හිතෝපදේශ
8 ප්‍රඥාව ශබ්ද නඟා හඬගසන්නේ නැද්ද?+ වටහාගැනීමේ ශක්තිය හඬ නඟන්නේ නැද්ද?+ 2 ප්‍රඥාව උස් තැන්වලද+ මඟ අසලද මංසන්ධිවලද රැඳී සිටියි. 3 නුවර දොරටුව අසලද ඒ අවට ස්ථානවලද+ එය හඬ නඟා මෙසේ කියයි.+
4 “මනුෂ්‍යයෙනි, මා කතා කරන්නේ ඔබටයි. මනුෂ්‍ය පුත්‍රයෙනි, මා මේ වචන පවසන්නේ ඔබටයි.+ 5 අද්දැකීම් අඩු තැනැත්තෙනි, සිහිබුද්ධියෙන් කටයුතු කරන්නේ කෙසේද කියා ඉගෙනගන්න.+ අඥානයෙනි, නැණවත්ව සිතන්න ඉගෙනගන්න.+ 6 මට ඇහුම්කන් දෙන්න. මන්ද මා කතා කරන්නේ ඉතා වැදගත් කාරණා ගැනය.+ මාගේ මුවින් නික්මෙන්නේ නිවැරදි වචන පමණයි.+ 7 මන්ද මම සත්‍යය කතා කරන්නෙමි.+ අසත්‍ය කතා මගේ තොල්වලට පිළිකුලක්ය.+ 8 මා පවසන සියලු දේ ධර්මිෂ්ඨය.+ වංක වූ දූෂිත අදහස් මාගේ මුවින් පිට වන්නේ නැත.+ 9 වටහාගැනීමේ හැකියාව සතු අය මා පවසන සියල්ල නිවැරදි බව පිළිගනිති. දැනුම අත් කරගෙන සිටින අයට ඒ සෑම කියමනක්ම සාධාරණය.+ 10 රිදීවලට වඩා වටිනා මගේ උපදෙස් පිළිගන්න. පවිත්‍ර රනටත් වඩා වටිනා දැනුම මාගෙන් ලබාගන්න.+ 11 මන්ද ප්‍රඥාව කොරල්වලට වඩා වටින්නේය.+ මිනිසුන් ආශා කරන අන් සියලු දේවලටත් වඩා එය වටින්නේය. ඊට සම කළ හැකි කිසි දෙයක් නැත.+
12 “ප්‍රඥාව වන මම, සිහිකල්පනාව සමඟ අත්වැල් බැඳගෙන සිටින්නෙමි.+ දැනුමද හොඳින් සිතීමේ හැකියාවද මා සතුය.+ 13 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටීම යනුවෙන් අදහස් කරන්නේ නපුරට ද්වේෂ කිරීමයි.+ තමාවම උසස් කරගැනීමද උඩඟුකමද+ නපුරු මාර්ගයද වංචනික මෙන්ම දූෂිත කතාද+ යන මේ සියල්ලට මම ද්වේෂ කරමි. 14 හොඳ උපදෙස්ද+ බුද්ධියද*+ මගෙන් ලබාගත හැකියි. මනා අවබෝධයකින් කටයුතු කරන්නද+ ශක්තිමත්ව සිටින්නද+ මගෙන් ඉගෙනගත හැකියි. 15 රජවරුන් සාර්ථකව රජකම් කරන්නේ මාගේ උපකාරයෙනි. උසස් නිලධාරීන් ධර්මිෂ්ඨ නියෝග පනවන්නේ මා නිසාය.+ 16 අධිපතීන් පාලනය කරන්නේද+ ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරන්නේද+ මගේ උපකාරයෙනි. 17 මට ප්‍රේම කරන අයට මම ප්‍රේම කරමි.+ මාව සොයන අයට මාව සම්බ වේ.+ 18 වස්තුවද ගෞරවයද+ ධර්මිෂ්ඨකමද මා සතුය. හොඳ සාරධර්ම මට උරුම වී තිබේ.+ 19 මාගෙන් ලැබෙන දේ රනටත් වඩා අනර්ඝය. එසේය, පිරිසිදු රනටත් වඩා අනර්ඝය. මාගෙන් නෙළාගන්නා දේ ඉස්තරම් රිදීවලටත් වඩා අගනේය.+ 20 මා ගමන් කරන්නේ ධර්මිෂ්ඨ මාර්ගයේය.+ යුක්තියේ මාවත් මැදින්ම මම ගමන් කරන්නෙමි.+ 21 මන්ද මට ප්‍රේම කරන අයට වටිනා දේ හිමි කර දෙන්නත්+ නිරතුරුවම ඔවුන්ගේ ගබඩා පුරවා තබන්නත්+ මම ආශාවෙන් සිටිමි.
