එසකියෙල්
26 එකොළොස්වන වසරේ, මාසයේ පළමු දින යෙහෝවා දෙවි මට මෙසේ පැවසීය. 2 “මනුෂ්‍ය පුත්‍රය, තීර් නුවර+ යෙරුසලමට සිදු වූ විපත ගැන සතුටු වෙමින් මෙසේ පවසයි.+ ‘සියලුදෙනාව ආකර්ෂණය කරගත් ඇය+ දැන් වැටී ඇත.+ ඇය සහමුලින්ම විනාශ වී ඇත.+ දැන් සියලුදෙනා මා වෙතට ඇදී එන්නෝය. සියලු ධන සම්පත් මට හිමි වනු ඇත.’ 3 එහෙයින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘තීර් වැසියෙනි, මෙය හොඳින් සිතට ගන්න. මම ඔබට විරුද්ධව නැඟී සිටින්නෙමි. මුහුදෙන් රළ නැඟී එන්නාක් මෙන්+ මම ඔබට විරුද්ධව බොහෝ ජාතීන්ව රැස් කරන්නෙමි.+ 4 ඔවුහු පැමිණ තීර් නුවරේ පවුරු බිඳ දමා+ ඇගේ මුරකොටු බිමටම සමතලා කරන්නෝය.+ මම ඇගේ සුන්බුන් අතු ගා දමා ගස් කොළන් නැති හිස් පර්වතයක් බවට ඇයව පත් කරන්නෙමි. 5 ඇය සයුර මැද+ මාදැල් අතුරන පාළු දූපතක් බවට පත් වන්නීය.’+
“‘මේ දේ පවසන්නේ මා බැවින් එය ස්ථිර වශයෙන්ම සිදු වනු ඇත’ කියා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේය. ‘ජාතීහු ඇය සතු සියල්ල කොල්ල කනු ඇත. 6 ඇය අවට පිහිටි කුඩා ගම්මානවල ජනතාව කඩුවෙන් පහර කන්නෝය. එවිට මා යෙහෝවා දෙවි බව ජනයාට පිළිගන්න සිදු වනු ඇත.’+
7 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේද පවසයි. ‘මේ අසන්න. මම බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර්ව* තීර් නුවරට විරුද්ධව එවන්නෙමි. උතුරු දිශාවෙන් පැමිණෙන ඔහු+ රජවරුන්ගෙත් රජෙකි.+ ඔහු අශ්වයන්ගෙන්ද+ යුධ රථවලින්ද+ අසරුවන්ගෙන්ද මහත් සමූහයකින්ද සන්නද්ධව තීර්ට විරුද්ධව පැමිණෙයි.+ 8 ඔහු ඔබ අවට පිහිටි කුඩා ගම්මානවල වැසියන්ව කඩුවෙන් මරා දමන්නේය. ඔහු ඔබව වටලා ඔබට පහර දෙන පිණිස ඔබ වටේට පවුරු ගොඩනඟන්නේය.+ ඔබට විරුද්ධව විශාල පලිහක්ද ඔසවන්නේය. 9 ඔබේ පවුරු බිඳ දැමීමට ඔහු ප්‍රබල යුධෝපකරණ භාවිත කරන අතර තම අවිවලින් ඔබේ මුරකොටු සියල්ල කඩා බිඳ දමන්නේය. 10 ඔහුගේ අශ්ව සේනාව මොන තරම් විශාලද කිවහොත් උන්ගෙන් ඇවිස්සෙන දූවිල්ලෙන් ඔබ නැහැවී යන්නෙහිය.+ කඩා බිඳ දැමූ පවුරකින් නුවරකට ඇතුල් වන සේනාවක් මෙන් ඔහු තම සේනාව සමඟ ඔබේ දොරටු තුළින් ඇතුල් වන්නේය. ඔහුගේ අසරුවන්ගෙන් හා යුධ රථවලින් නැඟෙන මහා ඝෝෂාව නිසා ඔබේ පවුරු පවා දෙදරුම් කන්නේය. 11 ඔබේ සියලු වීථි පුරා ඔහුගේ අශ්වයන් දුවන ශබ්දය ඇසෙනු ඇත.+ ඔහු ඔබේ වැසියන්ව කඩුවෙන් මරා දමන්නේය. ඔබේ ශක්තිමත් කුලුනු බිමට කඩා වැටෙන්නේය. 12 ඔහුගේ හමුදාව ඔබේ සියලු සම්පත් නැති නාස්ති කර+ ඔබ වෙළඳාම් කරන සියල්ල පැහැරගන්නෝය.+ ඔබේ පවුරු බිඳ දමා ඔබේ අලංකාර නිවෙස්ද ඔවුහු සුනුවිසුනු කර දමන්නෝය. ඒවායෙන් ඉතුරු වන ගල්ද ලීද දූවිලිද මුහුදට ඇද දමන්නෝය.’
