රෝම
2 සහෝදරයෙනි, ඔබ ගැන කුමක් කිව හැකිද? ඔබ අනුන්ව විනිශ්චය කරනවාද?+ එසේ කරන්න ඔබ කවුද? ඒ සඳහා ඔබට කිසි සාධාරණ හේතුවක් නැත.+ මන්ද ඔබත් ඒ හා සමාන වැරදි කර තිබේ.+ එහෙයින් ඔබ අනුන්ව විනිශ්චය කළොත් ඔබේ විනිශ්චයෙන් ඔබවත් වරදකරුවෙකු ලෙස ඔප්පු වේ.+ 2 ඉහත සඳහන් දේවල් කරන අය දඬුවම් ලැබිය යුතුයි කියා විනිශ්චය කරන්නේ දෙවි බවත් දෙවිගේ විනිශ්චය සාධාරණ බවත් අපි දනිමු.+
3 සහෝදරයෙනි, එවැනි දේවල් කරන අයව ඔබ විනිශ්චය කරන අතරම ඔබත් එවැනි දේවල් කරනවා නම් දෙවි ලබා දෙන දඬුවමින් ඔබ නිදහස් වෙයි කියා+ ඔබ සිතන්නේ කෙසේද?+ 4 එමෙන්ම දෙවි මෙතරම් කාලයක් ඉවසා සිටීමත්+ මෙතරම් කරුණාවක්+ හා බොහෝ ඉවසිලිවන්තකමක් දැක්වීමත්+ ඔබ සුළුවට තකන්නේ ඇයි? දෙවි මෙතරම් කරුණාවක් දක්වන්නේ ඔබට පසුතැවිලි වෙන්න උපකාර කිරීමට බව+ ඔබ නොදන්නා නිසාද? 5 නමුත් ඔබේ හදවත් තුළ මුරණ්ඩුකම ඇති නිසාත්+ ඔබ තුළ කිසි පසුතැවිල්ලක් නැති නිසාත්+ ඔබට සිදු වන්නේ දෙවිගේ උදහසට ලක් වෙන්නයි.+ දෙවි තම උදහස ප්‍රකාශ කරන්නේ තම ධර්මිෂ්ඨ විනිශ්චය+ ප්‍රකාශ කරන+ අවස්ථාවේදීය.+ 6 එවිට ඔහු සෑම කෙනෙකුට තම ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙයි.+ 7 විඳදරාගනිමින් යහපත් දේවල් කරන අයට හිමි වන්නේ සදාකාල ජීවනයයි. එවැනි අය මහත් උත්සාහයක් දරන්නේ ස්වර්ගීය තේජසත් ගෞරවයත් සමඟ විනාශ කළ නොහැකි ජීවිතයක්+ අත් කරගැනීමටයි. 8 නමුත් දබර කරමින්,+ සත්‍යය පිළි නොගෙන+ අධර්මිෂ්ඨකමට ඇලී සිටින අය දෙවිගේ උදහස හා කෝපය අද්දකිනු ඇත.+ 9 ඇත්තෙන්ම හානිකර දේවල් කරන සෑම කෙනෙක්ම දුක් පීඩා හා වේදනා විඳිනු ඇත. මුලින්ම එසේ විනිශ්චය කරනු ලබන්නේ යුදෙව්වරුන්වය.+ ඉන් අනතුරුව ග්රීකවරුන්වද*+ එසේ විනිශ්චය කරනු ලැබේ. 10 නමුත් යහපත් දේ කරන+ සියලුදෙනාටම ස්වර්ගීය තේජසත් ගෞරවයත් සමාදානයත් හිමි වේ. මුලින්ම ඒ ප්‍රස්තාව හිමි වන්නේ යුදෙව්වරුන්ටය.+ ඉන්පසු එය ග්රීකවරුන්ටද හිමි වේ.+ 11 මන්ද දෙවි සියලුදෙනාටම එක හා සමානව සලකන්නේය.+
12 දෙවිගේ නීතිය යටතේ නොසිටින අයට නීතියක් නොතිබුණත් ඔවුන්ට අවසානයේදී මරණය හිමි වේ.+ අනික් අතට යමෙක් නීතිය යටතේ සිටියදීත් ඔහු වැරදි කරනවා නම්+ ඒ නීතියට අනුව ඔහුට විනිශ්චයක් ලැබේ.+ 13 මන්ද දෙවි ධර්මිෂ්ඨයන් ලෙස සලකන්නේ නීතිය අසාගෙන සිටින අයව නොවෙයි. ඔහු ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරන්නේ+ නීතියේ තිබෙන දේ පිළිපදින අයවයි.+ 14 නීතියක් යටතේ නොසිටින+ වෙනත් ජාතීන්වල අය+ නීතියට ඇතුළත් දේවල් සහජයෙන්ම කරන විට+ ඔවුන්ට නීතියක් නොතිබුණත් තමන්ට නීතිය ගැන අවබෝධයක් ඇති බව එයින් පෙන්නුම් කරති. 15 එයට හේතුව ඔවුන්ගේ හෘදය සාක්ෂිය+ ඔවුන්ට කතා කරන නිසාය. ඔවුන් ඒ හඬට සවන් දී ඒ ගැන කල්පනා කර බලන විට තමන් කළ දේ හරිද වැරදිද කියා තේරුම්ගැනීමට ඔවුන්ට පුළුවන.+ ඒ අනුව නීතියට පදනම සපයන ප්‍රමිති ඔවුන්ගේ හදවත්වල තැන්පත් වී ඇති බව ඔවුන්ගේ ක්‍රියාකලාපයෙන් ඔප්පු වේ.+ 16 මා පවසන මේ දේවල් අවබෝධ වන්නේ දෙවි, ක්‍රිස්තුස් යේසුස්ව යොදාගෙන මිනිසුන්+ රහසිගතව තබාගෙන ඇති+ සෑම දෙයක්ම විනිශ්චය කරන දවසේදීය.+ මේ තොරතුරු මා ප්‍රකාශ කරන ශුභාරංචියට අයත්ය.+
