ගණන් කතාව
1 ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවෙන් පිට වෙලා ආවාට පස්සේ ගත වුණ දෙවෙනි අවුරුද්දේ දෙවෙනි මාසයේ පළවෙනිදා+ යෙහෝවා දෙවියන් සීනයි පාළුකරයේදී+ මෝසෙස් එක්ක කතා කළා. ඔහු හමු වීමේ කූඩාරමේදී+ මෝසෙස්ට මෙහෙම කිව්වා. 2 “මුළු ඊශ්‍රායෙල් සෙනඟගෙම සංගණනයක් කරන්න.+ හැම පුරුෂයෙක්වම ඔවුන්ගේ පවුල් අනුවත් පෙළපත අනුවත් ලියාපදිංචි කරලා ඔවුන්ගේ නම් සටහන් කරගන්න. 3 ඔයායි, ආරොනුයි ඊශ්‍රායෙල් හමුදාවට බඳවගන්න පුළුවන් වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැමෝවම+ ගණන් කරන්න. ඔවුන් අයිති කණ්ඩායම්වලට අනුව* ඒ අයව ලියාපදිංචි කරන්න.
4 “ඔයාගේ උදව්වට ගෝත්‍රයකින් එක පුරුෂයෙක් ගාණේ තෝරගන්න. ඒ පුරුෂයෝ ඔවුන්ගේ ගෝත්‍රවල ප්‍රධානීන් වෙන්න ඕනේ.+ 5 ඔයාට උදව් කරන පුරුෂයන්ගේ නම් මේවායි. රූබෙන් ගෝත්‍රයෙන් ෂෙදෙවුර්ගේ පුතා වන එලිෂූර්.+ 6 සිමියොන් ගෝත්‍රයෙන් ෂුරිෂද්දයිගේ පුතා වන ෂෙලුමියෙල්.+ 7 යූදා ගෝත්‍රයෙන් අමිනදාබ්ගේ පුතා වන නාෂොන්.+ 8 ඉසකාර් ගෝත්‍රයෙන් ෂුවර්ගේ පුතා වන නෙතනෙල්.+ 9 සෙබ්‍යූලන් ගෝත්‍රයෙන් හේලොන්ගේ පුතා වන එලියාබ්.+ 10 යෝසෙප්ගේ පුත්‍රයන්ගෙන්, ඒ කියන්නේ එෆ්‍රායිම්+ ගෝත්‍රයෙන් අමිහුද්ගේ පුතා වන එලිෂාමා සහ මනස්සේ ගෝත්‍රයෙන් පෙදාෂුර්ගේ පුතා වන ගමාලියෙල්. 11 බෙන්ජමින් ගෝත්‍රයෙන් ගිඩියොනිගේ පුතා වන අබිදාන්.+ 12 දාන් ගෝත්‍රයෙන් අමිෂද්දයිගේ පුතා වන අහියේසෙර්.+ 13 ආෂෙර් ගෝත්‍රයෙන් ඔක්‍රාන්ගේ පුතා වන පගියෙල්.+ 14 ගාද් ගෝත්‍රයෙන් දුවෙල්ගේ පුතා වන එලියාසාෆ්.+ 15 නෆ්තලී ගෝත්‍රයෙන් ඒනාන්ගේ පුතා වන අහිරා.+ 16 ඊශ්‍රායෙල් සෙනඟ අතරින් ඔයා තෝරගන්න ඕනෙ ඒ අයවයි. ඒ අය තම තමන්ගේ ගෝත්‍රවල අධිපතීන්+ විදිහටත් ඊශ්‍රායෙල්වරු දහස් ගාණකගේ ප්‍රධානීන්+ විදිහටත් වැඩ කරනවා.”
17 මෝසෙස් සහ ආරොන් දෙවියන් තෝරගත්ත ඒ පුරුෂයන්ට එන්න කිව්වා. 18 එයාලා දෙවෙනි මාසයේ පළවෙනි දවසේ මුළු ඊශ්‍රායෙල් සෙනඟව රැස් කළා. එයාලා එහෙම කළේ වයස අවුරුදු 20ක් හෝ ඊට වඩා වැඩි හැම කෙනෙක්වම+ ඒ අයගේ පවුල් අනුවත් පෙළපත අනුවත් ලියාපදිංචි කරන්නයි. 19 යෙහෝවා මෝසෙස්ට අණ කරපු විදිහටම ඒ අයව සීනයි පාළුකරයේදී ලියාපදිංචි කළා.+
20 ඊශ්‍රායෙල්ගේ කුලුඳුල් පුතා වන රූබෙන්ගෙන්+ පැවතෙන අයගෙන් හමුදාවට බඳවගන්න පුළුවන්, වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැම පුරුෂයෙක්වම ගණන් කළා. ඒ එක් එක් කෙනාගේ නම, පවුල සහ පෙළපත සටහන් කරගත්තා. 21 රූබෙන් ගෝත්‍රයෙන් ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ 46,500යි.
