යොෂුවා
13 යොෂුවා මහලු වියේ පසු වූ බැවින්+ යෙහෝවා දෙවි ඔහුට මෙසේ කීවේය. “යොෂුවා, දැන් ඔබ මහලුය. එහෙත් යටත් කරගැනීමට මේ දේශයෙන් තව විශාල කොටසක් ඉතුරු වී ඇත.+ 2 පිලිස්තිවරුන්ට+ හා ගෙෂූර්වරුන්ට+ අයිති ප්‍රදේශ සියල්ලම තවමත් යටත් කරගෙන නැත.+ 3 ඊජිප්තු දේශයට නැඟෙනහිරෙන් පිහිටි නයිල් ගඟේ අතු ගංගාවේ සිට උතුරේ එක්‍රොන් නගරය+ දක්වා තිබෙන ප්‍රදේශයත් යටත් කරගැනීමට තිබේ. (එම ප්‍රදේශය කලින් කානානිවරුන්ගේ පළාතක්+ ලෙස සලකනු ලැබීය.) එම ප්‍රදේශයේ ගාසා,+ අෂ්දොද්,+ අෂ්කෙලොන්,+ ගාත්+ සහ එක්‍රොන්+ යන නගර පිහිටා තිබේ. එම නගර පාලනය කරනු ලබන්නේ පිලිස්තීය ජාතික අධිපතීන් පස්දෙනෙකු+ විසිනි. අව්විවරු+ ජීවත් වන්නේද එම ප්‍රදේශයේමය. 4 දකුණු දිශාවේ තිබෙන කානානිවරුන්ගේ ප්‍රදේශයද තවමත් යටත් කරගෙන නැත. එපමණක්ද නොව සීදොන්වරුන්ට+ අයිති මෙයාරා නගරයේ සිට අමෝරිවරුන්ගේ දේශ සීමාවේ තිබෙන අපෙක් නගරය දක්වා ඇති ප්‍රදේශයත් යටත් කරගැනීමට ඉතුරු වී ඇත. 5 ගෙබල්වරුන්ගේ+ දේශයද අත් කරගත යුතුයි. හෙර්මොන් කඳු පාමුල පිහිටි බාල්-ගාද් නගරයේ+ සිට හමාත්ට+ ඇතුල් වන තැන දක්වා තිබෙන ලෙබනොන්හි මුළු නැඟෙනහිර කොටසද අත් කරගත යුතුයි. 6 ලෙබනොන්+ සිට මිස්රෙපොත්-මායිම්+ දක්වා ඇති කඳුකරයේ වාසය කරන සීදොන්වරුන්ව+ මම ඊශ්‍රායෙල්වරුන්ගේ ඇස් පනාපිටම දේශයෙන් පන්නා දමන්නෙමි.+ මම ඔබට අණ කළ ලෙස ඔබ ඒ දේශයත් ඊශ්‍රායෙල්වරුන්ට උරුමයක් ලෙස දිය යුතුයි.+ 7 ඒ දේශයේ ඉඩම් ඉතුරු ගෝත්‍ර නවයට සහ මනස්සේ ගෝත්‍රයෙන් කොටසකට බෙදා දෙන්න.”+
8 මනස්සේ ගෝත්‍රයේ අනික් කොටසටත් රූබෙන් ගෝත්‍රයටත් ගාද් ගෝත්‍රයටත් ඒ වන විට තම උරුමය ලැබී තිබිණ. යෙහෝවා දෙවිගේ සේවකයෙකු වූ මෝසෙස් ඔවුන්ට යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් පිහිටි දේශය උරුමයක් ලෙස දුන්නේය.+ ඔවුන්ට උරුමයක් ලෙස ලැබුණු එම දේශයට 9 ආනොන් නිම්නය+ කෙළවරේ පිහිටි අරෝයේර් නගරයද+ එම නිම්නය මැද පිහිටි නගරයද දීබොන් නගරය+ දක්වා දිව යන මුළු මේදෙබා උස් තැනිතලාවද+ අයත් විය. 10 හෙෂ්බොන් නගරයේ සිට පාලනය කළ අමෝරිවරුන්ගේ රජු වූ සීහොන් යටතේ තිබුණු අනික් සියලු නගරද ඊට ඇතුළත් විය. එම නගර අම්මොන්වරුන්ගේ දේශ සීමාව දක්වා දිව ගියේය.