යෙරෙමියා
17 “යූදා කරලා තියෙන වැරදි යකඩ පන්හිඳකින් ලියලා තියෙනවා.
ඒවා දියමන්ති තුඩකින් ඔවුන්ගේ හදවත්වල කොටලා තියෙනවා.
ඔවුන්ගේ පූජාසනවල අං මත ඒවා කොටලා තියෙනවා.
2 ඔවුන්ගේ පූජාසන සහ නමස්කාරය වෙනුවෙන් හදපු කණු* ඔවුන්ගේ පුතුන්ට පවා මතකයි.+
ඔවුන් ඒවා සරුවට වැඩුණු ගස් ළඟත් හෙල් මතත් ඉදි කළා.+
3 ගම්බද පළාත්වල තියෙන කඳු මුදුන්වලත් ඒවා ඉදි කළා.
ඔබේ සම්පත්, ඔබට අයිති වටින දේවල් හැම එකක්ම කොල්ල කන්න මං ඉඩහරිනවා.+
දේශය පුරාම ඔබ කරපු වැරදි නිසා ඔබේ පූජනීය ස්ථාන* කොල්ල කන්න මම ඉඩහරිනවා.+
4 මම ඔබට දුන්න උරුමය ඔබම අතහැරලා දානවා.+
ඔබ නොදන්න දේශයකදී ඔබේ සතුරන්ට සේවය කරන්න මම ඔබට සලස්වනවා.+
ඒක හැමදාම ඇවිළෙයි.”
5 යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා.
“යෙහෝවාව අතහැරලා ගිහින්
නිකම්ම නිකම් මිනිස්සු ගැන විශ්වාසය තියන,+
6 ඔහු කාන්තාරයේ හුදෙකලාවේ තියෙන ගහක් වගේ වෙයි.
ඔහුට කිසිම හොඳ දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ.
ඔහුට වාසය කරන්න වෙන්නේ පාළුකරයේ වියළි තැන්වල.
මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි ලුණු බිම්වල.
8 ඔහු දිය පාරවල් ළඟ හිටවපු,
දිය පාර වෙතට මුල් ඇදලා තියෙන ගහක් වගේ වෙයි.
හිරු රශ්මිය කොච්චර දැඩි වුණත් ඔහුට ඒක දැනෙන්නේ නැහැ.
ඔහු හැම වෙලේම කොළ සරුවට වැවෙන ගහක් වගේ.+
නියං කාලේදී පවා ඔහු කලබල වෙන්නේ නැහැ.
ඔහු පල දරන එක නතර කරන්නෙත් නැහැ.
9 හැම දේටම වඩා මිනිසාගේ හිත රැවටිලිකාරයි. ඒ විතරක් නෙමෙයි හිත උත්සාහ කරන්නේ තමන් ආස කරන දේ කොහොමහරි ඉටු කරගන්නයි.*+
ඒ හිත තේරුම්ගන්න පුළුවන් කාටද?
10 යෙහෝවා වන මම හිත සෝදිසි කරනවා.+
හැම සිතුවිල්ලක්ම* සෝදිසි කරලා බලනවා.
එහෙම කරන්නේ එක් එක් කෙනා ජීවත් වෙන විදිහට අනුව,
ඔවුන් වැඩ කරන විදිහට අනුව ප්‍රතිඵල ලබා දෙන්නයි.+
ඒත් වයසට යන්න කලින් ඒ ධන සම්පත් ඔහුව අතහැරලා යයි.
අන්තිමේදී ඔහු මෝඩයෙක් කියලා පැහැදිලි වෙයි.”
13 යෙහෝවා දෙවියනි, ඊශ්‍රායෙල්ගේ බලාපොරොත්තුව ඔබයි.
ඔබව අතහැරලා යන හැමෝවම ලැජ්ජාවට පත් කරනවා.
14 අනේ යෙහෝවා, මාව සුව කරන්න. එතකොට මට සුවය ලැබෙයි.
මාව බේරගන්න. එතකොට මං ගැලවෙයි.+
මොකද මං ප්‍රශංසා කරන්නේ ඔබටයි.
15 බලන්න! සමහර මිනිස්සු මට මෙහෙම කියනවා.
“යෙහෝවා කියපු දේවල් තාම වුණේ නෑනේ.+
ඒවා ඉටු වෙන්න ඇයි මෙච්චර පරක්කු වෙන්නේ?”
16 ඒ මොනවා කිව්වත් එඬේරෙක් විදිහට මට ලැබුණ පැවරුම මම අතහැරියේ නැහැ. දිගටම මම ඔබට කීකරු වුණා.
විනාශයේ දවස එන කල් මම බලාගෙන හිටියෙත් නැහැ.
