යෙසායා
මං ඉපදෙන්නත් කලින් යෙහෝවා දෙවියන් මට අඬගැහුවා.+
මව්කුසේ ඉන්න කාලේ ඉඳන් ඔහු මගේ නම ගැන කිව්වා.
ඔහු මාව තියුණු ඊතලයක් කළා.
මාව ඔහුගේ ඊකොපුවේ සැඟෙව්වා.
4 ඒත් මම මෙහෙම කිව්වා. “මගේ වෙහෙසින් කිසි පලක් නැහැ.
මගේ ශක්තිය මං වැය කළේ කිසි තේරුමක් නැති දේකට, පලක් නැති දේකට.
5 මව්කුසේ ඉන්න කාලේ ඉඳන් තමන්ගේ සේවකයා විදිහට මාව සූදානම් කළ තැනැත්තා වන යෙහෝවා
මට කිව්වා යාකොබ්ව ආයෙත් ඔහු වෙතට ගේන්න කියලා.
එහෙම කිව්වේ ඊශ්‍රායෙල්ව ඔහු ළඟට රැස් කරන්නයි.+
යෙහෝවාගේ ඇස් ඉදිරියේ මාව ගෞරවයට පත් වෙයි.
මගේ දෙවියන් මගේ සවිය වෙයි.
6 ඔහු මෙහෙම කිව්වා. “ඔබව මගේ සේවකයා විදිහට පත් කළේ
යාකොබ්ගේ ගෝත්‍ර ආපහු ගොඩනඟන්න,
ඊශ්‍රායෙල්වරු අතරේ ආරක්ෂා කරපු අයව ආපහු ගේන්න විතරක් නෙමෙයි.
මම ඔබව ජාතීන්ට ආලෝකයක් විදිහටත් දුන්නා.+
එහෙම කළේ පොළොවේ ඈත කෙළවරවල ඉන්න අයටත් මං දෙන ගැලවීම ලබාගන්න පුළුවන් වෙන්නයි.”+
7 ඊශ්‍රායෙල්ගේ මිදුම්කරුත් ඔහුගේ ශුද්ධ තැනැත්තාත්+ වන යෙහෝවා නින්දාවට ලක් වුණ කෙනාට,+ ජාතිය පිළිකුල් කරන කෙනාට, පාලකයන්ගේ සේවකයා වන කෙනාට මෙහෙම කියනවා.
“රජවරු තමන් දකින දේ නිසා නැඟිටියි.
අධිපතීන් හිස නමයි.
ඔවුන් එහෙම කරන්නේ ඔබව තෝරගත්ත+ විශ්වාසවන්ත තැනැත්තා වන යෙහෝවා+ නිසයි.
ඊශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තා නිසයි.”
8 යෙහෝවා මෙහෙම කියනවා.
“මම කරුණාව පෙන්නන විශේෂ කාලේ* ආවාම මම ඔබට පිළිතුරු දුන්නා.+
ගැලවීම ලබා දෙන දවස ආවාම මම ඔබට උදව් කළා.+
සෙනඟට සහතිකයක්*+ විදිහට දෙන්න මම ඔබව දිගටම ආරක්ෂා කළා.
දේශය ආයෙත් ගොඩනඟයි.
මගේ සෙනඟ පාළුවට ගිය ඔවුන්ගේ උරුමයන් අයිති කරගනියි.+
අඳුරේ ඉන්න අයට+ ‘ආලෝකයට එන්න’ කියයි.
ඔවුන් බැටළුවන් වගේ මඟ දෙපස තියෙන තණ කයි.
නිතර යන එන හැම මාවතකම* ඔවුන්ට තණබිම් තියෙයි.
12 බලන්න! මේ අය දුර ඈත ඉඳන් එනවා.+
අර බලන්න! ඒ අය එන්නේ උතුරෙන් සහ බස්නාහිරෙන්.
ඒ අය එන්නේ සීනිම් දේශයෙන්.”+
13 ස්වර්ගය, ඔබ ප්‍රීති ඝෝෂා නඟන්න! පොළොව, ඔබ සතුටු වෙන්න!+
කඳු ප්‍රීති ඝෝෂා නඟන හඬ අහන්න ලැබේවා!+
14 ඒත් සියොන් දිගින් දිගටම මෙහෙම කියනවා.
