එස්රා
5 ඒ කාලයේදී හග්ගයි+ සහ ඉද්දෝගේ+ මුනුපුරා වූ සෙකරියා+ යන අනාගතවක්තෘවරු දෙදෙනා දෙවිගේ නාමයෙන්+ අනාවැකි කියන්න පටන්ගත්තෝය. ඊශ්‍රායෙල්හි දෙවිගේ මඟ පෙන්වීම+ ඇතුව ක්‍රියා කළ ඔවුහු, යෙරුසලමෙහිද යූදාහිද ජීවත් වූ යුදෙව්වන්ට අනාවැකි කීවෝය. 2 එහි ප්‍රතිඵලයක් ලෙස ෂෙයල්ටියල්ගේ+ පුත් සෙරුබාබෙල්ද+ යෙහොෂාදාක්ගේ පුත් යේෂුවාද+ එකතු වී යෙරුසලමේ පිහිටි දෙවිගේ ගෘහය නැවත ගොඩනඟන්න පටන්ගත්තෝය. ඒ සඳහා ඔවුන්ට දෙවිගේ අනාගතවක්තෘවරුන්ගේ+ උපකාරද ලැබිණ. 3 මේ ගැන ආරංචි වූ විට, මහ ගඟෙන් එගොඩ+ සිටි ආණ්ඩුකාරයා වූ තත්තෙනයිද+ ෂේතාර්-බෝසෙනයිද ඔවුන්ගේ සගයෝද යුදෙව්වරුන් වෙතට පැමිණ, “මේ ගෘහය හා එහි බිත්ති නැවත ගොඩනඟන්න ඔබට අවසර දුන්නේ කවුද”+ කියා ඇසුවෝය. 4 “මේ ගෘහය ගොඩනැඟීමේ කාර්යයට හවුල් වන අයගේ නම් අපට කියන්න” කියාද ඔවුහු ඔවුන්ට පැවසුවෝය. 5 එහෙත් යුදෙව්වරුන් අතරේ සිටි වැඩිමහල්ලන්ට දෙවිගේ උපකාරය තිබුණු නිසා+ ගොඩනැඟීමේ කාර්යය නතර කිරීමට ඔවුන්ට නොහැකි විය. එහෙයින් ඔවුහු මේ සම්බන්ධයෙන් ලිපියකින් දාරියුස් රජුට දන්වා ඊට පිළිතුරක් ලැබෙන තෙක් බලා සිටියෝය.
6 මහ ගඟෙන් එගොඩ+ සිටි ආණ්ඩුකාරයා වූ තත්තෙනයිද+ ෂේතාර්-බෝසෙනයිද+ නියෝජ්‍ය ආණ්ඩුකාරයන් වූ ඔවුන්ගේ සගයෝද+ එකතු වී දාරියුස් රජුට ලියූ ලිපිය+ මතු දැක්වේ. 7 එහි මෙසේ සඳහන් විය.
“දාරියුස් රජතුමනි,
“ඔබතුමාට සමාදානය ලැබේවා!+ 8 යූදා පළාතේ+ තිබෙන ශ්‍රේෂ්ඨ දෙවිගේ+ ගෘහයට අපි ගිය බව රජ්ජුරුවන්ට දන්වන්න කැමැත්තෙමු. සෙනඟ විශාල ගල්වලින්* එම ගෘහය නැවත ගොඩනඟමින් සිටින ආකාරය දැකගැනීමට අපට හැකි විය. මේ වන විටත් එහි බිත්ති මත ලී බාල්ක තබා අවසන්ය. ගොඩනැඟීමේ වැඩකටයුතු ඉතා උනන්දුවෙන් හා හොඳින් කෙරීගෙන යයි. 9 අපි එහි සිටි වැඩිමහල්ලන්ගෙන් මෙසේ ඇසුවෙමු. ‘මේ ගෘහය හා එහි බිත්ති නැවත ගොඩනඟන්න ඔබට අවසර දුන්නේ කවුද?’+ 10 එහි මූලිකත්වය ගෙන ක්‍රියා කරන අයගේ නම්+ මොනවාද කියාත් අපි ඔවුන්ගෙන් ඇසුවෙමු. අප එසේ කළේ එම තොරතුරු ලියා ඔබතුමාට දැන්වීමේ අදහසිනි.
