එළිදරව්
14 බලන්න, බැටළු පැටවා+ සියොන් කන්ද මත+ සිටගෙන සිටින ආකාරය මම දුටුවෙමි. ඔහු සමඟ එක්ලක්ෂ හතළිස් හාරදහස්දෙනෙක් සිටියෝය.+ ඔවුන්ගේ නළල් මත ඔහුගේ නාමයද ඔහුගේ පියාණන්ගේ නාමයද ලියා තිබිණ.+ 2 එවිට ස්වර්ගයෙන් පැමිණි මහත් ශබ්දයක් මට ඇසිණ. ඒ ශබ්දය බොහෝ ජල ධාරාවල හඬ+ මෙන්ද මහත් ගිගුරුමක හඬ මෙන්ද ප්‍රබල විය. මට ඇසුණු හඬ, කුඩා වීණා+ වයමින් ගායනා කරන පිරිසකගේ හඬ හා සමාන විය. 3 ඔවුහු සිංහාසනය ඉදිරියෙහිද ජීවීන් හතරදෙනා+ සහ වැඩිමහල්ලන්+ ඉදිරියෙහිද අලුත් ගීතිකාවක් වැනි වූ ගීතිකාවක්+ ගායනා කරන්නෝය.+ නමුත් පොළොවෙන් මිල දී ගනු ලැබූ+ ඒ එක්ලක්ෂ හතළිස් හාරදහස්දෙනාට+ මිස වෙන කිසිවෙකුට ඒ ගීතිකාව ඉගෙනගත නොහැකිය. 4 ඒ අය ස්ත්‍රීන්ගෙන් දූෂ්‍ය නොවූ පිරිසකි.+ ඇත්තෙන්ම ඔවුන් නිර්මලය.*+ බැටළු පැටවා කොතැනකට ගියත් ඔවුහු දිගටම ඔහු පසුපස යන්නෝය.+ දෙවි සහ බැටළු පැටවා වෙනුවෙන් පළමු පල ලෙස+ මිනිසුන් අතරින් මිල දී ගෙන තිබෙන්නේ ඔවුන්වය.+ 5 ඔවුන්ගේ මුවින් කිසි බොරුවක් පිට වූයේ නැත.+ ඔවුන් තුළ කිසි කැළැලක්ද නැත.+
6 ඉන්පසු මම තවත් දේවදූතයෙකු දුටුවෙමි. ඔහු පියාසර කරමින් සිටියේ අහස මැදය.+ පොළොවේ වාසය කරන අයටත් සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ජනයාටත්+ ප්‍රීතිමත් පණිවිඩයක් ලෙස ප්‍රකාශ කිරීම සඳහා සදාකාල ශුභාරංචියක් ඔහු සතු විය.+ 7 ඔහු මහත් හඬකින් පවසන්නේ මෙයයි. “දෙවිට ගරුබිය දක්වන්න.+ ඔහුට නිසි ගෞරවය දෙන්න.+ මන්ද ඔහුගේ විනිශ්චය සිදු කරන පැය පැමිණ ඇත.+ එහෙයින් අහසද පොළොවද මුහුදද දිය උල්පත්ද+ සෑදූ තැනැත්තාණන්ට+ නමස්කාර කරන්න.”
8 ඉන්පසු දෙවෙනි වරට දේවදූතයෙක් ඇවිත් මෙසේ පැවසුවේය. “ඇය වැටී ඇත! මහ බැබිලෝනිය+ වැටී ඇත!+ කෝපයත් තම වේශ්‍යාකමත්* මුසු වූ+ වයින් බීමට+ සියලු ජාතීන්ට බල කළ ඇය, වැටී ඇත!”
