යෙසායා
හැමෝම යෙහෝවාගේ තේජස දකියි. අපේ දෙවියන්ගේ ශ්‍රේෂ්ඨත්වය දකියි.
4 සිත්තැවුලෙන් ඉන්න අයට මෙහෙම කියන්න.
“බය වෙන්න එපා. ධෛර්යවත් වෙන්න!
බලන්න! ඔබේ දෙවියන් සතුරන්ට දඬුවම් කරන්න එනවා.
ඔවුන්ට විරුද්ධව තීන්දු කරපු දේ ඉටු කරන්න ඔහු එනවා.+
ඔහු ඇවිත් ඔබව බේරගනියි.”+
පාළුකරයේ දිය උල්පත් බිඳිලා යයි.
කාන්තාරයේ දිය පහරවල් ගලා බසියි.
හිවලුන් ලැගපු තැන් නිල් තණකොළවලිනුත්+
බට ගස් සහ පැපිරස්වලිනුත් පිරිලා යයි.
අපවිත්‍ර කවුරුත් ඒ මඟේ ගමන් නොකරයි.+
ඒක වෙන් කරලා තියෙන්නේ ඒ මඟේ ගමන් කරන අය වෙනුවෙන්මයි.
අඥාන කාටවත් ඒකට එන්න ලැබෙන්නේ නැහැ.
9 සිංහයන්වත් දරුණු වනසතුන්වත් ඒකට කඩා පනින්නේ නැහැ.
10 යෙහෝවා දෙවියන් ගලවගත්ත අය ආපහු එයි.+ ඔවුන් ඉමහත් ප්‍රීතියෙන් සියොන් වෙතට එයි.+
නිමක් නැති ප්‍රීතිය ඔවුන්ට ඔටුන්නක් වගේ වෙයි.+
ඔවුන් ප්‍රීතියෙන් ඉපිල යයි.
වැලපීමත් ශෝකයත් ඔවුන්ව අත්හැරලා යයි.+