යෝබ්
11 එවිට නයමාතිය+ ෂෝපර් මෙසේ කීවේය.
2 “ඔබ තොරතෝංචියක් නොමැතිව පවසන දේවලට පිළිතුරු නොදී සිටිය හැකිද?
පුරසාරම් දොඩන්නා නිවැරදියයි කිව හැකිද?
3 හිස් වචන දෙඩූ පමණින් මිනිසුන්ව නිහඬ කළ හැකියි කියා ඔබ සිතුවෙහිද?
ඔබ සමච්චල් කරන විට කවරෙකු හෝ ඔබට තරවටු නොකළ යුතුද?+
6 ප්‍රඥාව කියන්නේ කුමක්ද කියා ඔහු ඔබට හෙළි කරනු ඇත.
එවිට දෙවි ඔබේ සෑම වරදක්ම සිහි නොකරන බව ඔබ තේරුම්ගනු ඇත.+
සැබෑ ප්‍රඥාව ගැන අප නොදන්නා දේවල් බොහොමයක් තිබේ.
7 ඔබට කවදා හෝ දෙවිගේ ගැඹුරු කාරණා තේරුම්ගත හැකිද?+
සියලු බලැති දෙවිගේ ශ්‍රේෂ්ඨත්වය කොතරම්ද කියා ඔබට වටහාගත හැකිද?
8 දෙවිගේ ප්‍රඥාව අහසටත් වඩා ඉහළින් තිබේ. ඔබ එය කෙසේ තේරුම්ගන්නද?
එය මිනී වළටත්+ වඩා ගැඹුරුය. ඔබ එය කෙසේ වටහාගන්නද?
9 දෙවිගේ ප්‍රඥාව පොළොවට වඩා විශාලය.
සාගරයට වඩා මහත්ය.
10 ඔහු ඇවිත් යමෙකුව සිරභාරයට දී
නඩුවක් දමන්නේ නම්, ඔහුව නතර කළ හැක්කේ කාටද?
12 හීලෑ නැති බූරුවෙකුගෙන් මිනිසෙකු බිහි කළ හැකි නම්
කිසි කමකට නැති මිනිසෙකු තුළ යහපත් චේතනාද සොයාගත හැකිය.
13 ඔබේ සිත හරි මඟට යොමු කර,
දෑත් ඔසවා අවංක සිතකින් දෙවිට යාච්ඤා කරන්න.+
14 ඔබේ අතින් සිදු වන වැරදි අත්හරින්න.
ඔබේ කූඩාරම්වල කිසි අධර්මිෂ්ඨ ක්‍රියාවකට ඉඩ නොදෙන්න.
16 වේගයෙන් ගලන ජල ධාරාවක් පහව යන්නාක් මෙන්
ඔබේ දුක් ගැහැට සියල්ල ඔබේ මතකයෙන් පහ වී යන්නේය.