1 සාමුවෙල්
13 සාවුල් රජකම් කරන්න පටන්ගත් විට+ ඔහුට වයස අවුරුදු . . . ක්* විය. ඔහු ඊශ්‍රායෙල්හි අවුරුදු දෙකක් රජකම් කළේය. 2 සාවුල් රජ ඊශ්‍රායෙල්වරුන් අතරින් පුරුෂයන් තුන්දහසක් තෝරාගත්තේය. ඔවුන්ගෙන් දෙදහසක් සාවුල් රජු සමඟ මික්මාෂ්හිද+ බෙතෙල් නම් කඳුකර ප්‍රදේශයේද සිටියෝය. ඔවුන්ගෙන් දහසක් යොනාතාන්+ සමඟ බෙන්ජමින්වරුන්ගේ දේශයේ තිබූ ගිබෙයා නුවරේ+ සිටියෝය. ඔහු ඉතුරු මනුෂ්‍යයන්ව තම තමාගේ නිවෙස්වලට පිටත් කර යැව්වේය. 3 පසුව යොනාතාන් ගෙබාහි+ සිටි පිලිස්තිවරුන්ගේ+ හමුදා භටයන්ට+ පහර දී ඔවුන්ව මරා දැමුවේය. මේ ගැන පිලිස්තිවරුන්ට ආරංචි විය. පසුව සාවුල් රජ මුළු දේශය පුරා හොරණෑව පිඹින+ ලෙස අණ කරමින් මෙසේ කීවේය. “හෙබ්‍රෙව්වරුන්ට මේ ගැන දන්වන්න.” 4 එවිට සියලු ඊශ්‍රායෙල්වරුන්ට මෙසේ දන්වනු ලැබීය. “සාවුල් රජු පිලිස්තිවරුන්ගේ භට පිරිසකට පහර දී ඔවුන්ව මරා දැමූ නිසා දැන් පිලිස්තිවරුන් ඊශ්‍රායෙල්වරුන්ට වෛර කරනවා.”+ එය දැන්වූ පසු ගිල්ගාල්හි+ සිටි සාවුල් රජු වෙතට සෙනඟව රැස් කළෝය.
5 පිලිස්තිවරුද ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කිරීමට සූදානම් වූහ. අශ්ව රථ+ තිස්දහසක්ද* අසරුවන් හයදහසක්ද මුහුදු වෙරළේ වැලි මෙන්+ ගණන් කළ නොහැකි මිනිසුන් පිරිසක්ද ඔවුහු රැස් කරගත්තෝය. ඉන්පසු ඔවුහු බෙත්-ආවෙන්‍ට+ නැඟෙනහිරෙන් පිහිටි මික්මාෂ්හි කඳවුරු බැඳගත්තෝය. 6 ඊශ්‍රායෙල්වරු ඉතා දුෂ්කර තත්වයකට මුහුණ දෙමින් සිටියෝය. තමන් අනතුරේ සිටින බව+ තේරුම්ගත් ඔවුහු ගුහාවලද+ කඳු අතරේද පර්වතවලද උමංවලද වළවල්වලද සැඟවුණෝය. 7 හෙබ්‍රෙව්වරු යොර්දාන් ගඟෙන් එගොඩ වී+ ගාද්+ හා ගිලියද් දක්වාද ගියෝය. නමුත් සාවුල් රජ ගිල්ගාල්හි රැඳී සිටියේය. ඔහු සමඟ ගිය සෙනඟ මහත් සේ බියට පත්ව සිටියෝය.+ 8 සාමුවෙල් කී ලෙස සාවුල් රජ දවස් හතක් ඔහු එන තෙක් බලා සිටියේය.+ නමුත් සාමුවෙල් ගිල්ගාල් වෙතට පැමිණියේ නැත. සෙනඟද එතැනින් විසිර යෑමට පටන්ගත්තෝය. 9 එවිට සාවුල් රජ මෙසේ කීවේය. “දවන පූජාව හා හවුල් පූජා මා ළඟට ගෙනෙන්න.” ඉන්පසු ඔහු දවන පූජාව ඔප්පු කළේය.+
10 සාවුල් රජු දවන පූජාව ඔප්පු කර අවසන් වෙනවාත් සමඟම සාමුවෙල් එතැනට ආවේය. එවිට සාවුල් රජ ඔහු ළඟට ගොස් ඔහුට ආචාර කළේය.+ 11 සාමුවෙල් ඔහුගෙන් මෙසේ ඇසුවේය. “ඔබ මොනවාද මේ කළේ?”+ එවිට සාවුල් රජ මෙසේ පැවසුවේය. “පිලිස්තිවරු අපිට විරුද්ධව මික්මාෂ්හි කඳවුරු බැඳගෙන ඉන්නවා.+ සෙනඟ මාව අත්හැර යන්න පටන්ගත්තා.+ ඔබත් එනවා කියා කියූ දවසේ ආවේ නැහැ.+ 12 මම යෙහෝවා දෙවිගේ අනුමැතිය දිනාගන්න ඉස්සෙල්ලා පිලිස්තිවරු ඇවිත් මාත් එක්ක සටන් කරයි කියා මට හිතුණා.+ ඒ නිසා මමම දවන පූජාව ඔප්පු කළා.+ මට කරන්න වෙන දෙයක් තිබුණේ නැහැ.”