11 “එවිට ඔවුන් අපට දුන් පිළිතුර මෙයයි. ‘අපි ස්වර්ගය සහ පොළොව+ පාලනය කරන දෙවිගේ සේවකයන්. අපි දැන් නැවත ගොඩනඟන්නේ ඒ දෙවිගේ ගෘහයයි. මීට අවුරුදු ගණනාවකට කලින් ඊශ්‍රායෙල් දේශයේ රජකම් කළ ශ්‍රේෂ්ඨ රජෙක් මේ ගෘහය ගොඩනැඟුවා.+ 12 නමුත් අපේ පියවරුන් ස්වර්ගයේ දෙවිව උදහසට+ පත් කළ නිසා දෙවි ඔවුන්ව බැබිලෝනියේ රජු වූ කල්දිය ජාතික+ නෙබුකද්නෙෂර්ගේ+ අතට භාර දුන්නා.+ ඉන්පසු නෙබුකද්නෙෂර් රජ, මෙහි ගොඩනඟා තිබූ ගෘහය සම්පූර්ණයෙන්ම විනාශ කර,+ සෙනඟව බැබිලෝනියට රැගෙන ගියා.+ 13 නමුත් බැබිලෝනියේ රජකම් කළ සයිරස්ගේ පාලන සමයේ පළමුවන අවුරුද්දේදී+ දෙවිගේ මෙම ගෘහය නැවත ගොඩනඟන්න+ කියා සයිරස් රජ්ජුරුවෝ අණ කළා. 14 මීට පෙර නෙබුකද්නෙෂර් රජු යෙරුසලමේ තිබූ දෙවිගේ ගෘහයෙන් රන් රිදී භාණ්ඩ+ රැගෙන බැබිලෝනියේ දේවස්ථානයක+ තබා තිබුණා. නමුත් සයිරස් රජ්ජුරුවෝ+ ඒවා එම දේවස්ථානයෙන් රැගෙන නැවත යෙරුසලමට ගෙන යෑම සඳහා ආණ්ඩුකාරයා+ ලෙස පත් කළ ෂෙෂ්බෂර්ට+ භාර දුන්නා. 15 “මේ භාණ්ඩ+ යෙරුසලමට රැගෙන ගොස් දෙවිගේ ගෘහයේ තබන්න. දෙවිගේ ගෘහය කලින් තිබුණු ස්ථානයේම නැවත ගොඩනඟන්න”+ කියා රජ්ජුරුවෝ ඒ අවස්ථාවේදී ඔහුට පැවසුවා. 16 ඉන්පසු රජු කී ලෙස ෂෙෂ්බෂර් යෙරුසලමට පැමිණ එහි තිබූ දෙවිගේ ගෘහයේ අත්තිවාරම්+ දැමීමට පියවර ගත්තා. එදා අපි ආරම්භ කළ මෙම ගොඩනැඟීමේ වැඩකටයුතු තවමත් අවසන් වී නැහැ.’+
17 “එහෙයින් රජතුමනි, ඔබ සුදුසුයි කියා සිතනවා නම් රජමාලිගාවේ වාර්තා පරීක්ෂා කර බැලීමට+ නියෝග කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටින්නෙමු. එවිට යෙරුසලමේ තිබෙන දෙවිගේ ගෘහය නැවත ගොඩනැඟීමට සයිරස් රජු ඇත්තටම අවසර+ දුන්නාදැයි රජතුමාට දැනගැනීමට හැකි වනු ඇත. මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ තීරණය අපට දන්වා එවන ලෙස අපි ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.”