සිටියේ නැද්ද? මන්ද දෙවි පවා කියන්නේ, “ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය”+ කියාය. 17 නමුත් ස්වාමීන් සමඟ එකට බැඳී සිටින තැනැත්තා,+ ඔහු සමඟ එක්සිත්ව සිටියි.+ 18 වේශ්‍යාකම* වෙතින් පලා දුවන්න.+ වෙනත් පාප මිනිසුන්ගේ ශරීරයට බලපාන්නේ නැත. නමුත් වේශ්‍යාකම ශරීරයට ඍජුවම බලපාන පාපයකි. එහෙයින් එසේ කරන තැනැත්තා තම ශරීරයට විරුද්ධව පව් කරයි.+ 19 ඔබ සියලුදෙනාගෙන් සෑදෙන ශරීරය දේවමාලිගාවක් බවත්+ එය සෑදී තිබෙන්නේ ඔබ එකිනෙකා තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වීමෙන් බවත්+ ඔබ දැන සිටියේ නැද්ද? එලෙසම ඔබේ අයිතිකරු ඔබ නොවේ.+ 20 මන්ද ඔබව මිල දී ගත්තේ ඉතා වටිනා යමක් දීමෙනි.+ එහෙයින් ඔබේ ශරීරවලින්+ දෙවිට ගෞරවය ගෙන දෙන්න.+