රෝම
3 එසේනම් අන් අයට වඩා යුදෙව්වන්ට යම් වාසියක් තිබේද?+ චර්මච්ඡේදනය වීමේ පිළිවෙතේ යම් ප්‍රයෝජනයක් තිබේද?+ 2 එසේය, සෑම අතින්ම තිබේ. ප්‍රධානතම දේ නම් දෙවිගේ පරිශුද්ධ ප්‍රකාශයන් භාර දෙනු ලැබුවේ ඔවුන්ටය.+ 3 කෙසේවෙතත් ඇතැම් යුදෙව්වන් තුළ විශ්වාසයක් නැති බව සැබෑවකි.+ ඔවුන් තුළ විශ්වාසයක් නැති වූ පමණින්+ ඉන් දෙවි අවිශ්වාසවන්ත කෙනෙකු බව ඔප්පු වේද?+ 4 කිසි ලෙසකින්වත් එලෙස සිදු වන්නේ නැත! සෑම මිනිසෙකුම බොරුකාරයෙකු බව ඔප්පු වුවත්+ දෙවි සත්‍යවාදීය!+ “ඔබ පවසන දේ ධර්මිෂ්ඨ බවත් ඔබට විරුද්ධව එල්ල කර ඇති චෝදනාවලින් ඔබ නිදොස් බවත් ඔප්පු වන්නේය”+ කියා දෙවි ගැන ලියා තිබෙන්නේ ඒ නිසාය. 5 නමුත් සමහරුන් සිතන්නේ තම අධර්මිෂ්ඨ ක්‍රියාවලින් වැදගත් කාර්යයක් ඉටු වන බවය.+ තම අධර්මිෂ්ඨ ක්‍රියා නිසා දෙවිගේ ක්‍රියාවල ධර්මිෂ්ඨකම කැපීපෙනෙන බව ඔවුහු පවසති. එසේනම් දෙවි අපට දඬුවම් කරන විට එය අසාධාරණයක්ද?+ (මා මෙහිදී සඳහන් කරන්නේ මිනිසුන් දරන මතයයි.)+ 6 කිසි ලෙසකින්වත් එලෙස නොසිතන්න! මන්ද දෙවි එසේ අසාධාරණව කටයුතු කරන කෙනෙක් නම් ඔහු ලෝකය විනිශ්චය කරන්නේ කෙසේද?+
7 තවත් සමහරුන් කියන්නේ තමන් පවසන බොරුවලින් දෙවිගේ සත්‍යවාදීකම වඩාත් කැපීපෙනෙන බවත්+ එයින් ඔහුට ගෞරවයක් ලැබෙන බවත්ය. එසේනම් ඒ අයව පව්කාරයන් ලෙස විනිශ්චය කිරීම සාධාරණද? එය නිවැරදිද?+ 8 එමනිසා, “නපුරු දේවල් කරන තරමට අපට යහපත් ප්‍රතිඵල ලැබෙනවා”+ කියා ඔබට සිතෙන්න පුළුවන. අපත් එවැනි අදහස් පතුරුවන බව පවසමින් සමහරු අපට බොරුවට චෝදනා කරති.+ කෙසේවෙතත් එවැනි අයට දඬුවම් කරන විට+ දෙවි යුක්තිය ඉටු කරන්නේය.+
9 එසේනම් අප කෙසේ සිතිය යුතුද? යුදෙව්වන් හැටියට අප වඩාත් උසස් තත්වයක සිටින බවද?+ නැත. කිසිසේත් නැත. මන්ද අප දැනටමත් පැහැදිලි කළ ආකාරයට යුදෙව්වරුන් හා ග්රීකවරුන්* යන දෙපාර්ශ්වයම තම පව්කාර ස්වභාවයට හසු වී සිටිති.+ 10 ලියා තිබෙන මතු දැක්වෙන දේවලින් එය මනාව සනාථ වේ. “කිසි ධර්මිෂ්ඨ මිනිසෙක් නැත. එක් කෙනෙක්වත් නැත.+ 11 හොඳ වැටහීමකින් ක්‍රියා කරන කිසිවෙක් නැත. දෙවිගේ මඟ පෙන්වීම් පතන කිසිවෙක් නැත.+ 12 සියලුදෙනාම යහපතින් ඉවත් වී කිසි වැදගැම්මකට නැති අය බවට පත්ව ඇත. කරුණාවන්තකමින් ක්‍රියා කරන කිසිවෙක් නැත. එක් කෙනෙක්වත් නැත.”+ 13 “ඔවුන්ගේ උගුර විවර වී තිබෙන සොහොනක් හා සමානය. ඔවුන්ගේ මුවින් නික්මෙන්නේ වංචනික දේවල්ය.”+ “ඔවුන්ගේ මුවින් පිට වන වචන සර්ප විෂ මෙන් මාරාන්තිකය.”+ 14 “ඔවුන්ගේ මුඛයෙන් නිතරම පිට වන්නේ ශාප හා හිංසාවෙන් පිරුණු වදන්ය.”+ 15 “ඔවුහු ලේ වැගිර වීමට ඉක්මන් වෙති.”+ 16 “ඔවුන් නිතරම උත්සාහ කරන්නේ විනාශ කිරීමටත් වේදනා ඇති කිරීමටත්ය.+ 17 එසේම ඔවුහු සමාදානයේ මඟ ප්‍රතික්ෂේප කරති.”+ 18 “දෙවි කෙරෙහි ඔවුන්ට කිසිම ගරුබියක් නැත.”+