22 “යෙහෝවා දෙවිගේ මුල්ම නිර්මාණය මමයි.+ ඈත අතීතයේ අන් සියල්ල සෑදීමට පෙර ඔහු බිහි කළේ මාවයි.+ 23 ඔහු මට හිමි තැන ලබා දුන්නේ බොහෝ කලකට පෙරයි.+ මුල පටන්ම මට ඒ තැන හිමි විය. මට එය හිමි වුණේ පොළොව නිර්මාණය කිරීමටත් කලිනුයි.+ 24 මාව බිහි කළේ මහා ජල කඳන් පවතින්නත් කලිනුයි.+ ඒ කාලයේදී ගැඹුරු දිය උල්පත් තිබුණේ නැත. 25 කඳු හෙල් පිහිටුවන්නත් කලින් මාව බිහි කළේය.+ 26 ඒ වන විට පෘථිවියවත්+ වෙල් යායවල්වත් තණබිම්වත් සරුසාර කෙත්වතුවත් භූමියේ එක පස් පිඩැල්ලක්වත් සාදා තිබුණේ නැත.+ 27 ඔහු අහස පිහිටෙවූ කලද මහා ජල කඳේ ඈත කෙළවරේ ක්ෂිතිජය* නියම කළ කලද+ මම සිටියෙමි.+ 28 ඔහු ඉහළ අහසේ වලා පටලයන් සෑදූ විටද+ මහා ජල කඳේ දිය උල්පත් ස්ථිර ලෙස පිහිටෙවූ විටද මම සිටියෙමි.+ 29 මුහුදේ සීමාවන් ඉක්මවා නොයන ලෙස මුහුදු ජලයට අණ කළ විටද+ පොළොවේ අත්තිවාරම් නියම කළ විටද මම සිටියෙමි.+ 30 එවිට මම ඔහු ළඟින්ම සිට ඔහුගේ ප්‍රධාන සේවකයා ලෙස කටයුතු කළෙමි.+ මම නිතරම ඔහු ඉදිරියේ සතුටින් සිටියෙමි.+ දිනපතාම ඔහු විශේෂයෙන්ම මා ගැන ප්‍රීති වුණේය.+ 31 ඔහු නිර්මාණය කළ සරුසාර පොළොව දැක මම සතුටු වුණෙමි.+ මා බොහෝ සෙයින් ප්‍රිය කළේ මනුෂ්‍ය පුත්‍රයන්ටයි.+
32 “මාගේ පුත්‍රයෙනි, මට ඇහුම්කන් දෙන්න. මාගේ මාර්ග රක්ෂා කරන අය සන්තෝෂවත්ය.+ 33 හික්මවීම පිළිගෙන ප්‍රඥාවන්ත වන්න.+ එය ප්‍රතික්ෂේප නොකරන්න.+ 34 දිනපතාම මාගේ ගෙයි දොරටුව අසල බලා සිටිමින් මාගේ දොරකඩ අසල අවදිව සිට මට සවන් දෙන තැනැත්තා සන්තෝෂවත්ය.+ 35 මාව සොයාගන්නා තැනැත්තාට අනිවාර්යයෙන්ම ජීවනය ලැබෙන්නේය.+ ඔහුට යෙහෝවා දෙවිගේ අනුමැතියද ලැබෙන්නේය.+ 36 එහෙත් මාව සොයාගැනීමට අසමත් වන තැනැත්තා තමාගේම ජීවිතයට හානි පමුණුවාගනියි.+ මට වෛර කරන සියල්ලෝ මරණයට අත වනති.”+