22 සිමියොන්ගෙන්+ පැවතෙන අයගෙන් හමුදාවට බඳවගන්න පුළුවන්, වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැම පුරුෂයෙක්වම ගණන් කළා. ඒ එක් එක් කෙනාගේ නම, පවුල සහ පෙළපත සටහන් කරගත්තා. 23 සිමියොන් ගෝත්‍රයෙන් ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ 59,300යි.
24 ගාද්ගෙන්+ පැවතෙන අයගෙන් හමුදාවට බඳවගන්න පුළුවන්, වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැම පුරුෂයෙක්වම ගණන් කළා. ඒ එක් එක් කෙනාගේ නම, පවුල සහ පෙළපත සටහන් කරගත්තා. 25 ගාද් ගෝත්‍රයෙන් ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ 45,650යි.
26 යූදාගෙන්+ පැවතෙන අයගෙන් හමුදාවට බඳවගන්න පුළුවන්, වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැම පුරුෂයෙක්වම ගණන් කළා. ඒ එක් එක් කෙනාගේ නම, පවුල සහ පෙළපත සටහන් කරගත්තා. 27 යූදා ගෝත්‍රයෙන් ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ 74,600යි.
28 ඉසකාර්ගෙන්+ පැවතෙන අයගෙන් හමුදාවට බඳවගන්න පුළුවන්, වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැම පුරුෂයෙක්වම ගණන් කළා. ඒ එක් එක් කෙනාගේ නම, පවුල සහ පෙළපත සටහන් කරගත්තා. 29 ඉසකාර් ගෝත්‍රයෙන් ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ 54,400යි.
30 සෙබ්යූලන්ගෙන්+ පැවතෙන අයගෙන් හමුදාවට බඳවගන්න පුළුවන්, වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැම පුරුෂයෙක්වම ගණන් කළා. ඒ එක් එක් කෙනාගේ නම, පවුල සහ පෙළපත සටහන් කරගත්තා. 31 සෙබ්‍යූලන් ගෝත්‍රයෙන් ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ 57,400යි.
32 යෝසෙප්ගේ පුතා වන එෆ්‍රායිම්ගෙන්+ පැවතෙන අයගෙන් හමුදාවට බඳවගන්න පුළුවන්, වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැම පුරුෂයෙක්වම ගණන් කළා. ඒ එක් එක් කෙනාගේ නම, පවුල සහ පෙළපත සටහන් කරගත්තා. 33 එෆ්‍රායිම් ගෝත්‍රයෙන් ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ 40,500යි.
34 යෝසෙප්ගේ පුතා වන මනස්සේගෙන්+ පැවතෙන අයගෙන් හමුදාවට බඳවගන්න පුළුවන්, වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැම පුරුෂයෙක්වම ගණන් කළා. ඒ එක් එක් කෙනාගේ නම, පවුල සහ පෙළපත සටහන් කරගත්තා. 35 මනස්සේ ගෝත්‍රයෙන් ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ 32,200යි.
36 බෙන්ජමින්ගෙන්+ පැවතෙන අයගෙන් හමුදාවට බඳවගන්න පුළුවන්, වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැම පුරුෂයෙක්වම ගණන් කළා. ඒ එක් එක් කෙනාගේ නම, පවුල සහ පෙළපත සටහන් කරගත්තා. 37 බෙන්ජමින් ගෝත්‍රයෙන් ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ 35,400යි.
38 දාන්ගෙන්+ පැවතෙන අයගෙන් හමුදාවට බඳවගන්න පුළුවන්, වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැම පුරුෂයෙක්වම ගණන් කළා. ඒ එක් එක් කෙනාගේ නම, පවුල සහ පෙළපත සටහන් කරගත්තා. 39 දාන් ගෝත්‍රයෙන් ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ 62,700යි.
