මස්කිල්. ආසාෆ් රචනා කළ ගීතයකි.+
74 දෙවියනි, ඔබ සදහටම අපව අත්හැර දැමුවේ මන්ද?+
ඔබේ තණබිමේ සිටි බැටළු රැළ සමඟ උදහසින් සිටින්නේ මන්ද?+
2 බොහෝ කලකට පෙර ඔබ අයිති කරගත් ඔබේ සෙනඟව සිහි කරන්න.+
ඔබේ උරුමය ලෙස ඔබ බේරාගත් ගෝත්‍රය සිහි කරන්න.+
ඔබ වාසය කළ මේ සියොන් කන්ද සිහි කරන්න.+
3 කාලයක් පුරා නටබුන්ව තිබූ තැන්වලට ඔබේ දෙපා තබන්න.+
ශුද්ධස්ථානයේ තිබූ සියලු දේ සතුරා නැති නාස්ති කළේය.+
4 ඔබට නමස්කාර කරන ස්ථානයේ සිට ඔබේ විරුද්ධවාදීහු ගර්ජනා කළෝය.+
ඔවුහු තම හමුදාවන්ට වෙන් වූ ලාංඡන එසෙව්වෝය.+
5 පොරෝ යොදාගෙන ගන කැලෑ එළි කරන්නන් ලෙස ඔවුහු ප්‍රසිද්ධය.
6 ඔවුහු පොරෝවලින් සහ යකඩ ආයුධවලින් ශුද්ධස්ථානයේ ඇති කැටයම් මුළුමනින්ම කඩා දැමුවෝය.+
7 ඔබේ ශුද්ධස්ථානය ගිනිබත් කළෝය.+
ඔබේ නාමය දරන ශුද්ධ කූඩාරම බිම හෙළා කෙලෙසා දැමුවෝය.+
8 ඔවුහුද ඔවුන්ගේ දරුවෝද මෙසේ කීවෝය.
“දෙවිට නමස්කාර කරන ස්ථාන සියල්ල අප ගිනිබත් කර ඒවා දේශයෙන් ඉවත් කළ යුතුය.”+
9 අපේ ලකුණු අපි නොදුටුවෙමු. තවදුරටත් අනාගතවක්තෘ කෙනෙක් දේශයේ නැත.+
තව කොතරම් කාලයක් මේ තත්වය පවතීද කියා අපෙන් කිසිවෙක් දන්නේ නැත.
10 අනේ දෙවියනි, තව කොපමණ කාලයක් ඔබේ විරුද්ධකරු ඔබට මෙසේ නින්දා කරනු ඇද්ද?+
ඔබේ නාමයට අගෞරව කිරීමට ඔබ සදහටම සතුරාට ඉඩහරින්නෙහිද?+
11 ඔබ ඔබේ දකුණත දිගු කර කිසිවක් නොකරන්නේ මන්ද?+
ඔබ ඔබේ හස්තය දිගු නොකර සිටියොත් අපි සම්පූර්ණයෙන්ම විනාශ වී යනු ඇත.
12 පුරාණයේ සිටම මාගේ රජු දෙවිය.+
ශ්‍රේෂ්ඨ ගැලවීමක් සලසා දෙන එකම තැනැත්තා ඔහුය.+
13 දෙවියනි, ඔබේ ශක්තියෙන් ඔබ මුහුද කැලඹුවෙහිය.+
මුහුදේ සැරිසරන දැවැන්තයන්ගේ හිස් පොඩි කර දැමුවෙහිය.+
14 ලෙවීයාතන්ගේ හිස ඔබ කැබලි කළෙහිය.+
ඔබ ඒවා කාන්තාරවල වැසියන්ට ආහාර ලෙස දුන්නෙහිය.+
15 පර්වත දෙබෑ කර දිය උල්පත් මතු කළේ ඔබය.+
ගලා යන ගංගා සිඳී යෑමට සැලැස්වූවේද ඔබය.+
16 දිවා කාලයේද රාත්‍රියේද අයිතිය ඔබටය.+
ආලෝක වස්තුවක් වන සූර්යයා සෑදුවේ ඔබය.+
17 පොළොවේ සීමා නියම කළේ ඔබය.+
ගිම්හාන කාලයද ශීත කාලයද ඇති කළේ ඔබය.+
18 යෙහෝවා දෙවියනි, සතුරා ඔබට නින්දා කළ බව අමතක නොකරන්න.+
අඥාන සෙනඟක් ඔබේ නාමය කෙලෙසූ බවද අමතක නොකරන්න.+
19 ඔබේ කොබෙයියාගේ ජීවිතය වනමෘගයෙකුගේ ගොදුරක් වීමට ඉඩ නොදෙන්න.+
පීඩා විඳින ඔබේ සෙනඟගේ ජීවිත සදහටම අමතක කර නොදමන්න.+
20 අප සමඟ ඇති කරගත් ගිවිසුම සිහි කරන්න.+
පොළොවේ අඳුරු තැන් සැහැසික ක්‍රියාවලින් පිරී ඇත.+
21 පීඩිතයා සදහටම ලැජ්ජාවට පත් නොවේවා!+
අසරණයාද දිලින්දාද ඔබේ නාමයට ප්‍රශංසා කරනු ලැබේවා!+
22 දෙවියනි, අඥානයා දවස පුරා ඔබට කරන නින්දාව සිහි කරන්න.+
දැන් නැඟී සිට ඔබ වෙනුවෙන් කතා කරන්න.+
23 ඔබට විරුද්ධව නැඟී සිටින්නන්ගේ හඬ අහස දක්වාම නඟින්නේය.+
ඔබේ විරුද්ධවාදීන් ඔබට විරුද්ධව දිගින් දිගටම නඟන හඬ මතකයේ තබාගන්න.+