රෝම
7 සහෝදරයෙනි, (මා කතා කරන්නේ නීතිය ගැන අවබෝධයක් ඇති අයටය.) මිනිසෙකු නීතියට යටත් වන්නේ ඔහු ජීවත්ව සිටින තුරු පමණි.+ ඒ කාරණය ගැන ඔබ දන්නේ නැද්ද? 2 උදාහරණයක් ලෙස මෙසේ සිතන්න. විවාහක ස්ත්රියක් ඇගේ ස්වාමිපුරුෂයා ජීවත්ව සිටින තුරු ඔහුට නීතියෙන් බැඳී සිටියි. නමුත් ස්වාමිපුරුෂයා මිය ගියොත් ඇය ඇගේ ස්වාමිපුරුෂයාගේ නීතිවලින් නිදහස් වෙයි.+ 3 ඇගේ ස්වාමිපුරුෂයා ජීවත්ව සිටියදී ඇය වෙනත් පුරුෂයෙකු සමඟ විවාහ වුණොත් ඇයව අනාචාරයේ* යෙදෙන ස්ත්රියක් ලෙස සලකනු ලැබේ.+ නමුත් ස්වාමිපුරුෂයා මිය ගියොත් ඇය ඔහුගේ නීතිවලින් නිදහස්ය. එහෙයින් ඇය වෙනත් පුරුෂයෙකු සමඟ විවාහ වුණත් ඇය අනාචාරයේ යෙදෙන ස්ත්රියක් ලෙස හඳුන්වන්නේ නැත.+
4 මාගේ සහෝදරයෙනි, ඔබ කලින් බැඳී සිටියේ නීතියටය. නමුත් ක්රිස්තුස්ගේ ජීවිත පූජාව නිසා ඒ බැඳීමෙන් ඔබ නිදහස් වී ඇත.+ ඔබ දැන් අයිති වන්නේ මරණයෙන් නැවත නැඟිටුවනු ලැබූ+ ක්රිස්තුස්ටය.+ එහෙයින් දෙවි වෙනුවෙන් පල දැරීමට+ අපට මඟ සැලසී ඇත. 5 අප අපගේම ආශාවන්ට අනුව ජීවත් වූ කාලයේදී+ අප තුළ පව්කාර ආශාවන් ඇති බව අපගේ ක්රියා තුළින් දක්නට ලැබිණ. ඒ බව අප දැනගත්තේ නීතිය තුළින්ය. එහි ප්රතිඵලයක් ලෙස අප තුළ මරණයට හේතු වන පල තිබෙන බව අපට වැටහිණ.+ 6 නමුත් අප බැඳී සිටි ඒ නීතියෙන් අපව නිදහස් කර ඇති නිසා+ ඒ නීතිය මිය ගියා හා සමානය. දැන් අප නිදහස්ය.+ එසේ වූයේ අලුත් ආකාරයකින් දාසයන් ලෙස එකට බැඳී සිටීම සඳහාය.+ එනම් අතීතයේ මෙන් ලිඛිත නීති මාලාවකට අනුව නොව+ දෙවිගේ බලය ලබා ඔහු වෙනුවෙන් ජීවත් වීම සඳහාය.+
7 නීතියේ යම් අඩුපාඩුවක් ඇති බව ඉන් අදහස් කරනවාද?+ කිසිසේත් නැත. ඇත්තෙන්ම නීතිය තිබුණේ නැත්නම් වැරදි දේ කුමක්ද කියා මට දැනගන්න ලැබෙන්නේ නැත.+ උදාහරණයක් ලෙස, “වෙනත් කෙනෙකු සතු දේට තණ්හාවක් ඇති කර නොගන්න”+ කියා නීතියේ සඳහන් වී තිබුණේ නැත්නම් තණ්හාව කියන්නේ කුමක්ද කියා මට දැනගන්න ලැබෙන්නේ නැත.+ 8 ඒ ආඥාව මගින් එම වරද ගැන මට පැහැදිලි අවබෝධයක් ලැබුණු අතර+ මා තුළ හැම අතින්ම එවැනි තණ්හාවක් ඇති බවත් එය පව්කාර දෙයක් බවත් මට තේරුම්ගත හැකි විය. එහෙයින් නීතිය නොමැති නම් පාපය කුමක්ද කියා අවබෝධ කරගැනීමට මට හැකි වන්නේ නැත.+ 9 ඇත්තෙන්ම නීතිය නොතිබුණු කාලයේ මා සිටියා නම් ජීවනය ගැන බලාපොරොත්තුවක් තබාගැනීමට මට හැකියාව තිබිණ.+ නමුත් පසුව පැමිණි එම නීතිය තුළින්+ මම පව්කාර දේවල් කරන කෙනෙකු බව තේරුම්ගත්තෙමි. එයින් මා මරණයට සුදුස්සෙකු බව මටම පැහැදිලි විය.+ 10 එහෙයින් ජීවනයට මඟ පෑදිය යුතු වූ ඒ ආඥා+ මා මරණයට සුදුස්සෙකු බව මට අවබෝධ කර දුන්නේය.+ 11 මන්ද පාපය කුමක්ද කියා මට අවබෝධ කර දුන්නේ නීතියයි. මා පව්කාර ආශාවලට හසු වී+ මරණයට සුදුස්සෙකු වූ බව ඉන් තහවුරු විය. 12 නමුත් නීතිය ශුද්ධය.+ එහි ආඥාද ශුද්ධය, ධර්මිෂ්ඨය,+ යහපත්ය.+
