යෝබ්
4 අපවිත්‍ර කෙනෙක්ට පුළුවන්ද පවිත්‍ර කෙනෙක්ව බිහි කරන්න?+
ඒක කාටවත් කරන්න බැරි දෙයක්!
5 මිනිසාගේ ආයු කාලය තීරණය කරලයි තියෙන්නේ.
ඔහු ජීවත් වෙන මාස ගාණ නියම කරන්නේ ඔබයි.
ඔහුගේ ආයු කාලයට ඔබ සීමාවක් පනවලා තියෙනවා.
ඒකෙන් පිට යන්න ඔහුට බැහැ.+
6 මොහොතකට හරි ඔහු දෙස නොබලා ඉන්න.
එතකොට ඔහුටත් පුළුවන් දවසේ වෙහෙස නිවාගන්න කුලීකරුවෙක් වගේ ඔහුගේ දවස නිම කරන්න.+
7 කපලා දාපු ගහක් ගැන වුණත් බලාපොරොත්තු තියාගන්න පුළුවන්.
ආයෙත් දලු දාලා ඒකේ අලුත් රිකිලි හටගන්නවා.
8 ඒකේ මුල්, කාලයක් තිස්සේ පොළොව යට සැඟවී තිබුණත්
ඒකේ කඳ වියළී ගියත්
9 දිය බිඳක් ලැබුණ සැණින් අතුඉති ලියලා,
අලුත් ගහක් වගේ ඒක ආයෙත් වැඩෙනවා.
11 සාගරයේ ජලය වාෂ්ප වෙලා යනවා.
ගංගා හිඳිලා යනවා.
අහස නැති වෙන කල්ම ඔහු නැඟිටින්නේ නැහැ.
ඔහුව නින්දෙන් අවදි කරන්නෙත් නැහැ.+
13 අනේ, ඔබේ කේන්තිය නැති වෙලා යන කල්
මාව මිනී වළේ සඟවලා තියන්න.+
කාලයක් නියම කරලා ආයෙත් මාව සිහි කරන්න!+
14 මිනිසෙක් මිය ගියාට පස්සේ ඔහු ආයෙත් ජීවත් වෙයිද?+
මට නියම කරපු කාලය අවසන් වෙලා,
මාව නිදහස් කරන කල් මම බලාගෙන ඉන්නවා.+
15 ඔබ මට අඬගහයි. මමත් ඔබට උත්තර දෙනවා.+
ඔබේම අතින් නිර්මාණය කරපු කෙනාව දැකගන්න ඔබ ලොකු ආශාවකින් බලාගෙන ඉන්නවා.
16 ඒත් දැන් ඔබ මං කරන හැම දෙයක් දිහාම බලාගෙනයි ඉන්නේ.
මගේ වරදක් අල්ලගන්නයි ඔබ බලන් ඉන්නේ.
17 මගේ පාප ඔබ මල්ලක දාලා මුද්‍රා කරනවා.
මගේ වැරදි අඩුපාඩුවලට මැලියම් ගාලා ඒවා ඔබ ළඟ තියාගන්නවා.
18 ඒත් කන්දක් වුණත් කඩන් වැටිලා පොළොවට සමතලා වෙලා යනවා.
ගලක් වුණත් ගැලවිලා වෙන තැනකට පෙරළිලා යනවා.
19 වතුරට ගල් ගෙවිලා යනවා.
සැඩ පහරට පොළොවේ පස් හේදිලා යනවා.
ඔබ මිනිසාගේ බලාපොරොත්තු නැති කරන්නෙත් ඒ විදිහටමයි.
22 ඔහුට වේදනාව දැනෙන්නේ ජීවත් වෙන කල් විතරයි.
ඔහු හඬා වැලපෙන්නේ හුස්ම තියෙන කල් විතරයි.”