ලෙවී කතාව
20 යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. 2 “ඔබ ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘ඊශ්‍රායෙල් සෙනඟගෙන් කෙනෙකු හෝ ඊශ්‍රායෙල් දේශයෙහි ජීවත් වන විදේශිකයෙකු හෝ තම දරුවන්ව මෝලෙක්ට+ පූජා කළොත් ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි. දේශයේ වැසියන් ඔහුට ගල් ගසා ඔහුව මරා දැමිය යුතුයි. 3 ඔහු තම දරුවන්ව මෝලෙක්ට පූජා කර මගේ ශුද්ධස්ථානය දූෂ්‍ය කළ නිසාත්+ මගේ ශුද්ධ නාමය කෙලෙසූ නිසාත්+ මම ඔහුව ප්‍රතික්ෂේප කරන්නෙමි. මම ඔහු සමඟ මහත් සේ උදහස් වී ඔහුව මරා දමන්නෙමි.+ 4 ඔහු තම දරුවාව මෝලෙක්ට පූජා කළ පසු දේශයේ වැසියන් ඔහුව මරා දමනවා වෙනුවට තම ඇස් කන් පියාගෙන සිටියොත්+ 5 මම සැබවින්ම ඒ මිනිසාව සහ ඔහුගේ පවුලේ අයව ප්‍රතික්ෂේප කරන්නෙමි.+ මම ඔහුද ඔහු හා එක්ව මෝලෙක්ට නමස්කාර කරමින් මට ද්‍රෝහි වූ+ අන් සියලුදෙනාද සමඟ මහත් සේ උදහස් වී ඔවුන්ව මරා දමන්නෙමි.
6 “‘මට ද්‍රෝහි වෙමින් මායාකාරයන්ගෙන්+ හා ශාස්ත්‍ර කියන්නන්ගෙන්+ උපකාර පතන සියලුදෙනාවම මම ප්‍රතික්ෂේප කරන්නෙමි. මම ඔවුන් සමඟ මහත් සේ උදහස් වී ඔවුන්ව මරා දමන්නෙමි.+
7 “‘ඔබ පවිත්‍ර සෙනඟක් ලෙස වෙන් වී සිටිය යුතුයි. ඔබ ශුද්ධව සිටිය යුතුයි.+ මන්ද මා ඔබේ දෙවි වන යෙහෝවාය. 8 ඔබ මගේ පනත්වලට කීකරු වී ඒවා අනුව ජීවත් වන්න.+ ශුද්ධ සෙනඟක් ලෙස ඔබව වෙන් කර තබන්නේ යෙහෝවා දෙවි වන මමය.+
9 “‘යමෙකු තම පියාට හා මවට ශාප කළොත්+ ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ ඔහුගේ මරණයට වග කිව යුත්තේ ඔහුමය.+ මන්ද ඔහු තම පියාට හා මවට ශාප කළේය.
10 “‘යමෙකු වෙනත් කෙනෙකුගේ භාර්යාව සමඟ සයනය කළොත් ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි. ඔහු තම මිත්‍රයාගේ භාර්යාව සමඟ අනාචාරයේ* යෙදුණු බැවින්+ ඔහුව පමණක් නොව ඒ ස්ත්රියවද මරා දැමිය යුතුයි.+ 11 යමෙකු තම පියාගේ වෙනත් භාර්යාවක සමඟ සයනය කළොත් ඔහු තම පියාට නින්දා කරන්නේය.+ එබැවින් ඔහුවද ඒ ස්ත්රියවද අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි. ඔවුන්ගේ මරණයට වග කිව යුත්තේ ඔවුන්මය. 12 යමෙකු තම ලේලි සමඟ සයනය කළොත් එය මුළුමනින්ම අස්වාභාවික ක්‍රියාවකි. එබැවින් ඔවුන් දෙදෙනාවම අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ ඔවුන්ගේ මරණයට වග කිව යුත්තේ ඔවුන්මය.+
13 “‘පුරුෂයෙකු ස්ත්‍රියක සමඟ සයනය කරන්නාක් මෙන් පුරුෂයෙකු සමඟ හැසිරුණොත් ඔවුන් දෙදෙනා ඉතා පිළිකුල් දෙයක් කර ඇත.+ එබැවින් ඔවුන් දෙදෙනාවම අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි. ඔවුන්ගේ මරණයට වග කිව යුත්තේ ඔවුන්මය.
14 “‘යමෙකු ස්ත්‍රියක සමඟ විවාහ වූ පසු ඇගේ මව සමඟත් සයනය කළොත් එය නින්දිත ක්‍රියාවකි.+ එබැවින් ඔහුවද ඒ ස්ත්‍රීන් දෙදෙනාවද මරා ගින්නෙන් පිලිස්සිය යුතුයි.+ මෙවැනි නින්දිත ක්‍රියා+ ඔබ අතරේ නොපවතින පිණිස එසේ කරන්න.
