11 හොර තරාදිය යෙහෝවාට පිළිකුලක්.
ඒත් නිවැරදි මිනුම් පඩිය ගැන ඔහු සතුටු වෙනවා.+
2 කෙනෙක් අහංකාරකමින් ඉදිමුණොත් එයා අගෞරවයට පත් වෙයි.+
ඒත් නිහතමානී අය ප්‍රඥාවන්තයි.+
3 ප්‍රතිපත්තිගරුක අයට මඟ පෙන්වන්නේ එයාලාගේ අවංකකමයි.+
ඒත් ද්‍රෝහිකම් කරන අය එයාලාගේ වංකකම නිසා විනාශ වෙයි.+
4 දෙවියන් කෝපය පිට කරන දවසේදී ධනයෙන් කිසි වැඩක් නැහැ.+
ඒත් මරණයෙන් ගැලවෙන්නේ ධර්මිෂ්ඨ කෙනායි.+
5 හරි දේ කරන නිසා නිර්දෝෂ කෙනාගේ මාර්ග සමතලා වෙනවා.
ඒත් දුෂ්ටයා එයාගේ දුෂ්ටකම නිසා වැටෙනවා.+
6 හරි දේ කරන නිසා ප්‍රතිපත්තිගරුක අය බේරෙයි.+
ඒත් ද්‍රෝහිකම් කරන අය එයාලාගෙම වැරදි ආශාවන්වලට අහු වෙයි.+
7 දුෂ්ට කෙනෙක් මැරෙද්දී එයාගේ බලාපොරොත්තු නැති වෙනවා.
එයාගේ බලය ගැන විශ්වාසය තියලා ඇති කරගත්ත බලාපොරොත්තුත් සුන් වෙනවා.+
8 දුක් පීඩාවලින් ධර්මිෂ්ඨයාව බේරගනියි.
ඒත් ඒ දුක් පීඩා හැම එකක්ම දුෂ්ටයා පිටට එයි.+
9 දෙවියන්ට ද්‍රෝහි වෙන කෙනා එයාගේ වචනවලින් අසල්වැසියාව විනාශ කරයි.
ඒත් දැනුම තියෙන නිසා ධර්මිෂ්ඨයා බේරෙයි.+
10 ධර්මිෂ්ඨයන්ගේ යහපත්කම නිසා නුවරේ වැසියෝ සතුටු වෙයි.
දුෂ්ටයා විනාශ වෙද්දී එයාලා සතුටින් කෑගහයි.+
11 ප්‍රතිපත්තිගරුක අයට ආශීර්වාද ලැබෙද්දී නුවරක් ගෞරවයට පත් වෙයි.+
ඒත් දුෂ්ටයන්ගේ කටින් පිට වෙන වචන නිසා ඒක බිඳ වැටෙයි.+
12 සිහිකල්පනාව නැතුව වැඩ කරන කෙනා අසල්වැසියාව හෙළා දකිනවා.
ඒත් දේවල් හොඳින් තේරුම්ගන්න කෙනා නිහඬව ඉන්නවා.+
13 බොරු කියකිය අපහාස කරන කෙනා තැනින් තැන ගිහින් රහස් හෙළි කරනවා.+
ඒත් විශ්වාසවන්ත කෙනා රහසිගත කාරණා රකිනවා.
14 නැණවත් උපදෙස් නැති වෙද්දී ජනයා දුකට පත් වෙයි.
ඒත් උපදේශකයන් හුඟදෙනෙක් ඉද්දී එයාලා සාර්ථක වෙයි.+
15 අඳුරන්නේ නැති කෙනෙක්ගේ ණයකට ඇප වෙන කෙනා කරදරේ වැටෙයි.+
ඒත් අතට අත දීලා ඇප වෙන්නේ නැති කෙනා ප්‍රශ්නවලින් නිදහස් වෙයි.
16 කාරුණික ස්ත්‍රියක් අනිත් අයගේ ගෞරවය දිනාගන්නවා.+
ඒත් කුරිරු අය වස්තුව පැහැරගන්නවා.
17 කාරුණික කෙනා වැඩ කරන විදිහ නිසා එයාට ප්‍රයෝජන ලැබෙනවා.+
ඒත් කුරිරු කෙනා තමන් පිටටම දුක් කරදර ගේනවා.+
18 දුෂ්ටයා උපයගන්න දේවල කිසි වටිනාකමක් නැහැ.+
ඒත් ධර්මිෂ්ඨකමින් වපුරන කෙනාට හොඳම දේ ලැබෙයි.+
19 ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති ස්ථිරව රකින අයට ජීවනය ලැබෙනවා.+
ඒත් දුෂ්ට දේවල් පස්සේම යන අයට ලැබෙන්නේ මරණයයි.
20 වංක හිත් තියෙන අය යෙහෝවාට පිළිකුලක්.+
ඒත් නිර්දෝෂ අය ඔහුගේ හිත සතුටු කරයි.+
21 දුෂ්ටයන්ට දඬුවම් ලැබෙනවාමයි.+ ඒක ස්ථිරයි.
ඒත් ධර්මිෂ්ඨයන්ගේ දරුවෝ බේරෙනවා.
22 සිහිබුද්ධියෙන් වැඩ කරන්නේ නැති ස්ත්‍රියකගේ රූමත්කම
ඌරෙක්ගේ නහයට දාපු රන් මුද්දක් වගේ.
23 ධර්මිෂ්ඨයන්ගේ ආශාවන් නිසා යහපත් ප්‍රතිඵල ලැබෙයි.+
ඒත් දුෂ්ටයන්ගේ බලාපොරොත්තු නිසා දෙවියන්ගේ කෝපය ඇවිළෙයි.
24 ත්‍යාගශීලීව දෙන කෙනාට තව තවත් ලැබෙයි.+
දෙන්න ඕනෙ දේ නොදී ඉන්න කෙනා දුප්පතෙක් වෙයි.+
25 ත්‍යාගශීලී කෙනාට නොඅඩුව ලැබෙයි.+
අනිත් අයව ප්‍රාණවත් කරන කෙනාවත් ප්‍රාණවත් කරයි.+
26 ධාන්‍ය හංගන වෙළෙන්දන්ට ජනයා ශාප කරයි.
ඒත් ඒවා විකුණන අයට එයාලා ආශීර්වාද කරයි.
27 නිතරම යහපත් දේ කරන්න මහන්සි වෙන අයට ආශීර්වාද ලැබෙයි.+
ඒත් වැරදි දේ පස්සේ යන අයට වෙන්නේ නපුරු දේවල්මයි.+
28 තමන්ගේ වස්තුව ගැන විශ්වාසය තියන කෙනා විනාශ වෙයි.+
ඒත් ධර්මිෂ්ඨයා සරුවට වැඩෙන ගස් වැල් වගේ සාර්ථක වෙයි.+
29 තමන්ගේ ගෙදර අයට කරදර ගේන කෙනාට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ.+
අඥානයා ප්‍රඥාවන්තයාගේ සේවකයෙක් වෙයි.
30 ධර්මිෂ්ඨයාගේ ක්‍රියා ජීවන වෘක්ෂයක් වගේ.+
අනිත් අයගේ හිත් දිනාගන්න කෙනා ප්‍රඥාවන්තයෙක්.+
31 ධර්මිෂ්ඨ අයට අනිවාර්යයෙන්ම ආශීර්වාද ලැබෙනවා.
එහෙනම් දුෂ්ටයන්ටයි, පව්කාරයන්ටයි ඊටත් වඩා කොච්චර දඬුවම් විඳින්න වෙයිද!+