“යෙහෝවා මාව අත්හැරියා.+ යෙහෝවාට මාව අමතක වෙලා.”+
15 අම්මා කෙනෙක්ට පුළුවන්ද ඇගේ කිරි බොන දරුවාව අමතක කරන්න?
ඇයට පුළුවන්ද තම කුසෙන් බිහි කළ පුතාට අනුකම්පා නොකර ඉන්න?
ස්ත්‍රියකට තම දරුවාව අමතක වුණත් මම කවදාවත් ඔබව අමතක කරන්නේ නැහැ.+
16 මේ බලන්න, ඔබේ නම මම මගේ අල්ලේ කොටාගත්තා.
ඔබේ පවුරු නිතරම මං ඉදිරියේ තියෙනවා.
17 ඔබේ පුතාලා ඉක්මනින් එනවා.
ඔබව කඩලා බිඳලා විනාශ කරපු අය ඔබෙන් ඉවත් වෙලා යයි.
18 ඔබේ ඇස් ඇර වටපිට බලන්න.
ඔවුන් හැමෝම එකට රැස් වෙනවා.+
ඔවුන් ඔබ වෙතට එනවා.
යෙහෝවා මෙහෙම කියනවා. “ඔබ ඒ හැමෝවම ලස්සන ඇඳුමක් වගේ පැලඳගන්නවා.
මනාලියක් ගෙල වටේ පලඳින ආභරණයක් වගේ ඔබ ඔවුන්ව පැලඳගන්නවා.
මම ජීවමානයි කියන දේ ස්ථිරයි වගේ ඒ දේත් අනිවාර්යයෙන්ම වෙනවා.”
19 ඔබ ලොකු විනාශයකට අහු වෙලා පාළුවට ගියත් ඔබේ දේශය නටබුන් ගොඩක් වුණත්+
දැන් එහේ ජීවත් වෙන අයට ඉඩ මදි වෙනවා.+
20 ඔබ වියෝදුකෙන් ඉන්න කාලේ ඉපදුණ පුතාලා මෙහෙම කියනවා ඔබට ඇහෙයි.
‘අපිට මෙහේ ඉඩ මදි.
අපිට ඉන්න ඉඩකඩ හදලා දෙන්න.’+
21 ඔබ මෙහෙම කල්පනා කරයි.
‘මට භාර දුන්න මේ දරුවෝ කාගෙද?
මම දරුවන් අහිමි වුණ ස්ත්‍රියක්. මම වඳ ස්ත්‍රියක්.
මාව පිටුවහල් කළා. හිරකරුවෙක් වගේ අරන් ගියා.
ඉතින් මේ දරුවන් හැදුවේ කවුද?+
22 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා.
“ජාතීන්ට පේන්න මම මගේ අත ඔසවනවා.
සෙනඟට පේන්න මම මගේ සංඥාව ඔසවනවා.+
ඔවුන් ඔබේ පුතාලව වඩාගෙන ඔබ වෙතට එයි.
ඔබේ දූවරුන්ව කර පිට තියාගෙන එයි.+
ඔවුන් හිස බිමටම පහත් කරලා ඔබ ඉදිරියේ වැඳ වැටෙයි.+
ඔබේ පාදවල දූවිලි පවා ලෙව කයි.+
මම යෙහෝවා කියලා එදාට ඔබට දැනගන්න සිද්ධ වෙයි.
මං ගැන බලාපොරොත්තු තියන අය කවදාවත් ලැජ්ජාවට පත් වෙන්නේ නැහැ.”+
24 බලවන්තයෙක් අල්ලගෙන ගිය අයව නිදහස් කරන්න කාටවත් පුළුවන්ද?
කුරිරු පාලකයෙක් යටතේ ඉන්න වහලුන්ව බේරගන්න පුළුවන්ද?
25 ඒත් යෙහෝවා මෙහෙම කියනවා.
ඔබට විරුද්ධ වෙන අයට මමත් විරුද්ධ වෙනවා.+
ඔබේ පුතාලව මම බේරගන්නවා.
26 ඔබට වධ හිංසා කරන අයට තමන්ගෙම මස් කන්න මං සලස්වනවා.
අලුත් වයින් බීලා මත් වෙනවා වගේ ඔවුන් තමන්ගෙම ලෙයින් මත් වෙයි.