ගීතාවලිය
සංගීත අධ්යක්ෂක වෙත. යෙහෝවාගේ සේවකයෙක් වුණ දාවිත් රචනා කරපු ගීයක්. යෙහෝවා දෙවියන් දාවිත්ව සතුරන්ගෙනුත් සාවුල්ගෙනුත් බේරගත්තාට පස්සේ දාවිත් යෙහෝවාට මේ ගීය ගායනා කළා.+
18 යෙහෝවා දෙවියනි, ඔබ ගැන මට තියෙන්නේ ලොකු ආදරයක්. මගේ ශක්තිය ඔබයි.+
2 මගේ පර්වතයත් මගේ බලකොටුවත් යෙහෝවායි. මට ගැලවීම දෙන්නෙත් ඔහුයි.+
මගේ දෙවියන් මගේ පර්වතයයි.+ මම ආරක්ෂාව පතන්නේ ඔහුගෙන්.
මගේ පලිහ, මගේ ශක්තිමත් ගැලවුම්කරු* ඔහුයි. මට ආරක්ෂාව ලබා දෙන බලකොටුවත්* ඔහුයි.+
කිසි කමකට නැති මිනිසුන් නොසිතූ මොහොතක සැඩ පහරක් වගේ ඇවිත් මාව බිය ගැන්නුවා.+
6 මගේ විපතේදී මම යෙහෝවාට හඬගැසුවා.
මං අඬඅඬ දිගටම මගේ දෙවියන්ගෙන් උදව් ඉල්ලුවා.
7 එතකොට ඔහුට දැනුණ කෝපය නිසා පොළොව සෙලවී කම්පනය වුණා.+
කඳුවල අත්තිවාරම් පවා සෙලවුණා.
ඒවා දෙදරුම් කන්න පටන්ගත්තා.+
8 ඔහුගේ නාසයෙන් දුම් පිට වුණා.
හැම දේම දවලා දාන ගින්නක් ඔහුගේ මුවින් නික්මුණා.+
ඇවිළෙන ගිනි අඟුරු ඔහුගෙන් විහිදුණා.
10 ඔහු කෙරුබ්වරයෙක් පිට පියාසර කරමින් ආවා.+
ඔහු දේවදූතයෙක්ගේ* පියාපත් පිට නැඟ වේගයෙන් බැස ආවා.+
12 ඔහුගෙන් නික්මුණු දීප්තිය නිසා වලාකුළු අතරින්
ගිනි අඟුරු සහ හිම කැට විසිරුණා.
13 යෙහෝවාගේ හඬ අහස පුරා ගිගුරුම් දුන්නා.+
උසස්ම දෙවියන් ඔහුගේ හඬ හැමෝටම ඇහෙන්න සැලැස්සුවා.+
ඒ හඬත් එක්කම හිම කැට සහ ගිනි අඟුරු ඇද හැලෙන්න පටන්ගත්තා.
15 යෙහෝවා දෙවියනි, ඔබ කේන්තියෙන් කතා කරපු නිසාත්
ඔබ කේන්තියෙන් හෙළූ හුස්ම නිසාත්+ ගංගාවල පතුල මතු වුණා.+
පොළොවේ අත්තිවාරම් පවා පෙනුණා.
20 මම ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන නිසා යෙහෝවා මට ආශීර්වාද කරනවා.+
මම පවිත්ර ජීවිතයක් ගත කරන නිසා ඔහු මට හොඳින් සලකනවා.+
21 මම යෙහෝවා දෙවියන්ගේ මාර්ගයේ දිගටම ගමන් කරනවා.
මම කවදාවත් දුෂ්ට විදිහට මගේ දෙවියන්ව අත්හැරලා ගියේ නැහැ.
22 ඔහු දුන්න හැම තීන්දුවක්ම මගේ සිතේ තියාගත්තා.
මම කවදාවත් ඔහුගේ පනත් ප්රතික්ෂේප කරන්නේ නැහැ.
25 ඔබව අත්හරින්නේ නැති අයව ඔබ කවදාවත් අත්හරින්නේ නැහැ.+
නිර්දෝෂ අයට ඔබ හැමදාමත් කරුණාවෙන් සලකනවා.+
26 අවංක සිත් තියෙන අයට ඔබ ආශීර්වාද කරනවා.+
ඒත් වංක අයව ඔබ ලැජ්ජාවට පත් කරනවා.+
29 ඔබේ උදව්වෙන් මට සේනාවක් එක්ක වුණත් සටන් කරන්න පුළුවන්.+
දෙවියන් දෙන ශක්තියෙන් මට මහ පවුරකට වුණත් නඟින්න පුළුවන්.+
ඔහුගේ රැකවරණය සොයන හැමෝටම ඔහු පලිහක්.+
31 යෙහෝවා හැර වෙන දෙවි කෙනෙක් ඉන්නවාද?+
අපේ දෙවියන් පර්වතයක්. ඔහුට සමාන තවත් කෙනෙක් ඉන්නවාද?+
34 ඔහු මට සටන් කරන්න උගන්වනවා.
ඔහුගේ උදව්වෙන් තඹ දුන්නක් වුණත් නමන්න මට පුළුවන්.
35 ඔබේ පලිහෙන් ඔබ මාව ආරක්ෂා කරනවා.+
ඔබේ දකුණතින් මාව උසුලනවා.
ඔබ නිහතමානී නිසා ඔබ මාව ගෞරවයට පත් කරනවා.+
37 මම මගේ සතුරන් පස්සේ ගිහින් ඔවුන්ව අල්ලගන්නවා.
ඔවුන්ව නැත්තටම නැති කරන කල් මම ආපහු හැරිලා එන්නේ නැහැ.
38 මම ඔවුන්ව සුනුවිසුනු කරලා දානවා.
ඔවුන් මගේ කකුල් දෙක ළඟ ඇදන් වැටෙනවා.
ආයෙත් නැඟිටින්න බැරි වෙන්නම මම ඔවුන්ව පාගලා දානවා.+
41 ඔවුන් උදව් ඉල්ලලා කෑගැහුවත් ඔවුන්ව බේරගන්න කවුරුවත්ම එන්නේ නැහැ.
ඔවුන් අඬඅඬ යෙහෝවාගෙන් උදව් ඉල්ලුවත් ඔහු උත්තර දෙන්නේ නැහැ.
42 මම ඔවුන්ව පොඩි කරලා හුළඟට ගහගෙන යන දූවිලි වගේ වෙන්න සලස්වනවා.
පාරේ තියෙන මඩ වීසි කරලා දානවා වගේ මම ඔවුන්වත් අයින් කරලාම දානවා.
43 සෙනඟ මට විරුද්ධව කරන චෝදනාවලින් ඔබ මාව නිදහස් කරනවා.+
ඔබ මාව ජාතීන්ගේ නායකයා විදිහට පත් කරනවා.+
නාඳුනන සෙනඟක් මට සේවය කරයි.+
46 යෙහෝවා ජීවමානයි! මගේ පර්වතය වන ඔහුට ප්රශංසා වේවා!+
ගැලවීම දෙන මගේ දෙවියනි, ඔබ හැම කෙනෙක්ගෙම පැසසුමට ලක් වේවා!+