9 ඒ දේවදූතයන්ට පසුව තුන්වෙනි වරටත් දේවදූතයෙක් ඇවිත් මහත් හඬින් මෙසේ කීවේය. “යමෙකු මෘගයාටත්+ උගේ රූපයටත්+ නමස්කාර කළොත් තමාගේ නළලට හෝ අතට හෝ උගේ සලකුණ දමාගත්තොත්,+ 10 දෙවිගේ උදහස නමැති කුසලානයට වත් කර ඇති දෙවිගේ උදහස නමැති අමිශ්‍ර වූ වයින් බීමට ඔහුට සිදු වනු ඇත.+ ශුද්ධ දේවදූතයන් ඉදිරියෙහිත් බැටළු පැටවා ඉදිරියෙහිත් ගින්නෙන්ද ගෙන්දගම්වලින්ද+ ඔහුට වධ දෙනු ලැබේ.+ 11 ඔවුන්ට වධ දීමේ ප්‍රතිඵලයක් ලෙස නඟින දුම සදහටම නැඟ යන්නේය.+ මෘගයාට හා උගේ රූපයට නමස්කාර කරන අයටවත් උගේ නාමයෙහි සලකුණ+ දමාගන්නා අයටවත් දිවා රෑ දෙකෙහි කිසි විවේකයක් ලැබෙන්නේ නැත. 12 ඒ අනුව දෙවිගේ ආඥා පිළිපදිමින්+ යේසුස් කෙරෙහි විශ්වාසය දක්වන+ ශුද්ධ තැනැත්තන් අනිවාර්යයෙන්ම විඳදරාගත යුතුයි.”+
13 ඉන්පසු ස්වර්ගයෙන් පැමිණි හඬක් මෙසේ පවසන ආකාරය මට ඇසිණ. “මෙතැන් පටන්+ ස්වාමීන් සමඟ එකට බැඳී සිටින අය ලෙස මිය යන අය+ සන්තෝෂවත්ය.+ දෙවි තම බලයෙන් පැවසූ ලෙස බොහෝ සෙයින් වෙහෙසුණු ඔවුන්ට දැන් විවේක ගත හැකිය. මන්ද ඔවුන් කළ දේවල් පිළිබඳ වාර්තාව ඔවුන් සමඟම පවතිනු ඇත කියා ලියන්න.”
14 බලන්න, සුදු පැහැති වලාකුළක්ද ඒ වලාකුළ මත මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි කෙනෙකු+ ඉඳගෙන සිටිනවාද මම දුටුවෙමි. ඔහුගේ හිස මත රන් ඔටුන්නක්ද+ ඔහුගේ අතෙහි මුවහත් දෑකැත්තක්ද තිබිණ.
15 එවිට තවත් දේවදූතයෙක් දේවමාලිගාවෙන් පිටත් වී වලාකුළ මත ඉඳගෙන සිටින තැනැත්තාට මහත් හඬින් මෙසේ කියන්නේය. “ඔබේ දෑකැත්ත යොදා අස්වැන්න නෙළාගන්න.+ මන්ද පොළොවේ අස්වැන්න+ හොඳින් පැසී තිබේ. එය නෙළීමට පැය පැමිණ ඇත.”+ 16 එවිට වලාකුළ මත ඉඳගෙන සිටි තැනැත්තා තම දෑකැත්ත පොළොව දෙසට යොමු කළේය. එවිට පොළොවේ අස්වැන්න නෙළන ලදි.
17 තවත් දේවදූතයෙක්ද ස්වර්ගයෙහි තිබෙන දේවමාලිගාවෙන්+ පිටතට ආවේය. ඔහු අතේද මුවහත් දෑකැත්තක් තිබිණ.
18 එවිට තවත් දේවදූතයෙක් ආවේය. ඔහු පැමිණියේ පූජාසනය දෙසින්ය. ගින්දර කෙරෙහි අධිකාරිය ඔහු සතු විය.+ මුවහත් දෑකැත්ත ඇතුව සිටි දේවදූතයාට ඔහු මහත් හඬකින් මෙසේ කීවේය. “ඔබේ මුවහත් දෑකැත්තෙන් පොළොවේ මිදිවැලෙහි ඇති මිදිපොකුරු කපා රැස් කරන්න.+ මන්ද එහි මිදි හොඳින් ඉදී තිබේ.” 19 ඒ දේවදූතයාද+ තම දෑකැත්ත පොළොව දෙසට යොමු කර පොළොවේ මිදිවැල කපා,+ දෙවිගේ උදහස නමැති මහත් මිදි මඩින යන්ත්‍රයට එය හෙළුවේය.+ 20 ඒ මිදි මඩින යන්ත්‍රයට දමා තිබූ මිදි පාගනු ලැබුවේ නුවරින් පිටතය.+ මිදි මඩින යන්ත්‍රයෙන් පිටතට ගැලූ රුධිරය පර්ලොං එක්දහස් හයසියයක්* දුරට,+ අශ්වයන්ගේ කටකලියා තරම් ඉහළට විහිදී ගියේය.+