සබත් දවස සඳහා ගීතිකාවකි.
92 ස්තුති ප්‍රශංසා ලැබීමට යෙහෝවා දෙවි වටින්නේය.+
මහෝත්තම දෙවියනි, ඔබේ නාමයට ප්‍රශංසා ගී ගැයීම කොතරම් අගනේද!+
2 උදෑසනින්ම ඔබේ ප්‍රේමය ගැනද+
සෑම රාත්‍රියකම ඔබේ විශ්වාසවන්තකම ගැනද කතා කිරීම ඉතා යෝග්‍යය.+
3 තත් දසයේ සංගීත භාණ්ඩද+ කුඩා වීණාද
මහා වීණාද වයමින් අපි එසේ ඔබව පසසන්නෙමු.+
4 යෙහෝවා දෙවියනි, ඔබේ ක්‍රියා දැක මම සතුටට පත් වුණෙමි.
ඔබේ මහත් බලයෙන් ඔබ කළ ක්‍රියා නිසා මම ප්‍රීති ඝෝෂා නඟමි.+
5 යෙහෝවා දෙවියනි, ඔබේ ක්‍රියා මොන තරම් ශ්‍රේෂ්ඨද!+
ඔබේ සිතුවිලි කොතරම් ගැඹුරුද!+
6 අඥානයෙකුට කිසිදාක ඒවා දැනගත නොහැකිය.+
අනුවණ කිසිවෙකුට ඒවා තේරුම්ගත නොහැකිය.+
7 දුෂ්ටයෝ තණකොළ මෙන් වැඩෙන්නෝය.+
නපුරු ක්‍රියා කරන්නෝ සශ්‍රීක වන්නෝය.
නමුත් අන්තිමේදී ඔවුහු සදහටම විනාශ වී යන්නෝය.+
8 යෙහෝවා දෙවියනි, ඔබ අන් සියල්ලන්ට වඩා සදහටම උසස්ව සිටින්නෙහිය.+
9 යෙහෝවා දෙවියනි, ඔබේ සතුරන් දෙස බලන්න.+
ඔවුහු විනාශ වී යන්නෝය.+
නපුරු ක්‍රියා කරන්නෝ සීසීකඩ විසුරුවාහරින්නේය.+
10 නමුත් ඔබ මාව කුළු ගොනෙකු මෙන් ශක්තිමත් කරන්නෙහිය.+
මම නැවුම් තෛලයකින් මාවම ආලේප කරගන්නෙමි.+
11 මාගේ සතුරන් වැටී යන අයුරු මට දකින්න ලැබෙන්නේය.+
මට විරුද්ධව නැඟී සිටින දුෂ්ටයන්ගේ පරාජය ගැන මට අසන්න ලැබෙන්නේය.
12 ධර්මිෂ්ඨයා තාල වර්ගයේ ගසක් මෙන් සශ්‍රීක වන්නේය.+
ලෙබනොන්හි දේවදාර ගසක් මෙන් වැඩෙන්නේය.+
13 යෙහෝවා දෙවිගේ ගෘහයේ එනම්, අපේ දෙවිගේ මළුවේ+
සිටවනු ලැබූ අය+ සශ්‍රීකව වැඩෙන්නෝය.
14 මහලු වයසේදීද ඔවුහු සාරවත් ගස් මෙන් පල දරන්නෝය.+
ඔවුහු සැමදා සරුසාරව, ප්‍රාණවත්ව සිටින්නෝය.+
15 ඔවුන්ට යෙහෝවා දෙවිගේ අවංකකම ගැන කතා කිරීමට හැකි වනු ඇත.+
දෙවි මාගේ පර්වතයය.+ ඔහු තුළ කිසි අධර්මිෂ්ඨකමක් නැත කියා කීමටද හැකි වනු ඇත.+