හොෂෙයා
6 “ජනයෙනි, එන්න අපි නැවත යෙහෝවා දෙවිට ළං වෙමු.+ ඔහු අපිව කැබලිවලට ඉරා දැමුවද+ නැවත සුවය ලබා දෙයි.+ ඔහු අපිට පහර දුන්නද අපේ තුවාල වෙළුම් පටිවලින් බඳිනු ලබයි.+ 2 දවස් දෙකකට පසු ඔහු අපව නැවත ප්‍රාණවත් කරයි.+ තුන්වනදා ඔහු අපව නැඟිටුවා, ඔහු ඉදිරියෙහි ජීවත් වන්න සලස්වයි.+ 3 එවිට අපි යෙහෝවා දෙවිව දැන හඳුනා ගන්නෙමු. තව තවත් හොඳින් ඔහුව දැන හඳුනා ගන්න උත්සාහ කරන්නෙමු.+ අලුයම ස්ථිර ලෙස උදා වන්නාක් මෙන්+ ඔහුගේ පැමිණීමද ස්ථිරය.+ වර්ෂාව පොළොවට ඇද හැළෙන්නාක් මෙන් ඔහු අප වෙතට පැමිණෙයි.+ වසන්ත කාලයේ පොළොව තෙත් කරන වර්ෂාව මෙන් ඔහු පැමිණෙන්නේය.”+
4 “‘අනේ එෆ්‍රායිම්, අනේ යූදා, ඔබට මා කෙරෙහි ඇති ප්‍රේමය* මොහොතකින් නැති වී යන අලුයම මීදුම වැනිය. නිමේෂයකින් නැති වී යන පිනි වැනිය. මා ඔබව කෙසේ නිවැරදි මාර්ගයට ගන්නද?+ 5 ඒ නිසා මම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් ඔබට විනිශ්චයේ පණිවිඩයක් ප්‍රකාශ කරන්නෙමි.+ මගේ මුවින් නික්මෙන ඒ පණිවිඩයෙන් කියාපාන්නේ ඔබේ විනාශයයි.+ ඔබ ලබන දඬුවම, එදාට හිරු එළිය මෙන් පැහැදිලිව දිස් වෙයි.+ 6 මට වටින්නේ ප්‍රේමය* මිස+ පූජාව නොවෙයි.+ මාව දැන හඳුනා ගෙන කටයුතු කිරීම දවන පූජාවලට වඩා මම අගය කරන්නෙමි.+ 7 නමුත් අන් මිනිසුන් මෙන් ඔවුහුද මගේ ගිවිසුම කඩ කළෝය.+ ඔවුහු තම තමන්ගේ නගරවල සිට මට ද්‍රෝහිකම් කරන්නෝය.+ 8 ගිලියද්+ අපරාධකරුවන්ගෙන් පිරී ඇත. ඔවුහු යන යන තැන ලේ වගුරුවන්නෝය.+ 9 එහි සිටින පූජකයෝ කොල්ලකරුවෝය.+ ඔවුහු කවරෙකු හෝ මරා දමන්න මාන බලමින් සිටින්නෝය.+ ඔවුන්ගේ සිත් පෙලඹෙන්නේ නින්දිත දේ කිරීමටය.+ ඔවුන් ෂීකෙම් නගරය+ අසල මිනී මරන්නේ ඒ නිසාය. 10 ඊශ්‍රායෙල් දේශය තුළ පිළිකුල්සහගත දෙයක් මම දුටුවෙමි.+ එෆ්‍රායිම් වේශ්‍යාකම් කරන්නේය.+ ඊශ්‍රායෙල් දූෂ්‍ය වී ඇත.+ 11 එහෙත් යූදා වැසියෙනි, සරුසාර අස්වැන්නක් මෙන් මම ඔබව එකතු කරන්නෙමි. විසිරී සිටින මගේ සෙනඟ නැවත රැගෙන ඒමට මම තීරණය කළෙමි.’”+