මීකා
7 අනේ මා වැනි කාලකණ්ණි මිනිසෙක්!+ මා, අස්වැන්න* නෙළූ පසුත් මිදිපල නෙළූ පසුත් ඉතුරු වී තිබෙන පලතුරු සොයා යන මිනිසෙකු වැනිය.+ එක මිදිපොකුරක්වත් දිව පිනවන එක අත්තික්කා ගෙඩියක්වත් මට කන්න ඉතුරු වී නැත!+ 2 දෙවිට විශ්වාසවන්තව සිටින එක් මිනිසෙකුවත් මිහිපිට සොයාගත නොහැකිය. එක ධර්මිෂ්ඨ මිනිසෙක්වත් නැත.+ සියලුදෙනා මාන බලන්නේ ලේ වගුරුවන්නයි.+ ඔවුහු තමන්ගේම සහෝදරයන්ට පවා උගුල් අටවන්නෝය.*+ 3 ඔවුහු නපුරු දේ කිරීමට දක්ෂයෝය.+ පාලකයෝ අල්ලස් ගනිති. විනිශ්චයකරුවන් තීන්දු දෙන්නේ තමන්ට ලැබෙන මුදලට අනුවය.+ බලවන්තයෝ තම සිතේ ආශාව පැවසූ පමණින් එය ඉටු කරගනිති.+ ඒ සියල්ලෝ එක්ව කුමන්ත්‍රණය කරති. 4 ඔවුන් අතරේ සිටින හොඳම අය වුවද කටු පඳුරු හා සමානය. ඔවුන් අතරේ සිටින අවංකම තැනැත්තා කටු වැටකටත් වඩා දරුණුය.+ නමුත් ඔබේ මුරකරුවන් අනතුරු ඇඟවූ ලෙසම සිදු වන්නේය. ඔවුන්ගේ දුෂ්ටකම්වලට ගණන් දිය යුතු දවස පැමිණෙන බව නියතය.+ ඒ දවසේදී ඔවුහු සියල්ලෝම වියවුලට පත් වන්නෝය.+
5 ඔබේ මිත්රයන්ව විශ්වාස නොකරන්න. ඔබේ කිට්ටුම මිත්රයාවවත් විශ්වාස නොකරන්න.+ ඔබේ ළයේ සැතපෙන තැනැත්තියට පවා ඔබ කියන දේ ගැන පරෙස්සම් වන්න.+ 6 මන්ද පුත්‍රයා තම පියාව හෙළාදකින්නේය. දුව ඇගේ මවට විරුද්ධවද+ ලේලිය ඇගේ නැන්දම්මාට විරුද්ධවද+ කටයුතු කරන්නීය. මිනිසෙකුගේ සතුරෝ නම් ඔහුගේම පවුලේ සාමාජිකයන්ය.+
7 එහෙත් මා බලාපොරොත්තු තබන්නේ යෙහෝවා දෙවි කෙරෙහිය.+ මට ගැලවීම දෙන දෙවි ක්‍රියා කරන තුරු මම ඉවසිල්ලෙන් බලා සිටින්නෙමි.+ මාගේ දෙවි මට සවන් දෙන බව මට විශ්වාසය.+
8 මට සතුරුකම් කරන තැනැත්තිය, මට සිදු වූ විපත ගැන ප්‍රීති නොවන්න.+ මම දැන් වැටී සිටියද නැවත නැඟිටින්නෙමි.+ දැන් මා අන්ධකාරයේ සිටියද+ ඉදිරියේදී යෙහෝවා දෙවිගෙන් මට ආලෝකය ලැබෙනු ඇත.+ 9 දෙවි මා වෙනුවෙන් නැඟී සිට මට සාධාරණය ඉටු කරන තුරු+ මම යෙහෝවා දෙවිගේ උදහස ඉවසන්නෙමි. මන්ද මම දෙවිට විරුද්ධව පව් කළෙමි.+ ඔහු මාව අන්ධකාරයෙන් ආලෝකයට ගෙන එයි. එවිට ඔහුගේ ධර්මිෂ්ඨකම පැහැදිලිව දැකගැනීමට මට හැකි වනු ඇත.+ 10 මට සතුරුකම් කරමින්, “ඔබේ දෙවි යෙහෝවා කොහේද”+ කියා මට සමච්චල් කළ ස්ත්‍රිය ඒ දවසේදී ලැජ්ජාවට පත් වන්නීය.+ ඇය මිනිසුන්ගේ පයට පෑගෙන මඩ මෙන් වන්නීය.+ ඇයට සිදු වන දේ මට දැකගන්න ලැබෙයි.+
