1 යොහන්
3 පියාණන්ට අප සඳහා කොතරම් ප්‍රේමයක් තිබෙනවාද කියා බලන්න.+ මන්ද අපව හඳුන්වනු ලබන්නේ දෙවිගේ දරුවන් ලෙසය.+ ඇත්තෙන්ම අපි ඔහුගේ දරුවෝ වෙමු. මේ ලෝකය+ අපව හඳුනන්නේ නැත්තේ ඔවුන් දෙවිව නාඳුනන නිසාය.+ 2 ප්‍රේමණීය සහෝදරයෙනි, අප දෙවිගේ දරුවන්+ වුවත් ඉදිරියේදී අපට මොන වගේ ස්වරූපයක් ලැබෙයිද කියා තවමත් එළිදරව් වී නැත.+ නමුත් අපට දෙවිව දැකගන්න අවස්ථාව ලැබෙන විට+ අපත් ඔහුගේ ස්වරූපයට සමාන වන බව+ නම් දනිමු. ඔහුව ඇත්තටම දැකගන්න අපට හැකි වනු ඇත.+ 3 ඒ තැනැත්තාණන් පවිත්‍රව සිටින්නා සේම+ ඔහු කෙරෙහි විශ්වාසය තබමින් ඒ බලාපොරොත්තුව ඇතුව සිටින සෑම කෙනෙක්ම තමන්වද පවිත්‍ර කරගනිති.+
4 පාපයෙහි නියැලී සිටින සෑම කෙනෙක්ම+ දෙවිගේ නීති උල්ලංගනය කරමින් සිටිති.+ ඒ අනුව දෙවිගේ නීතිය උල්ලංගනය කිරීම පාපයට සමානය.+ 5 යේසුස් පැමිණියේ අපගේ පව් නැති කර දැමීමට+ බව ඔබ දන්නහුය. ඔහු තුළ කිසි පාපයක් නැත.+ 6 ඔහු සමඟ එකට බැඳී සිටින සෑම කෙනෙක්ම+ පාපයෙහි නියැලෙන්නේ නැත.+ ඇත්තෙන්ම ඔහුව දැක තිබෙන බව හෝ ඔහුව හඳුනන බව හෝ පැවසීමට පාපයේ නියැලී සිටින කිසි කෙනෙකුට නුපුළුවන.+ 7 කුඩා දරුවෙනි, ඔබව නොමඟ යැවීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න. ඒ තැනැත්තා ධර්මිෂ්ඨව සිටින්නා සේ ධර්මිෂ්ඨ දේ කරන තැනැත්තාද ධර්මිෂ්ඨව සිටියි.+ 8 පාපයේ නියැලී සිටින තැනැත්තා යක්ෂයාගේ බලපෑමට හසු වී සිටියි. මන්ද යක්ෂයා මුල සිටම පව් කර ඇත.+ දෙවිගේ පුත්‍රයා පැමිණියේ+ යක්ෂයාගේ ක්‍රියා සහමුලින්ම නැති කර දැමීමටය.+
9 දෙවිගෙන් ඉපදී ඇති සෑම කෙනෙකුම පාපයේ නියැලෙන්නේ නැත.+ මන්ද එවැනි කෙනෙකු තුළ දෙවිගේ ජීවනදායක බලය* පවතී. එවැනි කෙනෙක් පාපයේ නියැලෙන්නේ නැත. ඔහු දෙවිගෙන් ඉපදී ඇති නිසා+ පුරුද්දක් ලෙස පව් කිරීමට ඔහුට නොහැකිය. 10 දෙවිගේ දරුවන් සහ යක්ෂයාගේ දරුවන් හඳුනාගත හැක්කේ මෙලෙසය. ධර්මිෂ්ඨකම් නොකරන,+ තමාගේ සහෝදරයාට ප්‍රේම නොකරන කිසිවෙක් දෙවිගේ මඟ පෙන්වීමට යටත් කෙනෙකු නොවේ.+ 11 මන්ද මුල සිටම ඔබට ඇසුණු පණිවිඩය නම්+ අප එකිනෙකාට ප්‍රේම කළ යුතුයි යන්නය.+ 12 තම සහෝදරයාව මැරූ දුෂ්ටයාගේ බලපෑමට හසු වූ කායින් මෙන් අප නොවිය යුතුයි.+ ඔහු තම සහෝදරයාව මරා දැමුවේ මන්ද? ඒ ඔහුගේ ක්‍රියා දුෂ්ට වූ නිසාත්+ ඔහුගේ සහෝදරයාගේ ක්‍රියා ධර්මිෂ්ඨ වූ නිසාත්ය.+