13 එසේනම් මා මරණයට සුදුස්සෙකු වූයේ මේ යහපත් නීතිය නිසාද? නැත. කිසිවිටකත් එලෙස නොසිතන්න. මාව මරණයට සුදුස්සෙකු කළේ මා තුළ තිබූ පව්කාර ස්වභාවයයි. ඒ යහපත් නීතියෙන් සිදු වූයේ මා කරන ඒ පව්කාර දේවල් නිසා මට මරණය අත් වන බව මට එළිදරව් කර දීම පමණි.+ එහෙයින් පව්කාර දේවල් කොතරම් බරපතළද කියා නීතිය මාර්ගයෙන් තව තවත් අවධාරණය කරන ලදි.+ 14 නීතිය දෙවිගෙන් ලද දෙයක්+ බව අපි දනිමු. නමුත් වැරදි දේවලට වහල් වී සිටින මා දුර්වලය.+ 15 ඇත්තෙන්ම මා කරන්නේ කුමක්ද කියා මම දන්නේ නැත. මන්ද මා කරන්නේ මා කරන්න කැමති දේ නොව මා පිළිකුල් කරන දේමය. 16 නමුත් මා කරන්නේ මා කරන්න අකමැති දේ කියා මට දැනේ නම්+ ඉන් පැහැදිලි වන්නේ නීතිය යහපත් දෙයක් කියා මා පිළිගන්නා බවය.+ 17 මා කරන දෙය කරන්නේ මා නොව මා තුළ තිබෙන පව්කාර ස්වභාවයයි.+ 18 මන්ද මා තුළ එනම්, වරදට නැඹුරු වූ මාගේ ශරීරය තුළ කිසි යහපතක් වාසය නොකරන බව මම දනිමි.+ එහෙයින් හොඳ දේ කිරීමට මා තුළ කැමැත්තක් ඇතත්+ එය කිරීමට හැකියාවක්+ මා තුළ නැත. 19 මන්ද මා යහපත කරන්න කැමති වුණත් මා අතින් සිදු වන්නේ මා කරන්න අකමැති නපුරු දේමයි.+ 20 මා කරන්නේ මා අකමැති දේ නම් එය කරන්නේ මා නොව මා තුළ වාසය කරන මාගේ පව්කාර ස්වභාවයයි.+
21 එහෙයින් මට පෙනී යන්නේ මා යම් නීතියකට වහල් වී සිටින බවය. එනම් මා හරි දේ කිරීමට කැමැත්තෙන් සිටියත්+ මා තුළින් ඉස්මතු වන්නේ වැරදි දේ කිරීමට තිබෙන නැඹුරුවාවයි.+ 22 ඇත්තෙන්ම මම දෙවිගේ නීතියට මුළු හදවතින්ම+ ඇලුම් කරන්නෙමි.+ 23 නමුත් මගේ මනසේ ඇති එම නීතියට විරුද්ධව+ සටන් කරන තවත් නීතියක්+ මගේ ශරීරය තුළ තිබේ.+ ඒ නීතිය මගේ ශරීරය තුළ ක්රියාත්මක වේ. මම පාපය නමැති එම නීතියට වහල් වී සිටිමි.+ 24 මා කොතරම් කාලකණ්ණි මිනිසෙක්ද! මගේ මරණයට හේතු වන මේ ශරීරයෙන් මාව බේරගන්නේ කවුද?+ 25 නමුත් මා දෙවිට කොතරම් ස්තුතිවන්ත විය යුතුද! මන්ද ඔහු අපගේ ස්වාමීන් වන යේසුස් ක්රිස්තුස් මාර්ගයෙන් මාව බේරාගන්නේය.+ ඒ අනුව මා මනසින් දාසයෙකු වී සිටින්නේ දෙවිගේ නීතියටය.+ නමුත් මගේ ශරීරය පාපය නමැති නීතියට තවමත් වහල් වී සිටියි.+