එළිදරව්
12 ස්වර්ගයෙහි මහත් ලකුණක්+ දකින ලදි. එහි සූර්යයාගෙන් සැරසී සිටි ස්ත්‍රියක්+ සිටියාය. ඇගේ පාද යට සඳද ඇගේ හිස මත තාරකා දොළොසකින් යුත් ඔටුන්නක්ද තිබිණ. 2 ඇය ගැබ්ගෙන සිටියාය. ප්‍රසව වේදනාවෙන් සිටි ඇය, මහත් හඬකින් මොරගසමින් සිටියාය.+
3 ස්වර්ගයෙහි තවත් ලකුණක් දකින ලදි. බලන්න, හිස් හතක්ද අං දසයක්ද හිස් මත ඔටුනු හතක්ද ඇති ගිනි පැහැති මහා මකරෙකු දක්නට ලැබිණ.+ 4 ඌ තම වලිගයෙන්+ ස්වර්ගයෙහි පිහිටි තාරකාවලින් තුනෙන් කොටසක් ඇද+ පොළොවට හෙළාදැමුවේය.+ ස්ත්‍රිය දරුවා බිහි කළ විට ඇගේ දරුවාව කා දැමීමේ අදහසින්+ ඒ මකරා දරුවා බිහි කිරීමට සිටි+ ස්ත්‍රිය ඉදිරියෙහි බලා සිටියේය.+
5 ඇය බිහි කළේ පුතෙකුය.+ ඔහු යකඩ දණ්ඩකින්+ සියලු ජාතීන්ව පාලනය කිරීමට නියමිත කෙනෙකි. ඇගේ දරුවා දෙවි වෙතටත් ඔහුගේ සිංහාසනය වෙතටත් ඔසවාගනු ලැබීය.+ 6 ඉන්පසු ඒ ස්ත්‍රිය පාළුකරයට පලා ගියාය.+ එහි ඇය සඳහා ස්ථානයක් දෙවි විසින් සූදානම් කර තිබිණ. එසේ කළේ ඇයව එක්දහස් දෙසිය හැට දවසක්+ එතැනදී පෝෂණය කිරීම සඳහාය.+
7 ස්වර්ගයෙහි යුද්ධයක් ඇති විය. මිකායෙල්+ සහ ඔහුගේ දූතයෝ මකරාට විරුද්ධව යුද්ධ කළෝය. මකරා සහ උගේ දූතයන් යුද්ධ කළත්, 8 ඌ ජය ගත්තේ නැත. එතැන් පටන් ඔවුන්ට ස්වර්ගයෙහි තිබුණු ස්ථානය අහිමි විය. 9 එහෙයින් ඒ මහත් මකරාව+ පහතට හෙළනු ලැබුවේය. ඒ මකරා නම් යක්ෂයා+ කියාද සාතන්+ කියාද හඳුන්වන මුළු පොළොවම නොමඟ යවන+ මුල් සර්පයාය.+ ඔහුව පොළොවට හෙළන ලදි.+ ඔහුගේ දූතයෝද ඔහු සමඟ පහතට හෙළනු ලැබුවෝය. 10 ඉන්පසු ස්වර්ගයෙහි මහත් හඬක් මට ඇසිණ. ඒ හඬ මෙසේ පැවසුවේය.
“බලන්න, අපගේ දෙවි මිනිසුන්ට ගැලවීම ලබා දී ඇත.+ ඔහුගේ බලය තහවුරු වී ඇත.+ ඔහුගේ රාජ්‍යයද පිහිටුවා හමාරය.+ ඔහුගේ ක්‍රිස්තුස්ගේ බලය මෙතැන් සිට ක්‍රියාත්මක වේ.+ මන්ද අපගේ දෙවි ඉදිරියේ අපගේ සහෝදරයන්ට විරුද්ධව දිවා රෑ දෙකෙහි නොකඩවා චෝදනා එල්ල කරන තැනැත්තාව පහතට හෙළා ඇත.+ 11 ඔවුහු බැටළු පැටවාගේ රුධිරය නිසාද+ තමන් සාක්ෂි දැරූ පණිවිඩය නිසාද+ ඔහුව පරාජය කර ජය ගත්තේය.+ ඔවුන් මරණයේ අබියසට පවා පැමිණියත් තම ජීවිත රැකගැනීමට ඔවුන් ක්‍රියා කළේ නැත.+ 12 ඒ නිසා ස්වර්ගයද එහි වාසය කරන සියල්ලන්ද ප්‍රීති වන්න!+ නමුත් පොළොවටත් මුහුදටත් මොන තරම් දරුණු විපතකට මුහුණ දෙන්න සිදු වේද!+ මන්ද තමාට ඉතුරු වී ඇත්තේ ඉතා කෙටි කාල පරිච්ඡේදයක් බව දැන සිටින+ යක්ෂයා, මහත් කෝපයෙන් ඔබ වෙතට බැස ඇවිත් සිටියි.”+
13 තමාව පොළොවට හෙළා ඇති බව+ මකරා දුටු විට ඌ පිරිමි දරුවා බිහි කළ ඒ ස්ත්‍රියට පීඩා කළේය.+ 14 නමුත් මහත් රාජාලියෙකුගේ+ පියාපත් දෙකක් ඒ ස්ත්‍රියට දෙන ලදි. එමගින් පාළුකරයෙහි ඇයට හිමි ස්ථානයට පියඹා යෑමට ඇයට හැකි විය.+ ඇය සර්පයා වෙතින් ඉවත්ව ගිය පසු+ එක් කාලයකටත් කාලවල් දෙකකටත් කාල භාගයකටත්+ ඇයව පෝෂණය කරනු ලබන්නේ එතැනදීය.+
15 එවිට සර්පයා තම කටින් ගංගාවක් තරම් වූ ජල කන්දරාවක් පිට කළේය.+ එසේ කළේ එම ගංගාවෙන් ස්ත්රියව සම්පූර්ණයෙන්ම යට කර දැමීමටය.+ 16 නමුත් ඒ ස්ත්‍රියගේ උපකාරයට පොළොව ක්‍රියාත්මක විය.+ පොළොව තම කට ඇර මකරා තම කටින් පිට කළ ගංගාව ගිල දැම්මේය. 17 එවිට මකරා ස්ත්‍රිය කෙරෙහි උදහස් වී+ දෙවිගේ ආඥා පිළිපදින, යේසුස් ගැන සාක්ෂි දැරීමේ කාර්යය සතු+ ඇගේ පෙළපතට අයත් ඉතුරු අයට විරුද්ධව යුද්ධ කිරීමේ අදහසින් පිටත්ව ගියේය.