තීතස්
2 නමුත් ඔබ, නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත්+ ඉගැන්වීම්වලට එකඟ දේවල් ගැන නිරතුරුවම කතා කරන්න. 2 වැඩිහිටි පුරුෂයන්+ තම සීමාව අවබෝධ කරගෙන ක්‍රියා කරන, ගෞරවනීයව හැසිරෙන,+ හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරන, ශක්තිමත් විශ්වාසයක්+ හා නොසැලෙන ප්‍රේමයක් ඇති, අධෛර්යය නොවී සියල්ල විඳදරාගන්නා අය+ විය යුතුයි. 3 එලෙසම වැඩිහිටි ස්ත්‍රීන්+ දෙවිට ගෞරවයක් ගෙන දෙන ආකාරයකින් හැසිරෙන, අනුන්ව අපහාසයට ලක් නොකරන,+ බොහෝ වයින් පානයට ඇබ්බැහි නොවූ, යහපත් දේවල් උගන්වන අය විය යුතුයි. 4 ඔවුන් එලෙස කටයුතු කළොත් අසිහියෙන් ක්‍රියා කරන තරුණ ස්ත්රීන්ට අවබෝධයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය උපකාර ලබා දීමට හැකි වන අතර එමගින් ඔවුන් තම ස්වාමිපුරුෂයන්ට ප්‍රේම කිරීමටත්+ තම දරුවන්ට ප්‍රේම කිරීමටත්,+ 5 හොඳ සිහිකල්පනාවෙන් වැඩ කිරීමටත් පවිත්‍ර චරිතයක් ඇතුව සිටීමටත්+ ගෙදරදොරේ වැඩකටයුතු සාර්ථකව ඉටු කිරීමටත් යහපත්කමින් ක්‍රියා කිරීමටත් තම ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටීමටත්+ පෙලඹෙනු ඇත. එවිට කිසි කෙනෙකුට දෙවිගේ පණිවිඩය නින්දාවට ලක් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත.+
6 එලෙසම තරුණයන්ට හොඳ සිහිකල්පනාවෙන් කටයුතු කිරීමට නිරතුරුව උනන්දු කරන්න.+ 7 සෑම කාරණයකදීම ඔබ යහපත් ක්‍රියාවල නිරත වෙමින් ආදර්ශයක් වන්න.+ ඔබ උගන්වන දේවල+ කිසි දෝෂයක් නොතිබිය යුතු අතර+ ඔබ ගෞරවනීයව හැසිරෙන, 8 කිසිම චෝදනාවකට ලක් නොවන, ඔබින ආකාරයකින් කතා කරන කෙනෙකු බව පෙන්වන්න.+ එවිට අපට විරුද්ධව සිටින අයට අප ගැන කිසි නින්දාසහගත දෙයක් පැවසීමට පදනමක් නොලැබෙන නිසා ඔවුන් ලැජ්ජාවට පත් වනු ඇත.+ 9 දාසයන්+ තම අයිතිකරුවන්ට සෑම දෙයකදීම යටත්ව සිටිය යුතුයි.+ ඔවුන් තම ස්වාමිවරුන්ව සතුටු කරන, එකට එක නොකියන,+ 10 සොරකම් නොකරන අය+ විය යුතු අතර සෑම කාරණකදීම විශ්වාසවන්තව කටයුතු කරන අය විය යුතුයි.+ එසේ කිරීමෙන් අපට ගැලවීම සලසා දෙන දෙවිගේ+ ඉගැන්වීම්වල වටිනාකම පෙන්වීමට ඔවුන්ට හැකි වෙයි.
11 මන්ද සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට+ ගැලවීම ගෙන දෙන+ දෙවිගේ මහත් කරුණාව+ එළිදරව් වී ඇත.+ 12 එමගින් අපට කාවද්දනු ලබන්නේ අප දෙවිට අගෞරවයක් ගෙන දෙන ක්‍රියා+ හා පව්කාර ආශාවන්+ ප්‍රතික්ෂේප කළ යුතු බවත් පවතින මේ සමාජය තුළ+ හොඳ සිහිකල්පනාවෙන්, ධර්මිෂ්ඨකමින් හා දේවභක්තියෙන්+ ජීවත් විය යුතු බවත්ය. 13 ඒ අතරතුරේදී අපගේ ප්‍රීතිමත් බලාපොරොත්තුව+ ඉටු වන අවස්ථාවද ශ්‍රේෂ්ඨ දෙවි සහ අපගේ ගැලවුම්කරු වන ක්‍රිස්තුස් යේසුස් මහත් තේජසකින් පෙනී සිටින අවස්ථාවද+ පැමිණෙන තුරු අපි බලාගෙන සිටිමු. 14 ක්‍රිස්තුස් තම ජීවිතය පූජා කළේ+ අප වෙනුවෙන්ය. ඔහු එසේ කළේ අධර්මිෂ්ඨ ක්‍රියාවලට වහල් වූ ජීවිතයකින් අපව නිදහස් කර+ තමා වෙනුවෙන්ම තෝරාගත්,+ යහපත් ක්‍රියා කිරීමට උද්යෝගයෙන් සිටින සෙනඟක් ලෙස+ අපව පවිත්‍ර කිරීම සඳහාය.+
15 ඒ දේවල් ගැන දිගටම කතා කරන්න. එලෙසම ඔබට ලබා දී තිබෙන අධිකාරියට එකඟව උපදෙස්, මඟ පෙන්වීම් සහ අවවාද ලබා දෙන්න.+ ඔබව පහත් කර සැලකීමට+ කිසි කෙනෙකුට ඉඩ නොදෙන්න.