මම කියපු හැම දෙයක්ම ඔබ හොඳින් දන්නවා.
මං ඒ හැම දෙයක්ම කිව්වේ ඔබ ඉස්සරහා.
17 ඔබ මාව අතහැරියොත් මට ලොකු බයක් දැනෙයි. අනේ එහෙම කරන්න එපා.
දුක් කරදර තියෙන කාලේදී මගේ රැකවරණය ඔබයි.
ඔවුන්ගේ හිත්වල බයක් ඇති කරන්න.
ඒත් මට භීතිය අද්දකින්න ඉඩ දෙන්න එපා.
19 යෙහෝවා මට මෙහෙම කිව්වා. “ඔයා යූදාවල රජවරු යන එන ප්‍රධාන දොරටුව* ළඟටත් යෙරුසලමේ අනිත් දොරටු ළඟටත් ගිහින් හිටගන්න.+ 20 ඊටපස්සේ ඒ අයට මෙහෙම කියන්න. ‘මේ දොරටුවලින් ඇතුල් වෙන යූදාවල රජවරුනි, යූදා දේශයේ වැසියෙනි, යෙරුසලමේ සෙනඟෙනි, යෙහෝවා කියන දේට ඇහුම්කන් දෙන්න. 21 යෙහෝවා කියන්නේ මේකයි. “සබත් දවසේදී කිසිම බරක් උස්සගෙන යෙරුසලමේ දොරටුවලින් ඇතුල් නොවී ඉන්න වගබලා ගන්න.+ 22 සබත් දවසේදී ඔබේ ගෙවල්වලින් එළියට කිසිම බරක් උස්සගෙන යන්න එපා. එදාට කිසිම වැඩක් කරන්නත් එපා.+ මං ඔබේ මුතුන්මිත්තන්ට අණ කරපු විදිහට සබත් දවස ශුද්ධ දවසක් විදිහට සලකන්න.+ 23 ඒත් ඔවුන් මට සවන් දුන්නේ නැහැ. මං කිව්ව දේවල් කනකටවත් ගත්තේ නැහැ. ඔවුන් මුරණ්ඩු විදිහට වැඩ කළා. කීකරු වෙන්නවත් හික්මවීම් පිළිගන්නවත් ඔවුන් කැමති වුණේ නැහැ.”’+
24 “‘යෙහෝවා මෙහෙම කියනවා. “ඒත් ඔබ මට කීකරු වෙලා සබත් දවසේදී කිසිම බරක් උස්සගෙන මේ නගරයේ දොරටුවලින් ඇතුල් නොවී හිටියොත් එදාට කිසිම වැඩක් නොකර ඒක ශුද්ධ දවසක් විදිහට සැලකුවොත්+ 25 දාවිත්ගේ සිංහාසනයේ ඉඳගන්න රජවරුන් සහ අධිපතීන්+ අනිවාර්යයෙන්ම මේ දොරටුවලින් ඇතුල් වෙයි. ඒ රජවරුනුත් ඔවුන්ගේ අධිපතීනුත් අශ්ව රථ සහ අශ්වයන් පිට නැඟලා ඇතුල් වෙයි. යූදාවල සෙනඟත් යෙරුසලමේ වැසියනුත් මේ දොරටුවලින් ඇතුල් වෙයි.+ මේ නගරය හැමදාම මිනිස්සුන්ගෙන් පිරුණු තැනක් වෙයි. 26 යූදා දේශයේ නගරවලින්, යෙරුසලම අවට ප්‍රදේශවලින්, බෙන්ජමින් දේශයෙන්,+ පහත් බිම්වලින්,+ කඳුකර පළාතෙන් සහ නෙගෙබ් ප්‍රදේශයෙන්* යෙහෝවා දෙවියන්ගේ ගෘහයට සෙනඟ එයි. ඔවුන් දවන පූජාත්+ වෙනත් පූජාත්+ ධාන්‍ය පූජාත්+ කට්ටකුමංජලුත් ස්තුති පූජාත් අරගෙන එයි.+
27 “‘“ඒත් සබත් දවස ශුද්ධ දවසක් විදිහට සලකන්න කියලත් එදාට බර උස්සගෙන යෙරුසලමේ දොරටුවලින් ඇතුල් වෙන්න එපා කියලත් මං කිව්ව දේට ඔබ අකීකරු වුණොත් මම යෙරුසලමේ දොරටුවලට ගින්නක් අවුළුවනවා. ඒ ගින්නෙන් යෙරුසලමේ බලකොටු පිච්චිලා යයි.+ ඒ ගින්න නිවිලා යන්නේ නැහැ.”’”+