+ 11 ගිලියද් දේශයත් ගෙෂූර්වරුන්ට+ සහ මයකාත්වරුන්ට අයිති ප්‍රදේශත් මුළු හෙර්මොන් කන්දත්+ සලෙකා නගරය+ දක්වා විහිදී ගිය මුළු බාෂාන් දේශයත්+ ඔවුන්ට උරුම විය. 12 අෂ්ටාරොත් සහ එද්රෙයි+ යන නගර දෙකේ සිට බාෂාන් දේශය පාලනය කළ ඕග් රජුගේ මුළු රාජධානියද+ ඔවුන්ට උරුම විය. රෙෆායිවරුන්ගෙන්+ ඉතුරු වී සිටියේ ඕග් රජු පමණි. මෝසෙස් මේ සියලු ජාතීන්ට පහර දී ඔවුන්ව දේශයෙන් පන්නා දැමුවේය.+ 13 එහෙත් ඊශ්‍රායෙල්වරු ගෙෂූර්වරුන්ව සහ මයකාත්වරුන්ව ඔවුන්ගේ දේශයෙන් පන්නා දැමුවේ නැත.+ ගෙෂූර්වරු+ සහ මයකාත්වරු අද වන තුරු ඊශ්‍රායෙල්වරුන් අතරේ වාසය කරති.
14 මෝසෙස් ලෙවී ගෝත්‍රයට පමණක් උරුමයක් ලබා දුන්නේ නැත.+ මන්ද ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාට ඔප්පු කරන දවන පූජාවන්+ ඔවුන්ට උරුමයක් ලෙස ලැබෙන බවට+ දෙවි පොරොන්දු වී තිබිණ.+
15 පසුව මෝසෙස් රූබෙන් ගෝත්‍රයට අයත් පවුල්වලට ලැබීමට නියමිත වූ උරුමය බෙදා දුන්නේය. 16 ආනොන් නිම්නය කෙළවරේ පිහිටි අරෝයේර් නගරයත්+ ආනොන් නිම්නය මැද පිහිටි නගරයත් මේදෙබා අසල පිහිටි උස් තැනිතලාවත්+ 17 හෙෂ්බොන් නගරයත්+ ඒ අවට තැනිතලාවේ පිහිටි කුඩා නගරත්+ ඔවුන්ට උරුම විය. දීබොන්,+ බාමොත්-බාල්,+ බෙත්-බාල්-මෙයොන්,+ 18 යහෂ්,+ කෙදෙමොත්,+ මෙෆයත්,+ 19 කිර්යතායිම්,+ සිබ්මා,+ නිම්නය අසල පිහිටි කන්දේ තිබූ ෂෙරෙත්-ෂහර්, 20 බෙත්-පෙයෝර්, පිස්ගා කඳු බෑවුම්,+ බෙත්-යෙෂිමොත්+ සහ 21 උස් තැනිතලාවේ පිහිටි සියලු නගර+ රූබෙන් ගෝත්‍රයට උරුම විය. හෙෂ්බොන් නගරයේ+ සිට පාලනය කළ අමෝරිවරුන්ගේ රජු වූ සීහොන්ගේ රාජධානිය ඔවුන්ට අයිති විය.* මෝසෙස් සීහොන් රජුවද එම දේශයේ ජීවත් වූ එවී, රෙකෙම්, ෂුර්, රෙබා සහ හූර්+ යන මිදියන් ජාතිකයන්වද මරා දැමුවේය.+ කලින් මිදියන්හි පාලකයන්ව සිටි ඔවුහු සීහොන් රජු යටතේ අධිපතියෝ ලෙසද සේවය කරමින් සිටියෝය. 22 ඊශ්‍රායෙල්වරු බෙයොර්ගේ+ පුත්‍රයා වූ බාලාම් නමැති ශාස්ත්‍ර කියන්නාවද+ කඩුවෙන් මරා දැමුවෝය. 23 රූබෙන් ගෝත්‍රයට උරුම වූ දේශයේ එක් මායිමක් වූයේ යොර්දාන් ගඟය. ඉහත සඳහන් සියලු ප්‍රදේශද එම ප්‍රදේශවල තිබූ නගරද ගම්මානද රූබෙන් ගෝත්‍රයට+ අයත් පවුල්වලට උරුමයක් වශයෙන් ලැබිණ.
