යෙසායා
8 යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය. “විශාල අකුරු ලියන ලෑල්ලක්+ ගෙන, ‘මහෙර්-ෂාලල්-හෂ්-බස්’* කියා පැහැදිලිව ලියන්න.* 2 පූජක උරියාවද+ යෙබෙරෙකියාගේ පුත් සෙකරියාවද විශ්වාසවන්ත සාක්ෂිකරුවන්+ ලෙස කැඳවා මා කී දේ ස්ථිර කරන්න+ කියා ඔවුන්ට කියන්න.”
3 මම අනාගතවක්තෘවරිය සමඟ සයනය කළෙමි. ඇය ගැබ්ගෙන පුතෙකු බිහි කළාය.+ ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය. “ඔහුට මහෙර්-ෂාලල්-හෂ්-බස් යන නම තබන්න. 4 මන්ද දරුවා, ‘අම්මා, තාත්තා’ කියා කියන්නත් කලින්+ මිනිස්සු දමස්කයේ වස්තු හා සමාරියේ වටිනා දේ කොල්ල කා ඇසිරියාවේ රජු ඉදිරියට ගෙන එනු ඇත.”+
5 යෙහෝවා දෙවි මට මෙසේද පැවසුවේය. 6 “මේ ජනයා, ෂිලෝවා ඇළ මාර්ගයේ හෙමිහිට ගලා යන ජලය+ ප්‍රතික්ෂේප කර+ රෙෂින් රජු හා රෙමලියාගේ පුත්‍රයා+ ගැන බලාපොරොත්තු තබමින් ප්‍රීති වෙති.+ 7 ඒ නිසා යෙහෝවා දෙවි වන මම මහ ගඟෙහි+ ජල සමූහය ඔවුන්ට විරුද්ධව ගෙනෙන්නෙමි.+ ඇසිරියාවේ රජ+ මුළු මහත් තේජස+ සමඟින් පැමිණ සැඩ ජල පහරක් සේ දේශය සම්පූර්ණයෙන්ම යටපත් කරයි. 8 සැඩ ජල පහර යූදා දේශය දක්වාද ගලා යයි. එය මුළු දේශයම යටපත් කරමින්+ ගෙල* දක්වාම ගලා එයි.+ එම්මානුවෙල්,+ ඒ තැනැත්තා තම පියාපත්+ විහිදුවා ඔබේ මුළු දේශයම වසාගනු ඇත!”
9 ජනයෙනි, සටනට සැරසෙන්න! පොළොවේ ඈත සීමාවන්හි වෙසෙන සියල්ලෙනි,+ ඔවුන්ව විනාශයට පත් කරන්න. කුමන දේ කළත් ඔබ සුනුවිසුනු වී යනු ඇත!+ එසේනම්, සටනට සූදානම් වෙන්න!+ 10 කුමන්ත්‍රණය කරන්න. නමුත් ඔබ කරන කිසිවක් සාර්ථක නොවෙයි.+ කැමති දෙයක් කියන්න. එයින් පලක් නොවෙයි. මන්ද දෙවි අප සමඟය!+ 11 යෙහෝවා දෙවි තම මහත් බලයෙන් මට මඟ පෙන්වමින් මා සමඟ කතා කළේය. මේ ජනයාව අනුකරණය නොකරන ලෙස මට අනතුරු අඟවමින් ඔහු මට මෙසේ කීවේය. 12 “මේ ජනයාගේ කූට කුමන්ත්රණවලට+ අතහිත නොදෙන්න. ඔවුන් භය වන දෙයට ඔබ භය වෙන්නවත් තැතිගන්නවත් එපා.+ 13 ඔබ භය විය යුත්තේ යෙහෝවා දෙවි වන මටයි.+ ඔබ තැතිගත යුත්තේ මා ඉදිරියේ පමණයි.+ ශුද්ධ දෙවි+ කෙනෙකුට සිටින්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන මා පමණක් බව අමතක නොකරන්න.”
14 දෙවි ශුද්ධස්ථානයක් මෙන් වනු ඇත.+ එහෙත් ඔහු ඊශ්‍රායෙල් පෙළපත් දෙකටම පය වදින ගලක් මෙන්ද පය පැටලී වැටීමට හේතු වන පර්වතයක් මෙන්ද වන්නේය.+ ඔහු යෙරුසලමේ වැසියන්ට උගුලක් මෙන් වනු ඇත.+ 15 ඔවුන්ගෙන් බොහෝදෙනෙක් පය පැටලී වැටී සුනුවිසුනු වී යන්නෝය. ඔවුහු උගුලට හසු වන්නෝය.+
16 සාක්ෂිය සටහන් වූ ලියවිල්ල අකුළන්න.+ නීතිය සඳහන් ලියවිල්ලට මුද්‍රාවක් තබා එය මගේ ගෝලයන් අතට පත් කරන්න.+ 17 මම යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්නෙමි.+ ඔහු යාකොබ්ගේ පෙළපත වෙතින් තම මුහුණ සඟවාගෙන සිටියත්+ මම ඔහු කෙරෙහි බලාපොරොත්තු අත් නොහරින්නෙමි.+
18 මාත් යෙහෝවා දෙවි මට දුන් දරුවනුත්+ ඊශ්‍රායෙල් දේශයේ වැසියන් ඉදිරියේ සිදු කෙරෙන ලකුණු+ හා ආශ්චර්යයන් හා සමානයි. අපව එලෙස යොදාගන්නේ සියොන් කන්දේ වාසය කරන ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.+
19 “පක්ෂීන් මෙන් හඬ නඟන, හීන් හඬින්+ මතුරන මායාකාරයන්ගෙන්+ හෝ ශාස්ත්‍ර කියන්නන්ගෙන් විමසන්න” කියා ජනයා ඔබට කියති. එහෙත් ජනයා කාරණා විමසිය යුත්තේ තමන් නමස්කාර කරන දෙවිගෙන් නොවෙයිද?+ ජීවතුන් උදෙසා මිය ගිය අයගෙන් විමසිය යුතුද?+ 20 නීතිය හා සාක්ෂිය+ සටහන් වූ ලියවිල්ල විමසා බලන්න!
ඔවුන් එහි සඳහන් වචන පැවසුවත්+ ඔවුන්ට කිසි ආලෝකයක් ලැබෙන්නේ නැත.+ 21 ඔවුහු පීඩාවට පත් වී කුසගින්නෙන්+ පෙළී අසරණව දේශයේ ඒ මේ අත ගමන් කරති. කුසගින්නෙන් පෙළෙන විට ඔවුහු උදහස් වී රජුටත් දෙවිටත් දොස් තබති.+ ඔවුන් අහස දෙස බැලුවත් 22 පොළොව දෙස බැලුවත් ඔවුන් දකින්නේ දසත පැතිරී ඇති වේදනාව හා අඳුර පමණි.+ බලාපොරොත්තුවේ ලකුණක්වත් ඔවුන්ට දකින්න නොලැබෙයි.+