13 එවිට සාමුවෙල් සාවුල් රජුට මෙසේ කීවේය. “ඔබ ක්‍රියා කර තියෙන්නේ මෝඩ විදිහටයි!+ යෙහෝවා දෙවි ඔබට දුන් ආඥාව ඔබ කඩ කළා.+ ඔබ දෙවිගේ ආඥාව පැවැත්වුවා නම්+ යෙහෝවා දෙවි ඔබේ රජකම ස්ථිර කර බොහෝ කාලයකට ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කරන්න ඔබටත් ඔබෙන් පැවතෙන්නන්ටත් ඉඩ දෙන බව ස්ථිරයි. 14 නමුත් ඔබ යෙහෝවා දෙවිගේ ආඥාව කඩ කළ නිසා+ ඔබේ රාජ්‍යය වැඩි කල් පවතින්නේ නැහැ.+ යෙහෝවා දෙවි ඔහුගේ සිත සතුටු කරන කෙනෙකුව තෝරගනියි.+ යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟ පාලනය කරන්න පත් කරන්නේ ඒ තැනැත්තාවයි.”+
15 පසුව සාමුවෙල් ගිල්ගාල් වෙතින් පිටත්ව බෙන්ජමින්වරුන්ගේ දේශයේ තිබෙන ගිබෙයා වෙතට ගියේය. සාවුල් රජ ඔහු සමඟ සිටි මිනිසුන්ව ගණන් කළේය. ඔහු සමඟ මිනිසුන් හයසියයක් පමණ සිටියෝය.+ 16 සාවුල් රජද ඔහුගේ පුත් යොනාතාන්ද ඔහු සමඟ රැඳී සිටි මිනිසුන්ද බෙන්ජමින්වරුන්ගේ දේශයට අයත් ගෙබා නුවරේ+ සිටියෝය. පිලිස්තිවරු කඳවුරු බැඳ සිටියේ මික්මාෂ්හිය.+ 17 කොල්ලකරුවෝ කණ්ඩායම් තුනකට බෙදී+ පිලිස්තිවරුන්ගේ කඳවුරේ සිට නික්ම ආවෝය. එක් කණ්ඩායමක් ඔෆ්රා නගරයට+ යන මාර්ගයෙන් ෂුවාල් නම් පළාත දෙසට ගියේය. 18 අනික් කණ්ඩායම බෙත්-හෝරොන්+ වෙතට යන මාර්ගයේ ගමන් කළේය. තුන්වෙනි කණ්ඩායම ෂෙබෝයිම් නිම්නය හා පාළුකරයට ඉහළින් තිබෙන දේශ සීමාවට යන මාර්ගයේ ගියේය.
19 “හෙබ්‍රෙව්වරු කඩුවක්වත් හෙල්ලයක්වත් නොසෑදිය යුතුයි” කියා පිලිස්තිවරු පවසා තිබූ නිසා ඊශ්‍රායෙල් දේශයේ කොතැනකවත් කම්හල්කරුවෙක් නොසිටියේය.+ 20 සෑම ඊශ්රායෙලිතයෙක්ම තම තමන්ගේ නගුල් තලද උදලුද පොරෝද දෑකැතිද මුවහත් කරගැනීම+ සඳහා පිලිස්තිවරුන් වෙතට ගියෝය. 21 ඔවුහු කෙවිටක්+ සකස් කිරීමට එසේත් නැත්නම් නගුල් තලයක් හෝ උදැල්ලක් හෝ මුල්ලුවක් හෝ පොරොවක් හෝ මුවහත් කිරීමට රිදී ග්‍රෑම් අටක්* අය කළෝය. 22 සටනට නික්ම යන විට සාවුල් රජුට+ සහ ඔහුගේ පුත්‍රයා වන යොනාතාන්ට හැර ඔවුන් සමඟ සිටි වෙන කිසිවෙකුට කඩුවක්වත්+ හෙල්ලයක්වත් තිබුණේ නැත.
23 පිලිස්තිවරුන්ගේ මුර හමුදාවක්+ මික්මාෂ් කඳුකරයේ+ පිහිටි දුෂ්කර ස්ථානය වෙත ගියේය.