හිතෝපදේශ
30 මෙය යාකේගේ පුත් ආගුර් විසින් පවසන ලද බැරෑරුම් පණිවිඩයකි.+ ඔහු මෙම වදන් පැවසුවේ ඉතියෙල්ට සහ ඌකාල්ටය.
2 මා අන් සියලුදෙනාටම වඩා අඥානයෙකි.+ සාමාන්‍ය මිනිසුන්ට තිබෙන නුවණවත් මට නැත.+ 3 මා ප්‍රඥාව අත් කරගෙන නැත.+ අතිශුද්ධ තැනැත්තාණන් සතු දැනුම මා ලබාගෙන නැත.+
4 ස්වර්ගයට ගොස් නැවත පොළොවට පැමිණියේ කවුද?+ එවැනි කෙනෙකුව ඔබ හඳුනන්නෙහිද? තම දෑතින් සුළඟ+ අල්ලාගත්තේ කවුද? තම සළුවෙන් ජල ධාරා රැස් කරගත්තේ කවුද?+ පොළොවේ සීමා නියම කළේ කවුද?+ ඔබ එවැනි කෙනෙකුව දන්නවා නම් ඔහුගේ නම+ මට කියන්න. ඔහුගේ පුත්‍රයාගේ නමත් මට කියන්න.+
5 දෙවිගේ සියලු වදන් පවිත්‍රය.+ ඔහුගේ රැකවරණය පතන අයට ඔහු පලිහකි.+ 6 ඔහුගේ වදන්වලට කිසිවක් එකතු නොකරන්න.+ මන්ද එසේ කළොත් ඔබ බොරුකාරයෙක් වන්නෙහිය.+ එවිට දෙවි ඔබට තරවටු කරනු ඇත.
7 දෙවියනි, මම ඔබෙන් දේවල් දෙකක් ඉල්ලා සිටිමි.+ මා මිය යන තුරු වෙන කිසිවක් ඔබෙන් ඉල්ලන්නේ නැත.+ 8 බොරුවත් වංචාවත් මාගෙන් ඉවත් කරන්න.+ මට දුප්පත් වීමටවත් පොහොසත් වීමටවත් ඉඩ නොදී,+ එදිනෙදා අවශ්‍ය ආහාර පාන විතරක් ලබා දෙන්න.+ 9 නැත්නම් මා ඕනෑවට වඩා තෘප්තියට පත් වී,+ “යෙහෝවා දෙවි කවුද? මා ඔහුව හඳුනන්නේ නැහැ”+ යයි කියමින් ඔබව ප්‍රතික්ෂේප කිරීමට ඉඩ තිබේ. එසේත් නැත්නම්, මා දිලිඳුකමට වැටී සොරකමට පුරුදු වී ඔබගේ නමට නින්දා කිරීමට පෙලඹෙයි.+
10 සේවකයෙකු ගැන ඔහුගේ ස්වාමියාට කේලාම් නොකියන්න.+ එසේ කළහොත් ඔහු ඔබට ශාප කරයි. ඔබ කළ වරද ගැන ඔබට ගණන් දෙන්න සිදු වෙයි.+
11 තම පියාට ශාප කරන, මවට කිසි ගෞරවයක් නොදක්වන පරම්පරාවක් ඇත.+
12 තමන් පවිත්‍රයයි සිතන පරම්පරාවක්ද ඇත.+ එහෙත් ඔවුහු තමුන්ගේ අපවිත්‍රකම් සෝදා ඉවත් කරගෙන නැත.+
13 ඉතා අහංකාර ලෙස කටයුතු කරන පරම්පරාවක් ඇත. ඔවුන්ගේ ඇස් උඩඟුය.+
14 කඩු වැනි තියුණු දත් ඇති, මන්න පිහි වැනි ශක්තිමත් හකු ඇති පරම්පරාවක් ඇත.+ ඔවුහු පීඩාවට පත් වූ ජනයාවද දුප්පතුන්වද කා දමන්නෝය.+
15 කූඩැල්ලාට දූවරු දෙදෙනෙක් සිටිති. ඒ දූවරු, “දෙන්න! දෙන්න” යයි කියමින් නිතරම කෑගසති. කිසිදා සෑහීමට පත් නොවන දේවල් තුනක් තිබේ. ඒ තුනට අමතරව, “මට ඇති” යයි නොකියන තවත් දෙයක්ද තිබේ. 16 මිනී වළද+ දරුපල නැති ගැබද+ නියඟයෙන් වියළී ගිය දේශයක්ද+ කිසිදා සෑහීමට පත් නොවේ. ගින්නද+ කිසිදා, “මට ඇති” යයි නොකියන්නේය.+
17 පියාව සුළු කොට තකමින් මවගේ උපදෙස්ද හෙළාදකින තැනැත්තෙක් සිටියි.+ නිම්නයේ ලගින කපුටෝ ඇවිත් ඔහුගේ ඇස් උගුලා දමනු ඇත. රාජාලි පැටවුන් ඔහුව කා දමනු ඇත.
