මීකා
4 නමුත් අවසාන කාලයේදී,+ යෙහෝවා දෙවිගේ ගෘහය+ පිහිටි කන්ද+ නොසෙල්වන ලෙස ස්ථිරව පිහිටුවනු ලබන්නේය. එය සියලුම කඳුවලටත් හෙල්වලටත් වඩා ඉහළින්+ පිහිටුවනු ලබන්නේය. ඒ කාලයේදී ජනයා වැල නොකැඩී ඒ කන්ද වෙතට ඇදී එන්නෝය.+ 2 එතැනට යන බොහෝ ජාතීහු මෙසේ කියන්නෝය. “ජනයෙනි, එන්න.+ අපි යෙහෝවා දෙවිගේ කන්දට නඟිමු. යාකොබ්ගේ දෙවිගේ ගෘහයට යමු.+ එහිදී දෙවි අපට ඔහුගේ මාර්ග ගැන උගන්වයි.+ අපිද ඔහුගේ මඟ පෙන්වීමට අනුව ජීවත් වෙමු.”+ මන්ද දෙවිගේ නීතිය සියොන් කන්දේ සිට ප්‍රකාශ කරනු ලැබේ. යෙරුසලමේ සිට යෙහෝවා දෙවි තම වචනය දැනුම් දෙන්නේය.+ 3 ඔහු බොහෝ ජනයා අතරේ තමාගේ තීන්දු ප්‍රකාශ කරන්නේය.+ දුර ඈත වෙසෙන බලවත් ජාතීන්ගේ+ ගැටලු විසඳා ඔවුන්ව නිවැරදි කරන්නේය.+ ඔවුහු තමුන්ගේ කඩුවලින් නගුල්ද හෙල්ලවලින් දෑකැතිද සාදාගන්නෝය.+ ඒ සෙනඟ තවදුරටත් එකිනෙකාට විරුද්ධව කඩු ඔසවන්නේවත් යුද්ධයට පුහුණු වන්නේවත් නැත.+ 4 ඔවුහු එක් එක් කෙනා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද සුව සේ කල් ගෙවනු ඇත.+ කිසිවෙක් ඔවුන්ව බියගන්වන්නේ නැත.+ මේ සෑම දෙයක්ම පොරොන්දු වී ඇත්තේ ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවිය.+
5 අන් අය තම තමන්ගේ දෙවිවරුන්ගේ කැමැත්තට අනුව ජීවත් වුණත්+ අපි සදහටම+ අපේ දෙවි වන යෙහෝවාගේ නාමය දරමින් ඔහුගේ කැමැත්තට එකඟව ජීවත් වෙමු.+
6 යෙහෝවා දෙවි මෙසේ පවසයි. “ඒ කාලයේදී, මගෙන් දඬුවම් ලැබ කොරගසමින් සිටි ජනයාව+ මම නැවත එක් රැස් කරන්නෙමි.+ විසිර ගිය ඒ සෙනඟ මම එක් රැස් කරන්නෙමි. 7 කොරගසමින් සිටි ඔවුන්ගෙන් ඉතුරු වන අයව මම ගලවාගන්නෙමි.+ ඈත දේශයකට ගෙන ගිය ඔවුන්ව මම බලවත් ජාතියක් බවට පත් කරන්නෙමි.+ යෙහෝවා දෙවි වන මම මෙතැන් පටන් සදහටම සියොන් කන්දේ සිට ඔවුන් කෙරෙහි රජකම් කරන්නෙමි.+
8 “සෙනඟට මුරපොළක් මෙන් වූ සියොන් කන්ද!+ ඔබව පාලනය කිරීමට රජෙක් පැමිණෙනු ඇත.+ ඔහු යෙරුසලම මුලින්ම පාලනය කළ රාජකීය පෙළපතට අයත් කෙනෙකි.+
9 “ඔබ මහත් හඬින් මොරගසන්නේ ඇයි?+ ප්‍රසූත වේදනා විඳින ස්ත්‍රියක මෙන්+ ඔබ මහත් වේදනාවෙන් කෑගසන්නේ ඔබව පාලනය කරන්න රජෙකු නැති නිසාද? එසේත් නැත්නම් ඔබට උපදෙස් දෙන තැනැත්තා මිය ගොස් ඇති නිසාද? 10 සියොන් දියණිය, බොහෝ වේදනා විඳිමින්, මහත් ආයාසයක් දරා දරුවෙකු බිහි කරන ස්ත්‍රියක මෙන් ඔබත් පීඩාකාරී තත්වයකට මුහුණ දෙනු ඇත.+ ඔබට නුවරෙන් පිට වී එළිමහනේ ජීවත් වීමට සිදු වෙයි.+ බැබිලෝනිය දක්වාම+ ඔබට යන්න සිදු වෙයි. එහිදී ඔබේ සතුරන්ගේ අතින්+ යෙහෝවා දෙවි වන මම ඔබව මුදවාගන්නෙමි.+
11 “බොහෝ ජාතීහු ඔබට විරුද්ධව එක් රැස් වනු ඇත. ‘සියොන් දූෂ්‍ය වී, නැති නාස්ති වී යන හැටි අපේ ඇස් දෙකෙන්ම දැකගන්න ලැබේවා’+ කියා ඔවුහු කියති. 12 නමුත් ඔවුහු යෙහෝවා දෙවි වන මාගේ සිතුවිලි නොදන්නෝය. මාගේ අරමුණ තේරුම් නොගන්නෝය.+ කමතට ගෙන යනු ලබන අලුතෙන් කැපූ ධාන්‍ය කරල් මෙන් පාගා පොඩි කර දැමීමට මම ඔවුන්ව එක් රැස් කරන්නෙමි.+
13 “සියොන් දියණිය, නැඟිට කරල් පාගන්න.+ ඔබට බොහෝ ජාතීන්ව පොඩි කර දමන්න හැකි වන පිණිස+ මම ඔබට යකඩ අංද තඹ කුරද දෙන්නෙමි. ඔවුන් අයුතු ලෙස උදුරාගත් වටිනා දේවල්ද ඔවුන්ට අයිති වස්තුද ඔබ රැගෙන,+ මුළු පොළොවටම අධිපති වූ යෙහෝවා දෙවි වන මට කැප කරන්නෙහිය.”+