13 “‘ඔබේ සතුටු ගී නද මම නැති කර දමන්නෙමි.+ ඔබේ වීණාවලින්ද තවත් හඬක් නොඇසෙනු ඇත.+ 14 මම ඔබව ගස් කොළන් නැති හිස් පර්වතයක් බවට පත් කරන්නෙමි.+ ඔබ මාදැල් අතුරන පාළු ස්ථානයක් බවට පත් වනු ඇත.+ කිසිවෙක් ඔබව නැවත කිසිදා ගොඩනඟන්නේ නැත. මේ දේ පවසන්නේ යෙහෝවා දෙවි වන මා බැවින් එය ස්ථිර වශයෙන්ම සිදු වනු ඇත.’ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.+
15 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි තීර් නුවර ගැන මෙසේද පවසයි. ‘ඔබේ වැටීමේදී දූපත් කම්පා කරවන තරම් භයංකර ශබ්දයක් ඇසෙනු ඇත. මහත් ඝාතනයක් සිදු වන ඒ දවසේදී දරුණු ලෙස තුවාල ලැබූවන්ගේ කෙඳිරිලි හඬ දේශය සිසාරා යයි.+ 16 සමුද්‍රයේ වැජඹෙන සියලු අධිපතීහු+ ඔවුන්ගේ සිහසුන්වලින් වැටෙනු ඇත.+ ඔවුහු තමන් පැළඳ සිටින සළුද විසිතුරු මෝස්තර සහිත වස්ත්‍රද ගලවා ඉවත දමන්නෝය. ඔවුහු බිම හිඳගෙන+ බියෙන් ගැහිගැහී+ ඔබ දෙස පුදුමයෙන් මෙන් දිගටම බලා සිටිනු ඇත. 17 ඔවුහු ඔබ ගැන විලාප නඟමින්+ මෙසේ පවසනු ඇත.
“‘“අනේ, ඔබට සිදු වූ විනාශය මොන තරම් මහත්ද!+ සත් සමුදුරෙන් පැමිණි සෙනඟගෙන් ජනාකීර්ණ වූ ඔබව බොහෝදෙනෙක් මොන තරම් පැසසුමට ලක් කළාද! ඔබ සමුද්‍රයේ බලවන්තයෙක් විය.+ පොළොවේ සියලු වැසියෝ ඔබ නිසාත් ඔබ තුළ වාසය කළ ජනතාව නිසාත් බියෙන් කල් ගෙවූහ. එනමුත් ඔබට මේ සිදු වූයේ කුමක්ද? 18 ඔබේ වැටීම දැක දූපත් දෙදරුම් කන්නේය. ඔබේ විනාශය දැක සමුද්‍රයේ විසිරී ඇති දූපත් කැලඹෙන්නේය.”’+
19 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙසේය. ‘මම ඔබව කිසිදු මිනිසෙකු නොවසන පාළු නුවරක් මෙන් වීමට සලස්වන්නෙමි. මහත් ජල ධාරා ඔබ පිට පමුණුවා ඒ ජලයෙන් ඔබව වැසී යන්න සලස්වන්නෙමි.+ 20 මම ඔබව පහත් කරන්නෙමි. පුරාණයේ මිය ගිය අය වෙතට යන අන් සියලු ජනයාට සිදු වන දේම මම ඔබටත් සිදු කරන්නෙමි.+ මිනී වළට යන අය සමඟ ඔබද සිටිනු ඇත.+ මා ඔබට හිමි කර දෙන්නේ පහත්ම පහත් ස්ථානයකි.+ ඔබ බොහෝ කලකට පෙර විනාශ වී පාළුවට ගිය දේශයන් මෙන් වන්නෙහිය. යළි කෙදිනකවත් ඔබ තුළ කිසිවෙකු වාසය කරන්නේ නැත. එහෙත් ජීවත්ව සිටින අයගේ දේශය මම අලංකාර කරන්නෙමි.+
21 “‘ඔබට භයංකර විනාශයක් අත් වනු ඇත.+ මම ඔබව මිහිපිටින් තුරන් කරන්නෙමි. ඇතමෙක් ඔබව සෙව්වද+ ඔවුන්ට කිසිදා ඔබව සොයාගැනීමට නොහැකි වනු ඇත.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.”