යෝබ්
33 “යෝබ්, දැන් මම කියන දේට ඇහුම්කන් දෙන මෙන් ඉල්ලමි.
මා පවසන සියල්ලට හොඳින් අවධානය දෙන්න.
5 ඔබට හැකි නම් මට පිළිතුරු දෙන්න.
මා පවසන දේට විරුද්ධව තර්ක කිරීමට සූදානම් වෙන්න.
14 ඇත්තෙන්ම, දෙවි නැවත නැවත කතා කරන්නේය.+
එහෙත් මිනිසා ඔහු කතා කරන විට අවධානය යොමු නොකරන්නේය.
15 මිනිසා රාත්‍රියේ යහන මත
අඩ නින්දේ සිටින විටද තද නින්දේ සිටින විටද+
දර්ශන+ මගින් දෙවි ඔහුට කතා කරන්නේය.
16 එවැනි අවස්ථාවල දෙවි ඔහුට කාරණා හෙළි කරන්නේය.+
ඔහු දෙන අවවාද තවත් ස්ථිර කරන්නේය.
17 ඔහු එසේ කරන්නේ, මනුෂ්‍යයාව වැරදි මඟෙන් ඉවතට ගැනීම සඳහාය.+
ඔහු තුළ තිබෙන උඩඟුකම පහ කිරීම උදෙසාය.+
18 මෙසේ දෙවි ඔහුගේ ජීවිතය මිනී වළෙන් බේරාගනු ඇත.+
මාරාන්තික ඊතලයකින් ඔහුගේ ජීවිතය අහිමි වීම වළක්වනු ඇත.+
19 ඔහු මිනිසාට තම යහන මත වේදනාවෙන් වැතිර සිටීමට ඉඩහැර ඔහුව හික්මවන්නේය.
නොනවත්වාම ඔහුගේ ඇටකටු රිදුම් දෙන්නේය.
21 ඔහුගේ ශරීරය ක්ෂය වී යන්නේය.
පිරිපුන්ව සිටි ඔහු දැන් ඇට සැකිල්ලක් වී ඇත.
23 එහෙත් නිවැරදි දේ කුමක්ද කියා ඔහුට කියා දීමට පණිවිඩකරුවෙකු සිටින්නේ නම්
එසේය, දහසක් අතරින් ඔහුව නියෝජනය කිරීමට තැනැත්තෙකු පැමිණේ නම්
24 ඒ තැනැත්තා ඔහුට අනුකම්පා කොට මෙසේ කියනු ඇත.
‘මිනී වළෙන් ඔහුව බේරාගන්න.+
මන්ද ඔහු වෙනුවෙන් මම වන්දියක් ගෙවා ඇත.+
26 එවිට එම පණිවිඩකරු ඔහුට අනුමැතිය ලබා දෙන මෙන් දෙවිගෙන් අයැදින්නේය.+
ඒ නිසා ඔහු දෙවි ඉදිරියේ ප්‍රීති ඝෝෂා නඟනු ඇත.
දෙවිද ඔහුව නැවත ධර්මිෂ්ඨ තත්වයකට ගෙනෙනු ඇත.
27 ඔහු මිනිසුන් ඉදිරියේ ගී ගයමින් මෙසේ කියනු ඇත.
‘මම පව් කර ඇත.+ මම නිවැරදි මඟෙන් ඉවතට හැරුණෙමි.
මා ක්‍රියා කළේ නුසුදුසු ආකාරයටයි.
29 දෙවි නැවත නැවත
මිනිසා වෙනුවෙන් මේ සියලු දේ කරන්නේය.
30 ඔහු මිනී වළෙන් ඔහුව ගලවාගන්නේ,+ ජීවනය
නමැති ආලෝකය ඔහුට ලබා දෙන පිණිසය.+
31 යෝබ්, මා කියන දේ අසන්න. මට තවත් කීමට යමක් ඇත.
නිහඬව ඒ දේට අවධානය දෙන්න.
32 ඔබට යමක් කීමට ඇත්නම් මට පවසන්න.
මන්ද ඔබ ගත කළ ධර්මිෂ්ඨ ජීවිතය ගැන මම සතුටු වෙමි.