18 මම පුදුමාකාර දේවල් තුනක් දුටිමි. ඒ තුනට අමතරව, මට වටහාගැනීමට නොහැකි වූ තවත් දෙයක්ද දුටුවෙමි. 19 අහසේ පියාසර කරන රාජාලියෙකුගේ ගමන් මඟවත් පර්වතයක් මත ඇදී යන සර්පයෙකුගේ ගමන් මඟවත් ගැඹුරු මුහුදේ යාත්‍රා කරන+ නැවක ගමන් මඟවත් සොයාගත නොහැක. එසේම, තරුණියක වෙතට ඇදී යන පුරුෂයෙකුගේ ක්‍රියාකලාපයද වටහාගත නොහැක.+
20 අනාචාරයේ යෙදෙන ස්ත්‍රියක හැසිරෙන්නේ මෙසේය. ඇය කෑම කා කට පිස දමා, “මා කිසි වරදක් කර නැත” යයි කියන්නීය.+
21 පොළොවේ වැසියන්ව කැලඹීමට පත් කරන දේවල් තුනක් ඇත. ඒ තුනට අමතරව, ඔවුන්ට දරාගත නොහැකි තවත් දෙයක්ද තිබේ. 22 රජකමට පත් වූ දාසයෙකුගේ අණසක යටතේ සිටීමත්+ කා බී තෘප්තියට+ පැමිණි මෝඩයෙකු ඉදිරියේ සිටීමත් 23 එපා කළ ස්ත්‍රියකව විවාහ කරගෙන සිටීමත්+ දාසියක ඇගේ ස්වාමිදුවට හිමි තැන පැහැරගැනීමත් දරාගත නොහැකිය.+
24 පොළොවේ කුඩාම සතුන් අතරින් සතරදෙනෙක් සිටිති. උන් කුඩා වුණත් සහජයෙන්ම ප්‍රඥාවන්තය.+ 25 කුහුඹුවන් සවිශක්තිය අතින් දුර්වලය.+ එහෙත් ගිම්හානයේ උන් කෑම රැස් කරගනිති.+ 26 බෙන්හාවුන්+ බලවත් සතුන් නොවෙයි. එහෙත් උන් තම වාසස්ථාන තනාගන්නේ පර්වතයක් මතයි.+ 27 පළඟැටියන්ට+ රජෙක් නැත. එහෙත් උන් සියල්ලෝ කණ්ඩායම් වශයෙන් බෙදී පිළිවෙළකට ගමන් කරති.+ 28 හූණා+ තම පාදවලින් එල්ලීගෙන සිටියි. රජමාලිගාවල පවා ඌව දක්නට ලැබේ.
29 ආඩම්බර ලීලාවෙන් ගමන් කරන තුන්දෙනෙක් සිටිති. තේජාන්විතව ගමන් කරන තවත් අයෙක්ද සිටියි. 30 වනසතුන් අතරින් බලවතා සිංහයාය. ඌ කිසිවෙකුට භයෙන් හැරී එන්නේ නැත.+ 31 දඩබල්ලා හා එළුවා ගමන් කරන්නෙත් ආඩම්බර ලීලාවෙනි. රජෙකු තම සේනාව ඉදිරියේ ගමන් කරන්නේද එලෙසමය.+
32 ඔබ ඔබවම උසස් කරගනිමින් අඥානව කටයුතු කර ඇත්නම්+ එසේත් නැත්නම්, එසේ කිරීමට කල්පනා කරමින් සිටින්නේ නම් කට පියාගෙන නිහඬ විය යුතුයි.+ 33 කිරි කලතන විට වෙඬරු* සෑදෙයි. නාසය තදින් මිරිකන විට ලේ ගලයි. කෝපය පිට කිරීමෙන් ආරවුල් ඇති වෙයි.+