15 “‘පුරුෂයෙකු සතෙකු සමඟ සංසර්ගයේ යෙදුණොත්+ ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි. එම සතාවද මරා දැමිය යුතුයි. 16 ස්ත්‍රියක සතෙකු වෙතට ගොස් ඌ සමඟ සංසර්ගයේ යෙදුණොත්+ එම ස්ත්රියවද සතාවද අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි. පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හෝ එලෙස ක්‍රියා කළොත් ඔවුන්ගේ මරණයට වග කිව යුත්තේ ඔවුන්මය.
17 “‘යමෙකු තම පියාගේ හෝ මවගේ හෝ වෙනත් විවාහයකින් උපන් දුව සමඟ විවාහ වී ඇය සමඟ සයනය කළොත් එය නීච ක්‍රියාවකි.+ ඔවුන්ව මරා දැමිය යුතුයි. මන්ද ඔහු සයනය කළේ තම සහෝදරිය සමඟය. ඔහු තම වරදට ගණන් දිය යුතුයි.
18 “‘යමෙකු ස්ත්‍රියකගේ ඔසප් දවස්වලදී ඇය සමඟ සයනය කළොත් ඔවුන් දෙදෙනාවම මරා දැමිය යුතුයි. මන්ද ඔවුන් දෙදෙනාම ලේ ශුද්ධ දෙයක් ලෙස නොසලකන බව+ ඔවුන් කළ දෙයින් පැහැදිලි වන්නේය.
19 “‘ඔබේ මවගේ හෝ පියාගේ හෝ සහෝදරිය සමඟ සයනය නොකළ යුතුයි.+ මන්ද ඇය ඔබේ ලේ නෑයෙකි.+ පුරුෂයෙකු හා ස්ත්‍රියක එලෙස ක්‍රියා කළොත් ඔවුන් දෙදෙනාම තම තමන්ගේ වරදට ගණන් දිය යුතුයි. 20 පුරුෂයෙකු තම පියාගේ සහෝදරයාගේ භාර්යාව සමඟ සයනය කළොත් එම පුරුෂයා සහ ස්ත්‍රිය තමන්ගේ වරදට ගණන් දිය යුතුයි. ඔවුන්ට දරුවන් නොලැබෙනු ඇත.+ ඔවුන්ව මරා දැමිය යුතුයි. මන්ද ඔහු තම පියාගේ සහෝදරයාට නින්දා කර ඇත.+ 21 පුරුෂයෙකු තම සහෝදරයාගේ භාර්යාව සමඟ සයනය කළොත් එය පිළිකුල්සහගත ක්‍රියාවකි.+ ඔවුන්ට දරුවන් නොලැබෙනු ඇත. මන්ද ඔහු නින්දා කළේ තම සහෝදරයාටය.
22 “‘ඔබ මගේ සියලු පනත්වලටද+ සියලු තීන්දුවලටද+ කීකරු වෙමින් ඒවා අනුව ජීවත් වන්න. පදිංචි වීම සඳහා මා ඔබට දෙන දේශයෙන් ඔබව පන්නා නොදමන පිණිස එසේ කරන්න.+ 23 මා ඔබ වෙතින් පන්නා දමන ජාතීන්ගේ චාරිත්‍ර අනුගමනය නොකරන්න.+ ඔවුන් මේ සියලු ක්‍රියා කළ නිසා මම ඔවුන්ට ද්වේෂ කරන්නෙමි.+ 24 ඒ නිසා මම ඔබට මෙසේ කීවෙමි.+ “ඔබ ඔවුන්ගේ දේශය උරුම කරගන්නහුය. මම කිරියෙන් හා පැණියෙන් ඉතිරෙන එම දේශය ඔබට උරුමයක් ලෙස දෙන්නෙමි.+ ඔබව සියලු ජාතීන්ගෙන් වෙන් කළ මා ඔබේ දෙවි වන යෙහෝවාය.+ 25 පවිත්‍ර සතුන් හා අපවිත්‍ර සතුන් අතරද පවිත්‍ර කුරුල්ලන් හා අපවිත්‍ර කුරුල්ලන් අතරද වෙනස ඔබ හඳුනාගත යුතුයි.+ අපවිත්‍ර සතුන් ලෙස මා වෙන් කර හඳුන්වා දුන් මෘගයන්, කුරුල්ලන් හා කුඩා සතුන් නිසා ඔබ පිළිකුල් තත්වයකට පත් නොවන්න.+ 26 යෙහෝවා දෙවි වන මා ශුද්ධව සිටින නිසා+ ඔබද මා ඉදිරියේ ශුද්ධව+ සිටිය යුතුයි. මම ඔබව සියලු ජාතීන්ගෙන් වෙන් කර මගේ සෙනඟ ලෙස තෝරාගන්නෙමි.+
27 “‘මන්තර ගුරුකම් කරන නැත්නම් ශාස්ත්‍ර කියන පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හෝ ඔබ අතරේ සිටියොත්+ ඔවුන්ව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ ඔවුන්ට ගල් ගසා මැරිය යුතුයි. ඔවුන්ගේ මරණයට වග කිව යුත්තේ ඔවුන්මය.’”+