40 ආෂෙර්ගෙන්+ පැවතෙන අයගෙන් හමුදාවට බඳවගන්න පුළුවන්, වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැම පුරුෂයෙක්වම ගණන් කළා. ඒ එක් එක් කෙනාගේ නම, පවුල සහ පෙළපත සටහන් කරගත්තා. 41 ආෂෙර් ගෝත්‍රයෙන් ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ 41,500යි.
42 නෆ්තලීගෙන්+ පැවතෙන අයගෙන් හමුදාවට බඳවගන්න පුළුවන්, වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැම පුරුෂයෙක්වම ගණන් කළා. ඒ එක් එක් කෙනාගේ නම, පවුල සහ පෙළපත සටහන් කරගත්තා. 43 නෆ්තලී ගෝත්‍රයෙන් ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ 53,400යි.
44 ඊශ්‍රායෙල් ගෝත්‍ර නියෝජනය කරපු අධිපතීන් 12දෙනාගේ සහ ආරොන්ගේ උදව් ඇතුව මෝසෙස් ඒ අයව ලියාපදිංචි කළා. 45 ඊශ්‍රායෙල් හමුදාවට බඳවගන්න පුළුවන්, වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැම පුරුෂයෙක්වම ඒ එක් එක් කෙනාගේ පෙළපත්වලට අනුව ලියාපදිංචි කළා. 46 ඒ අයගේ මුළු ගාණ හයලක්ෂ තුන්දාස් පන්සිය පනහයි.+
47 ඒත් ලෙවීවරුන්ව+ එයාලාගේ පෙළපත්වලට අනුව ලියාපදිංචි කළේ නැහැ.+ 48 යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. 49 “ඊශ්‍රායෙල් සෙනඟව ලියාපදිංචි කරද්දී ලෙවී ගෝත්‍රයේ අයව ලියාපදිංචි කරන්න එපා. ඊශ්‍රායෙල් සෙනඟ එක්ක ඔවුන්ව ගණන් කරන්න එපා.+ 50 ගිවිසුම් පෙට්ටිය*+ තියලා තියෙන ශුද්ධ කූඩාරමත් ඒකේ භාණ්ඩ සහ අනිත් හැම දේමත් බලාගන්න වගකීම ලෙවීවරුන්ට භාර දෙන්න.+ සෙනඟ තැනින් තැනට යද්දී ශුද්ධ කූඩාරම සහ ඒකේ භාණ්ඩ අරන් යන්න ඕනෙ ඔවුන්.+ කූඩාරමේ විවිධ කාර්යයන් කරන්න ඔවුන්ව පත් කරන්න.+ ඔවුන් කඳවුරු බැඳගන්න ඕනෙ ශුද්ධ කූඩාරම වටේටයි.+ 51 ශුද්ධ කූඩාරම වෙන තැනකට අරන් යද්දී ඒකේ කොටස් ගලවන්න ඕනෙ ලෙවීවරුන්.+ කූඩාරම යම් තැනක ඉදි කරද්දී ඒක ආපහු සකස් කරන්න ඕනෙත් ලෙවීවරුන්. ලෙවී ගෝත්‍රයට අයිති නැති කෙනෙක් කූඩාරම ළඟට ආවොත් ඔහුව මරා දැමිය යුතුයි.+
52 “හැම ඊශ්‍රායෙල්වරයෙක්ම කඳවුරේ ඔවුන්ට නියම කරපු තැන, ඔවුන් අයිති කණ්ඩායමට අනුව කූඩාරම් ගහගන්න ඕනේ. ඔවුන් කඳවුරු ගහගන්න ඕනෙ එක පැත්තක ගෝත්‍ර තුන ගාණේ තියෙන විදිහටයි.+ 53 ගිවිසුම් පෙට්ටිය* තියලා තියෙන ශුද්ධ කූඩාරම වටේට ලෙවීවරු කඳවුරු බැඳගත යුතුයි. එහෙම කළේ නැත්නම් ඊශ්‍රායෙල්වරුන්ට මගේ උදහස අද්දකින්න වෙයි.+ ගිවිසුම් පෙට්ටිය තියලා තියෙන ශුද්ධ කූඩාරමේ හැම වැඩකටයුත්තක්ම බලාගන්න වගකීම තියෙන්නේ ලෙවීවරුන්ටයි.”+
54 යෙහෝවා දෙවියන් මෝසෙස්ට අණ කරපු හැම දෙයක්ම ඊශ්‍රායෙල් සෙනඟ ඒ විදිහටම කළා.