11 ඔබේ පවුරු ගොඩනඟන දවසේදී ඔබට විරුද්ධව දුන් නියෝගය අවලංගු වනු ඇත.*+ 12 ඒ දවසේදී, ජනයා ඇසිරියාවේ සිටද ඊජිප්තුවේ නගරවල සිටද ඔබ ළඟට පැමිණෙන්නෝය. ඊජිප්තුවේ සිට මහ ගඟ*+ දක්වාද එක මුහුදක සිට තවත් මුහුදක් දක්වාද එක කන්දක සිට තවත් කන්දක් දක්වාද+ ජීවත් වන ජනයා ඔබ ළඟට පැමිණෙනු ඇත. 13 එහෙත් මේ දේශයේ වැසියන් කරන දේවල් නිසා දේශය පාළු වී යයි.+
14 දෙවියනි, වනාන්තරයක පිහිටි පලතුරු උයනක් මැද+ තනිව වාසය කරන බැටළු රැළක් මෙන් වූ ඔබේ සෙනඟව රැකබලා ගන්න. ඔවුන්ට ඔබේ සැරයටියෙන් මඟ පෙන්වන්න.+ අතීතයේදී මෙන්+ බාෂාන් දේශයේදී හා ගිලියද් දේශයේදී ඔවුන්ව පෝෂණය කරන්න.+
15 “ඔවුන් ඊජිප්තු දේශයෙන් පිටත්ව ආ කාලයේදී කළාක් මෙන් මම දැනුදු ඔවුන් වෙනුවෙන් පුදුම දනවන ක්‍රියා කරන්නෙමි.+ 16 බලවත් ජාතීහු පවා ඒ පුදුම දනවන දේවල් දැක ලැජ්ජාවට පත් වෙති.+ ඔවුහු තම අත්වලින් කට වසාගන්නෝය.+ ඔවුන්ගේ කන් බිහිරි වනු ඇත. 17 සර්පයන් මෙන් ඔවුහු දූවිලි කන්නෝය.+ උරගයන් භයෙන් තම සුරක්ෂිත ස්ථානවලින් පිටතට නික්ම එන්නාක් මෙන් ඔවුහු වෙවුලමින් එන්නෝය.+ ‘අපේ දෙවි වන යෙහෝවා වෙතට ඔවුහු භයෙන් වෙවුලමින් එන්නෝය.’”+
18 දෙවියනි, ඔබ වැනි දෙවි කෙනෙක් තවත් සිටියිද?+ ඔබ වරදට සමාව දෙන්නෙහිය. ඔබේ උරුමය වන ඔබේ සෙනඟගෙන් ඉතුරු වූ අයගේ+ වැරදි අමතක කර දමන්නෙහිය.+ ඔබ ප්‍රේමයට* ප්‍රිය කරන+ නිසා ඔබ සැමදා කෝපය සිතේ තබාගන්නේ නැත. 19 ඔබ නැවත අපට දයාව පෙන්වා+ අපේ පාපවලින් ජය ගන්න අපට උදව් කරන්නෙහිය.+ ඔබ අපේ සියලු පාප මුහුදු පත්ලටම හෙළන්නෙහිය.+ 20 ඔබ අතීතයේ අපේ මුතුන්මිත්තන්ට දිවුරා පොරොන්දු වූ ලෙස ආබ්‍රහම්ට පෙන්වූ මහත් ප්‍රේමය* හා යාකොබ්ට දැක්වූ විශ්වාසවන්තකම දැන් අපටත් පෙන්වන්නෙහිය.+