යාකොබ්
4 ඔබ අතරේ තිබෙන වාදවිවාදවලට හේතුව කුමක්ද?+ ඔබ අතරේ දබර තිබෙන්නේ මන්ද? එවැනි දේවල් සිදු වන්නේ ඔබේ බලවත් ආශාවන් ඔබ තුළ ගැටුමක් ඇති කරන නිසා නොවේද?+ 2 ඔබට ආශාවන් තිබුණත් ඒවා ඉටු කරගැනීමට ඔබට නුපුළුවන. මිනී මැරීමට තරම් වෛරයකින්+ හා තණ්හාවකින්+ ඔබේ ආශාවන් ඉටු කරගැනීමට ඔබ උත්සාහ කළත් ඔබට කිසි දෙයක් ලැබෙන්නේ නැත. ඔබ දබර කරමින්+ වාදවිවාදවලට පැටලෙමින් සිටින්නහුය. නමුත් ඔබට කිසි දෙයක් නොලැබේ. ඒ ඔබ දෙවිගෙන් ඉල්ලන්නේ නැති නිසාය. 3 නමුත් ඔබ ඉල්ලුවත් ඔබට කිසි දෙයක් ලැබෙන්නේ නැත. මන්ද ඔබ ඉල්ලන්නේ වැරදි චේතනාවකිනි.+ ඒ ඔබේම ආශාවන් තෘප්තිමත් කරගැනීමේ අදහසිනි.+
4 අනාචාරයේ යෙදෙන්නෙනි,+ ලෝකය සමඟ මිතුරුකම් පැවැත්වීම දෙවි සමඟ සතුරු වීමට හේතු වන බව ඔබ දැන සිටියේ නැද්ද?+ ඒ අනුව කෙනෙකු ලෝකයේ අය සමඟ මිත්‍ර වීමට කැමති නම්+ ඔහු දෙවිගේ සතුරෙක් වෙයි.+ 5 “නොයෙකුත් දේවල් සඳහා නිරතුරුවම ආශාවක් ඇති වන්නේ+ අප තුළ තිබෙන තණ්හාව හා ඊර්ෂ්‍යාව නිසාය” කියා ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වී ඇති දෙයට කිසි හරයක් නැති බව ඔබ සිතනවාද? 6 නමුත් ඒ දේවලට වඩා දෙවි පෙන්වන මහත් කරුණාව බලවත්ය.+ “දෙවි උඩඟු අයට විරුද්ධව සිටියත්+ තම මහත් කරුණාව නිහතමානී අයට පෙන්වන්නේය”+ කියා ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වන්නේ ඒ නිසාය.
7 එහෙයින් දෙවිට යටත් වන්න.+ යක්ෂයාට විරුද්ධ වන්න.+ එවිට ඔහු ඔබ වෙතින් පලා යයි.+ 8 දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි.+ පව්කාරයෙනි, ඔබේ දෑත් පිරිසිදු කරගන්න.+ දෙගිඩියාවෙන් සිටින්නෙනි,+ ඔබේ සිත් පවිත්‍ර කරගන්න.+ 9 දුක් වන්න. වැලපෙමින් හඬන්න.+ සිනාසෙනවා වෙනුවට වැලපෙන්න. ප්‍රීතියෙන් සිටිනවාට වඩා කලකිරී සිටින්න.+ 10 යෙහෝවා දෙවි ඉදිරියේ යටහත්පහත් වන්න.+ එවිට ඔහු ඔබව උසස් කරනු ඇත.+
11 සහෝදරයෙනි, එකිනෙකාට විරුද්ධව තවදුරටත් කතා නොකරන්න.+ සහෝදරයෙකුට විරුද්ධව කතා කරන තැනැත්තා හෝ තම සහෝදරයාව විනිශ්චය කරන තැනැත්තා+ හෝ කතා කරන්නේ නීතියට* විරුද්ධවය. ඔහු තමන්ට අවශ්‍ය අයුරින් නීතිය හදාගෙන විනිශ්චයන් ලබා දෙයි. ඔබ නීතිය ගැන එවැනි විනිශ්චයන් ලබා දෙනවා නම් ඔබ නීතිය පිළිපදින්නෙකු නොව විනිශ්චයකරුවෙක්ය.+ 12 ඇත්තෙන්ම නීතිදායකයෙකු හා විනිශ්චයකරුවෙකු ලෙස සිටින්නේ එක් කෙනෙකු පමණි.+ මිනිසුන්ව ගලවාගැනීමටත් විනාශ කිරීමටත් බලය තිබෙන්නේ ඔහුටය.+ එසේනම් ඔබේ අසල්වැසියාව විනිශ්චය කිරීමට ඔබ කවුද?+
13 “අද නැත්නම් හෙට අප අහවල් නුවරට ගොස් එහි අවුරුද්දක් ගත කර, වෙළඳාම් කර ලාභ ලබාගමු” කියා පවසන ඔබ මේ දේට සවන් දෙන්න.+ 14 ඔබ එසේ පැවසුවත් හෙට දිනේදී ඔබට කුමක් සිදු වේවිද කියා ඔබ දන්නේ නැත.+ මන්ද ඔබ ටික වේලාවකට පෙනී, ඉන්පසු නොපෙනී යන මීදුමක් හා සමානය.+ 15 ඒ වෙනුවට ඔබ පැවසිය යුත්තේ මෙයයි. “එය යෙහෝවා දෙවිගේ කැමැත්ත නම්+ අපි ජීවත් වී මේ දේ හෝ ඒ දේ හෝ කරමු.”+ 16 නමුත් ඔබ පුරසාරම් දොඩමින් ක්‍රියා කරන්නේ මොන තරම් අහංකාරකමින්ද!+ එලෙස අහංකාර වීම දුෂ්ට දෙයකි. 17 එහෙයින් යමෙකු හරි දේ කිරීමට දැනගෙනත් ඔහු ඒ දේ කරන්නේ නැත්නම්+ ඔහු කරන්නේ පාපයකි.+