13 සහෝදරයෙනි, මේ ලෝකය ඔබට වෛර කිරීම ගැන පුදුම නොවන්න.+ 14 අප කලින් සිටි තත්වය මරණයකට සමාන කළ හැක. නමුත් අපි දැන් ජීවමාන වී සිටිමු.+ එසේ වන්නේ අප සහෝදරයන්ට ප්‍රේම කරන නිසාය.+ තම සහෝදරයන්ට ප්‍රේම නොකරන තැනැත්තා දිගටම මළ තත්වයක සිටියි.+ 15 තම සහෝදරයාට වෛර කරන+ සෑම කෙනෙක්ම මිනී මරන්නෙකි.+ මිනී මරන කිසිවෙකුට+ සදාකාල ජීවනය හිමි නොවන බව ඔබ දන්නහුය.+ 16 යේසුස් ක්‍රිස්තුස් අප උදෙසා තම ජීවිතය දුන් නිසා+ ප්‍රේමය කුමක්ද කියා අප දැනගෙන ඇත.+ අපත් බැඳී සිටින්නේ අපගේ සහෝදරයන් වෙනුවෙන් අපගේ ජීවිතය වුණත් දීමටය.+ 17 නමුත් එදිනෙදා අවශ්‍යතා පිරිමසාගත හැකි කෙනෙක්+ තම සහෝදරයා අගහිඟකම්වලින් පෙළෙනවා දැක දැකත්+ ඔහුට අනුකම්පාවක් දැක්වීම ප්‍රතික්ෂේප කරයි නම්+ එවැනි කෙනෙකු තුළ දෙවි සඳහා ප්‍රේමයක් ඇති බව පැවසිය හැක්කේ කෙසේද?+ 18 ප්‍රිය දරුවෙනි, අපගේ ප්‍රේමය+ වචනවලටත් කතාවටත් සීමා නොකරමු.+ ඒ වෙනුවට ක්‍රියාවෙන්+ හා අවංකකමින් ප්‍රේමය පෙන්වමු.+
19 අප සත්‍ය ඉගැන්වීම්වලට අනුව ජීවත් වන බව දැනගත හැකි වන්නේ එලෙසය.+ එමෙන්ම ඔහුගේ අනුමැතිය ලබාගෙන අපගේ සිත් ස්ථිර කරගැනීමට අපට පුළුවන. 20 මන්ද අපගේ සිත් අපට දොස් නැඟුවත්+ අපට වඩා හොඳින් දෙවි අපගේ සිත් ගැන දන්නා බවත් ඔහු සියලු දේ දන්නා බවත් අපි දනිමු.+ 21 ප්‍රේමණීය සහෝදරයෙනි, අපගේ සිත් අපට විරුද්ධව දොස් නඟන්නේ නැත්නම් දෙවි සමඟ කිසි බියක් සැකක් නැතුව කතා කිරීමට අපට හැකියාව ලැබේ.+ 22 එලෙසම අප ඔහුගේ ආඥා පිළිපදින නිසාත් ඔහුට ප්‍රසන්න දේ කරන නිසාත්+ අප ඉල්ලන ඕනෑම දෙයක් අපට ඔහුගෙන් ලැබේ.+ 23 ඇත්තෙන්ම ඔහුගේ ආඥාව පිළිපැදීමට නම් අප ඔහුගේ පුත් යේසුස් ක්‍රිස්තුස්ගේ නාමය කෙරෙහි විශ්වාසය තැබිය යුතු අතර+ ඔහු අපට අණ කළ ලෙස එකිනෙකාට ප්‍රේම කළ යුතුයි.+ 24 ඔහුගේ ආඥා පිළිපදින තැනැත්තා ඔහු සමඟ එකට බැඳී සිටියි. ඔහුද එම තැනැත්තා සමඟ එකට බැඳී සිටියි.+ ඔහු අප සමඟ එකට බැඳී සිටින බව අප දැනගෙන සිටින්නේ+ ඔහු අපට ලබා දුන් ඔහුගේ බලය මාර්ගයෙනි.+