2 කොරින්ති
2 මගේ පැමිණීම ඔබේ දුකට හේතුවක් වන නිසා දැන්මම නොපැමිණීමට මම තීරණය කළෙමි.+ 2 මන්ද මා ඔබව දුකට පත් කළොත්+ දුකින් සිටින ඔබට මාව සතුටට පත් කළ හැක්කේ කෙසේද? 3 එහෙයින් මා මේ දේවල් ලියා එවන්නේ මා පැමිණි විට මට ප්‍රීතියක් ගෙන දිය යුතු ඔබව+ දැකීමෙන් මගේ සිතට දුකක් ඇති නොවීම සඳහාය.+ මන්ද ඔබේ ප්‍රීතියටත් මගේ ප්‍රීතියටත් එකම දේ හේතු වන බව මම දනිමි. ඒ ගැන කිසි සැකයක් නැත.+ 4 මහත් කනස්සල්ලකින්ද සිත් වේදනාවකින්ද බොහෝ කඳුළු සලමින්ද මා ඔබට ලිව්වේ+ ඔබව දුකට පත් කිරීමට නොවේ.+ ඔබ සඳහා මට ඇති විශේෂ ප්‍රේමය ඔබ දැනගන්නවාට මා කැමති වූ නිසාය.
5 මා ඍජු ලෙස කතා කරන නිසා මා සමඟ අමනාප නොවන්න. මේ දුක ඇති වී තිබෙන්නේ යම් කෙනෙකු නිසා නම්+ ඔහු ඒ දුක ඇති කළේ මට නොව යම් දුරකට ඔබ සියල්ලන්ටය. 6 එවැනි කෙනෙකුට සහෝදරයන් බොහෝදෙනෙකුගෙන් හික්මවීම් ලැබී ඇත.+ එම හික්මවීම් දැන් ප්රමාණවත්ය. 7 එහෙයින් ඔබ දැන් ඔහුට කාරුණිකව සමාව දී+ ඔහුව සැනසිය යුතුයි. එසේ කළේ නැත්නම් එවැනි කෙනෙකුට දැනෙන අධික දුක නිසා ඔහු සම්පූර්ණයෙන්ම කලකිරීමට පත් විය හැක.+ 8 එමනිසා මා ඔබට දැන් උනන්දු කරන්නේ ඔහු සඳහා ඔබට තිබෙන ප්‍රේමය+ ඔහුට දැනෙන්න සලස්වන්න කියාය. 9 මා මේ දේවල් ඔබට ලියන්නේ ඔබ සියල්ලේදී කීකරුව කටයුතු කරනවාද+ කියා දැනගැනීම සඳහාය. 10 කෙනෙකු කළ යම් වරදකට ඔබ සමාව දෙනවා නම් මමද ඔහුට සමාව දෙමි.+ ඇත්තෙන්ම මා කෙනෙකු කළ වරදකට සමාව දී ඇත්නම් ක්‍රිස්තුස් ඉදිරියෙහි මා එසේ කළේ ඔබට උපකාර කිරීමේ අරමුණෙනි. 11 එසේම සාතන් අපව රවටා තමාගේ වාසියට යමක් අප තුළින් ඉටු කර නොගැනීම සඳහාය.+ මන්ද ඔහු කොතරම් කපටි අන්දමින් ක්‍රියා කරනවාද කියා අපි හොඳින් දැන සිටිමු.+
12 ක්‍රිස්තුස් ගැන ශුභාරංචිය ප්‍රකාශ කිරීමට මා ත්‍රෝවසට ගිය විට+ ස්වාමීන් වෙනුවෙන් සේවය කිරීමට මට යම් ප්‍රස්තාවක් විවෘත වී තිබුණත්,+ 13 මගේ සිතට කිසි සහනයක් දැනුණේ නැත. ඒ මගේ සහෝදර තීතස්ව+ මුණගැසීමට නොහැකි වූ නිසාය. පසුව මම ඔවුන්ගෙන් සමුගෙන මැසිඩෝනියාව බලා පිටත් වුණෙමි.+
14 දෙවිට ස්තුතිවන්ත වේවා! මන්ද දෙවි අපව ක්‍රිස්තුස් සමඟ+ නිතරම ජය පෙරහැරකින් ගෙන යන අතර+ තමන් පිළිබඳ දැනුම නමැති සුවඳ අප මාර්ගයෙන් සෑම තැනම පතුරුවයි.+ 15 දෙවි ඉදිරියෙහි ක්‍රිස්තුස් පිළිබඳ ශුභාරංචිය රැගෙන යන අප, ගලවනු ලබන අය අතරත් විනාශ වන අය අතරත්+ විහිදෙන මිහිරි සුවඳක් හා සමානය.+ 16 විනාශ වන අයට නම් එය මරණය ගෙන දෙන මරණීය සුවඳකි.+ නමුත් ගලවනු ලබන අයට එය ජීවනය ගෙන දෙන ජීවනදායක සුවඳකි. මේ සේවය සඳහා නිසි සුදුසුකම් ලබා සිටින්නේ කවුද?+ 17 ඒ අපය. මන්ද බොහෝදෙනෙකු කරනවා වගේ+ අපි දෙවිගේ පණිවිඩය+ විකුණා ජීවත් වන අය නොවන්නෙමු. දෙවි විසින් එවනු ලැබූ අය ලෙස අප සේවය කරන්නේ අවංකකමින්ය. අප කතා කරන්නේ දෙවි ඉදිරියෙහි පෙනී සිටින ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් ලෙසය.+