17 ඔබ යුදෙව් ජාතිකයෙක්ද?+ ඔබ නීතිය මත රඳා සිටිමින්+ දෙවි සමඟ ඔබට ඇති බැඳීම ගැන ආඩම්බර වන කෙනෙක්ද?+ 18 යුදෙව්වෙකු ලෙස ඔබට දෙවිගේ කැමැත්ත ගැන අවබෝධයක් තිබිය හැක.+ එමෙන්ම නීතිය ගැන ඔබට කියා දී තිබෙන නිසා+ මහත් ගෞරවයකින් සැලකිය යුතු දේවල් මොනවාද කියා ඔබ දන්නවා විය හැක. 19 එහෙයින් ඔබ සිතාගෙන සිටින්නේ ඔබ අන්ධයන්ට මඟ පෙන්වන්නන් වන බවත්+ අන්ධකාරයේ සිටින සියලුදෙනාට ඔබ ආලෝකයක් වන බවත්ය.+ 20 එමෙන්ම ඔබ පෙනී සිටින්නේ අඥාන අයව නිවැරදි කරන්නන් ලෙසත්+ ළාබාල අයට ගුරුවරුන් ලෙසත්+ නීතියේ සඳහන් වී ඇති ආකාරයට දෙවි පිළිබඳ දැනුම*+ හා සත්‍යය පිළිබඳ මූලික අවබෝධයක් ඇති අය ලෙසත්ය.+ 21 කෙසේවෙතත් වෙන අයට උගන්වන ඔබ, ඔබ උගන්වන දේ පිළිපදිනවාද?+ “සොරකම් නොකරන්න”+ කියා අනුන්ට දේශනා කරන ඔබ, සොරකම් කරනවාද?+ 22 “අනාචාරයේ* නොහැසිරෙන්න”+ කියා පවසන ඔබ, අනාචාරයේ යෙදෙන කෙනෙක්ද? දේවතා රූප ගැන මහත් පිළිකුලකින් කතා කරන ඔබ, දේවස්ථානවලින් අයුතු ලාභ ප්‍රයෝජන+ ලබාගන්නවාද? 23 නීතිය ගැන ආඩම්බරයෙන් සිතන ඔබ, නීතියේ තිබෙන දේවල් උල්ලංගනය කිරීමෙන්+ දෙවිට අගෞරව කරනවාද? 24 කලින් ලියා තිබුණු ආකාරයට, “ඔබ කරන දේවල් නිසා ජාතීන් අතරේ දෙවිගේ නාමය අපහාසයට ලක් වී ඇත.”+
25 චර්මච්ඡේදනය වීමේ පිළිවෙතෙන්+ ප්‍රයෝජනයක් තිබෙන්නේ ඔබ නීතියේ තිබෙන දේවල් පිළිපදිනවා නම් පමණි.+ නමුත් ඔබ නීතියේ තිබෙන දේවල් උල්ලංගනය කරනවා නම් ඔබ චර්මච්ඡේදනය වී සිටියත්+ ඉන් කිසි පලක් නැත.+ 26 ඇත්තෙන්ම චර්මච්ඡේදනය වීමේ පිළිවෙතට යටත් නොවූ+ කෙනෙක් නීතියේ සඳහන් ධර්මිෂ්ඨ ප්‍රමිති+ පිළිපදිනවා නම් ඔහුව චර්මච්ඡේදනය කළ කෙනෙකු ලෙස සැලකිය යුතු නැද්ද?+ 27 එමෙන්ම යමෙක් කුඩා කාලයේ සිට චර්මච්ඡේදනය වීමේ පිළිවෙතට යටත් නොවී සිටියත් ඔහු නීතියේ සඳහන් දේවල් පිළිපදිනවා නම් ඔහු ඔබව වරදකරුවෙකු ලෙස ඔප්පු කර පෙන්වයි.+ මන්ද ඔබට ලිඛිත නීති මාලාව ලැබී තිබුණත් ඔබ චර්මච්ඡේදනය වී සිටියත් ඔබ නීතිය උල්ලංගනය කරන කෙනෙකු වන නිසාය. 28 ඒ අනුව කෙනෙකු සැබෑ යුදෙව්වෙකු වන්නේ ඔහුගේ යම් බාහිර සුදුසුකම් නිසා නොවෙයි.+ ඔහුගේ චර්මච්ඡේදනයත් ශාරීරිකව කරන බාහිර එකක් නොවෙයි.+ 29 ඔහු සැබෑ යුදෙව්වෙක් වන්නේ ඔහු හදවතින්ම යුදෙව්වෙකු වන නිසාය.+ ඔහුගේ චර්මච්ඡේදනයද හදවතේ සිදු වන දෙයකි.+ එවැනි දෙයක් සිදු වන්නේ ලිඛිත නීති මාලාවක් මගින් නොව+ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය නිසාය. එහෙයින් ඒ මිනිසාට ප්‍රශංසාව+ ලැබෙන්නේ මිනිසුන්ගෙන් නොව දෙවිගෙන්ය.+