24 පසුව මෝසෙස්, ගාද් ගෝත්‍රයට අයත් පවුල්වලට ඔවුන්ගේ උරුමය බෙදා දුන්නේය.+ 25 ඔවුන්ට යාසෙර් නගරයද+ ගිලියද් දේශයේ + සියලු නගරද අම්මොන්වරුන්ට අයත් දේශයෙන් භාගයක්ද උරුම විය.+ අම්මොන්වරුන්ගේ දේශයේ, රබ්බා නගරයට+ මුහුණ ලා පිහිටි අරෝයේර් නගරය+ දක්වා තිබූ ප්‍රදේශය ඔවුන්ට අයිති විය. 26 හෙෂ්බොන් නගරයේ+ සිට රාමත්-මිෂ්පේ සහ බෙතොනිම් දක්වාද මහනායිම් නගරයේ+ සිට දෙබීර් නගරයේ+ මායිම දක්වාද 27 නිම්නයේ පිහිටි බෙත්-හාරාම්,+ බෙත්-නිම්රා,+ සුක්කොත්+ සහ ෂපොන් යන නගරද ඔවුන්ට ලැබිණ. හෙෂ්බොන්හි+ රජු වූ සීහොන්ගේ රාජධානියේ ඉතුරු කොටස ගාද් ගෝත්‍රයට උරුම විය. යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් කින්නෙරෙත් මුහුද+ දක්වාම තිබෙන ප්‍රදේශ ඔවුන්ට අයිති විය. 28 ඉහත සඳහන් වූ මුළු දේශයද එහි නගර සහ ගම්මානද ගාද් ගෝත්‍රයට+ අයත් පවුල්වලට උරුමයක් වශයෙන් ලැබිණ.
29 පසුව මෝසෙස් මනස්සේ ගෝත්‍රයේ එක් කොටසකට ඔවුන්ගේ උරුමය බෙදා දුන්නේය. ඔවුන්ගේ පවුල් අනුව එය බෙදා දුන්නේය.+ 30 ඔවුන්ට මහනායිම් නගරයේ+ පටන් බාෂාන්හි රජු වූ ඕග්ගේ මුළු රාජධානියම එනම්, මුළු බාෂාන් ප්‍රදේශයත්+ යායිර්ගේ කූඩාරම් ගම්මාන+ සියල්ලත් උරුම විය. ඊට නගර හැටක් ඇතුළත් විය. 31 ගිලියද් දේශයෙන් භාගයක්ද බාෂාන්හි රජු වූ ඕග්ගේ රාජධානියේ අෂ්ටාරොත්+ සහ එද්රෙයි+ යන නගර දෙකද මනස්සේ ගෝත්‍රයට අයත් මාකීර්ගේ පුත්‍රයන්ගෙන්+ අඩකට තම තමන්ගේ පවුල්වලට අනුව උරුම විය.
32 මෝසෙස්, යෙරිකෝව අසල තිබෙන යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් පිහිටි මෝවබ් පාළුකරයේ සිටියදී, ඉහත සඳහන් වූ මුළු දේශය ඔවුන්ට උරුම කර දුන්නේය.+
33 එහෙත් ලෙවී ගෝත්‍රයට මෝසෙස් උරුමයක් නොදුන්නේය.+ මන්ද දෙවි පොරොන්දු වූ ලෙස ඔවුන්ට ලැබුණු උරුමය නම් ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාට සේවය කිරීමය.+