19 නීතිය+ භාර දෙනු ලැබුවේ යුදෙව්වන්ට බව අපි දනිමු. එහෙයින් ඔවුන්ගෙන් කෙනෙක් තමන් නිර්දෝෂයි කියා පවසන්න උත්සාහ කළත් ඒ නීතිය නිසා ඔහු නිහඬ වනු ඇත.+ ඒ අනුව මුළු ලෝකයම+ දෙවිගෙන් දඬුවම් ලැබීමට සුදුසු බව ඔප්පු වේ.+ 20 ඉන් පැහැදිලි වන්නේ නීතියේ සඳහන් සෑම දෙයක්ම පිළිපැද්දත් කිසි මිනිසෙකු දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ප්‍රකාශ නොකරන බවයි.+ ඇත්තෙන්ම නීතිය උපකාරවත් වන්නේ+ අපගේ පව්කාර ස්වභාවය ගැන අපට පැහැදිලි අවබෝධයක් ලබාගැනීමටය.+
21 ඒ අනුව දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස පෙනී සිටීමට නීතිය මත රඳා සිටීම අවශ්‍ය වන්නේ නැත.+ ඒ සඳහා දෙවි වෙනත් මඟක් අපට උදා කර දී තිබේ. ඒ මඟ ගැන නීතියෙත්+ අනාගතවක්තෘවරුන් පැවසූ දේවලත්+ එළිදරව් කර තිබිණ.+ 22 දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස පෙනී සිටීමට තිබෙන එම මඟ නම් යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි විශ්වාසය තැබීමයි.+ ඒ ප්‍රස්තාව විශ්වාසය තබන සියලුදෙනාටම විවෘතය.+ සියලුදෙනාටම වෙනසක් නැතුව ඒ ප්‍රස්තාව ලැබේ.+ 23 මන්ද සියලුම මනුෂ්‍යයෝ පව් කර ඇත.+ එහෙයින් දෙවිගේ අතිශ්‍රේෂ්ඨ ගුණාංග පිළිබිඹු කිරීමට ඔවුහු අසමත් වෙති.+ 24 නමුත් දෙවිගේ මහත් කරුණාවෙන්+ ඔවුන්ව ධර්මිෂ්ඨ අය ලෙස ප්‍රකාශ කරනු ලැබේ. එය දෙවි නොමිලේ ලබා දෙන දීමනාවකි.+ එය ලබාගත හැකි වන්නේ ක්‍රිස්තුස් යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙනි. අපගේ පව්කාර ස්වභාවයෙන් අපව නිදහස් කිරීමට ඔහුගේ ජීවිතය වන්දියක් ලෙස ගෙවන ලදි.+ 25 දෙවි ක්‍රිස්තුස්ව එව්වේ මිනිසාට දෙවි සමඟ සමාදාන වීමට මඟක් සලසන පූජාවක් ලෙසය.+ ඒ සඳහා ඔවුන් ක්‍රිස්තුස්ගේ රුධිරය කෙරෙහි විශ්වාසය තැබීම අවශ්‍ය විය.+ දෙවි ඒ දේ කළේ තමන් ධර්මිෂ්ඨ බව තහවුරු කිරීමටය. අතීතයේදී ඔහුගේ ධර්මිෂ්ඨකම පැහැදිලි වූයේ ඔහු ඉවසිලිවන්තව ක්‍රියා කරමින්+ මිනිසුන් කළ පාපවලට සමාව දීමෙනි.+ 26 මේ වර්තමාන කාලයේදී ඔහුගේ ධර්මිෂ්ඨකම පැහැදිලි වන්නේ+ යේසුස් කෙරෙහි විශ්වාසය තබන මිනිසුන්ව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කිරීමෙනි.+
27 එසේනම් පුරසාරම් දෙඩීමට කිසි පදනමක් තිබේද?+ නැත. ඒ සඳහා පදනමක් නැත්තේ අප පිළිපදින නීතිය+ ක්‍රියා මත පදනම් වූ එකක් නොවන නිසාය.+ ඒ වෙනුවට අපට තිබෙන්නේ විශ්වාසය මත පදනම් වූ නීතියකි.+ 28 එසේනම් මිනිසෙක් ධර්මිෂ්ඨ කෙනෙකු බව ප්‍රකාශ කරන්නේ නීතියේ සඳහන් දේවල් පිළිපැදීමෙන් නොව ඔහු තුළ තිබෙන විශ්වාසය මාර්ගයෙනි.+ 29 එහෙයින් දෙවි යුදෙව්වරුන්ට පමණක් අයිති දෙවි කෙනෙක්ද?+ ඔහු වෙනත් ජාතීන්වලට අයිති අයගෙත් දෙවි වන්නේ නැද්ද?+ එසේය, ඔහු වෙනත් ජාතීන්ගේද දෙවි වන්නේය.+ 30 දෙවි එකම දෙවි වන නිසා+ චර්මච්ඡේදනය වී+ විශ්වාසය තබන අයව ධර්මිෂ්ඨයන් ලෙස ඔහු සලකන්නා සේම චර්මච්ඡේදනය වී නැතත්+ විශ්වාසය තබන අයවත් ඔහු ධර්මිෂ්ඨයන් ලෙස සලකන්නේය. 31 එසේනම් අපගේ විශ්වාසය නිසා නීතිය කිසි තේරුමක් නැති දෙයක් බවට පත් වේද?+ නැත. ඇත්තෙන්ම අප මාර්ගයෙන් නීතිය තවත් ස්ථිර වේ.+