යෙරෙමියා
20 යෙරෙමියා ඒ අනාවැකි කියද්දී ඉම්මේර්ගේ පුතා වුණ පෂ්හූර් කියන පූජකයා ඒක අහගෙන හිටියා. එයා යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ ප්රධාන නිලධාරියා විදිහටයි වැඩ කළේ. 2 පෂ්හූර් අනාගතවක්තෘ යෙරෙමියාට ගහලා එයාව යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ ඉහළට වෙන්න තියෙන බෙන්ජමින් දොරටුව ළඟ තිබුණ දඬුකඳේ ගැහුවා.+ 3 ඊළඟ දවසේදී පෂ්හූර් දඬුකඳේ ගහලා හිටපු යෙරෙමියාව නිදහස් කළාම යෙරෙමියා එයාට මෙහෙම කිව්වා.
“යෙහෝවා දෙවියන් ඔබට පෂ්හූර් කියන නම වෙනුවට ‘භීතියෙන් වට වෙලා’ කියන නම දුන්නා.+ 4 මොකද යෙහෝවා මෙහෙම කියනවා. ‘ඔබට වෙන දේ දැකලා ඔබයි, ඔබේ යාළුවෝයි හොඳටම බය වෙනවා. ඔබ බලාගෙන ඉද්දීම සතුරන්ගේ කඩු පහරින් ඔවුන් මැරුම් කනවා.+ මම යූදාවල ඉන්න හැමෝවම බැබිලෝනියේ රජගේ අතට භාර දෙනවා. ඔහු ඔවුන්ව වහලුන් විදිහට බැබිලෝනියට අරන් ගිහින් එහෙදී කඩුවෙන් මරලා දායි.+ 5 මම මේ නගරයේ තියෙන ඔක්කොම ධනය, හැම සම්පතක්ම, ඒකේ තියෙන හැම වටිනා දෙයක්ම සහ යූදාවල රජවරුන්ගේ හැම වස්තුවක්ම ඔවුන්ගේ සතුරන්ගේ අතට භාර දෙනවා.+ ඔවුන් ඒ හැම දෙයක්ම කොල්ල කාලා ඒවා බැබිලෝනියට අරන් යනවා.+ 6 පෂ්හූර්, ඔබවත් ඔබේ ගෙදර ඉන්න හැමෝවමත් වහලුන් විදිහට අරන් යනවා. ඔබ බැබිලෝනියට ගිහින් එහෙදී මැරෙනවා. ඔබේ යාළුවන් එක්ක ඔබවත් එහෙදී තැන්පත් කරයි. මොකද ඔබ සෙනඟට කිව්වේ බොරු අනාවැකි.’”+
7 අනේ යෙහෝවා, ඔබ මාව පුදුම කළා. මම ඇත්තටම පුදුම වුණා.
ඔබ මට වඩා බලවත් කියලා පෙන්නුවා. ඔබ ජය ගත්තා.+
දවස පුරාම හැමෝම මට හිනා වෙනවා.
හැමෝම මට සමච්චල් කරනවා.+
8 මොකද මං කතා කරන හැම වෙලාවකම මං කෑගහලා කියන්නේ
“මරනවා! විනාශ කරනවා” කියලයි.
යෙහෝවාගේ පණිවිඩය නිසා දවස පුරාම මිනිස්සු මට නින්දා කරනවා. මට සරදම් කරනවා.+
9 ඉතින් මම මෙහෙම හිතුවා. “මං ආයේ දෙවියන් ගැන කතා කරන්නේ නැහැ.
ඔහුගේ නමින් කිසිම දෙයක් කියන්නෙත් නැහැ.”+
ඒත් ඔහුගේ වදන් මගේ හදවතේ ගින්නක් වගේ ඇවිළුණා. ඒ ගින්න මගේ ඇටකටු අස්සේ හිර වෙලා තිබුණා.
ඒක හිර කරගෙන ඉඳලා මට වෙහෙසයි.
මට තවත් නම් නිහඬව ඉන්න බැහැ.+
“ඔහුට නින්දා කරන්න. අපි ඔහුට නින්දා කරමු.”
මට සුබ පතන හැමෝම මං වැටෙන කල් බලාගෙන ඉන්නවා.+
“සමහරවිට ඔහු මෝඩ දෙයක් කරයි.
එතකොට අපිට ඔහුව අල්ලගෙන ඔහුගෙන් පළිගන්න පුළුවන්.”
11 ඒත් යෙහෝවා බලවත් සටන්කරුවෙක් වගේ මාත් එක්කම හිටියා.+
මට පීඩා කරන අය වැටිලා යන්නේ ඒ නිසයි. ඔවුන් කවදාවත් ජය ගන්නේ නැහැ.+
ඔවුන්ගේ උත්සාහය අසාර්ථක වෙන නිසා ඔවුන් ලොකු ලැජ්ජාවක් අද්දකිනවා.
ඔවුන් අද්දකින නින්දාව හැමදාටම තියෙයි. ඒක අමතක වෙන්නේ නැහැ.+
12 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා, ඔබ ධර්මිෂ්ඨ කෙනාව සෝදිසි කරලා බලනවා.
13 යෙහෝවාට ගී ගයන්න. යෙහෝවාට ප්රශංසා කරන්න.
මොකද ඔහු දුප්පතාව දුෂ්ටයන්ගේ අතින් බේරගත්තා.
14 මම ඉපදුණේ නැත්නම් කොච්චර හොඳද!
මගේ අම්මා මාව බිහි කළේ නැත්නම් කොච්චර හොඳද!+
15 “ඔබට පුතෙක් ලැබුණා” කියන ආරංචිය මගේ තාත්තාට කියලා
ඔහුගේ හිතට ලොකු සතුටක් ගෙනාපු මනුස්සයාට ශාප වේවා!
16 යෙහෝවා අනුකම්පාවක් පෙන්නන්නේ නැතුව විනාශ කරපු නගරවලට වුණ දේම ඒ මනුස්සයාටත් වේවා!
උදෑසන කෑ මොර දෙන හඬත් මහ දවල් යුද හඬත් ඔහුට ඇහෙන්න ලැබේවා!