හෙබ්‍රෙව්වරුන්ට
4 තමන්ට වගේ විවේක ගන්න අවස්ථාවක් ලැබෙනවා කියන පොරොන්දුව දෙවියන් දීලා තියෙනවා. ඒ අවස්ථාව තවමත් අපිට විවෘතයි. ඒ නිසා අපි සෝදිසියෙන් ඉමු. නැත්නම් ඒ අවස්ථාව අපිට අහිමි වෙයි.+ 2 ඊශ්‍රායෙල්වරුන්ට අහන්න ලැබුණ හොඳ පණිවිඩය අපිටත් අහන්න ලැබුණා.+ ඒත් එයාලා ඒ පණිවිඩයට කීකරු වුණේ නැති නිසා ඒකෙන් එයාලට වැඩක් වුණේ නැහැ. මොකද කීකරු වුණ අයට තිබුණා වගේ ශක්තිමත් විශ්වාසයක් එයාලට තිබුණේ නැහැ. 3 විශ්වාසයක් තියෙන අපිට, දෙවියන් වගේ විවේක ගන්න අවස්ථාවක් ලැබෙනවා. මොකද අනිත් අය ගැන ඔහු මෙහෙම කියලා තියෙනවා. “මං කේන්තියෙන් දිවුරලා මෙහෙම කිව්වා. ‘මං වගේ විවේක ගන්න ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ.’”+ ඔහු එහෙම කිව්වේ පොළොවේ දරුවන්* බිහි වෙන්නත් කලින් ඔහු කරපු වැඩ අවසන් කරලා තියෙද්දියි.+ 4 මොකද ශුද්ධ ලියවිල්ලේ එක පදයක හත්වෙනි දවස ගැන ඔහු මෙහෙම කියලා තියෙනවා. “හත්වෙනි දවසේ දෙවියන් සියලු වැඩවලින් විවේක ගත්තා.”+ 5 තවත් තැනක ඔහු මෙහෙම කියනවා. “මං වගේ විවේක ගන්න ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ.”+
6 හොඳ පණිවිඩය ගැන මුලින් අහන්න ලැබුණ අය අකීකරු වුණ නිසා දෙවියන් වගේ විවේක ගන්න එයාලට අවස්ථාව ලැබුණේ නැහැ.+ ඒත් ඒ අවස්ථාව තවමත් සමහරුන්ට විවෘතයි. 7 හුඟ කාලෙකට පස්සේ දාවිත් ලියපු ගීතිකාවක් මාර්ගයෙන් මෙහෙම දෙයක් කියලා තියෙනවා. “අනේ, ඔහු කිව්ව දේට ඔබ අද සවන් දෙනවා නම්! ඔබේ හිත් දැඩි කරගන්න එපා.”+ ඒ ගැන මේ ලියුමේ කලින් තැනකත් කිව්වා. එතන “අද” කියලා සඳහන් කරද්දී දෙවියන් ආයෙත් සැරයක් එක දවසක් ගැන කතා කරනවා. 8 යොෂුවා+ එයාලව දෙවියන් එක්ක විවේක ගන්න පුළුවන් තැනකට අරගෙන ගියා නම් විවේක ගන්න දවසක් ගැන ආයෙත් කතා කරන්න දෙවියන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. 9 ඉතින් සබත් දවසේදී විවේක ගත්තා වගේ විවේක ගන්න පුළුවන් දවසක් තවමත් දෙවියන්ගේ සෙනඟ ඉස්සරහා තියෙනවා.+ 10 දෙවියන් වගේ විවේක ගන්න අවස්ථාව කෙනෙක්ට ලැබුණාම එයා තමන් කරන වැඩවලිනුත් විවේක ගන්නවා. හරියට දෙවියන් තමන් කරපු වැඩවලින් විවේක ගත්තා වගේ.+
11 ඉතින් විවේක ගන්න තියෙන ඒ අවස්ථාව ලබාගන්න අපිට කරන්න පුළුවන් හැම දේම අපි කරමු. එහෙම කරනවා නම් අපෙන් කවුරුවත් අකීකරු වුණ අය ගිය පාරේ ගමන් කරන එකක් නැහැ.+ 12 මොකද දෙවියන්ගේ වදන් ජීවමානයි, හරිම බලවත්.+ ඒක දෙපැත්තම කැපෙන ඕනෙම කඩුවකට වඩා තියුණුයි.+ ඒක කොච්චර ගැඹුරට පසාරු කරගෙන යනවාද කියනවා නම් ඒකට පුළුවන් පිටින් පේන පුද්ගලයාවයි,* ඇතුළාන්තයෙන්* එයා ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියන දේයි වෙන් කරලා පෙන්නන්න. ඒකට පුළුවන් සන්ධිවලින් ඇටමිදුලු පවා වෙන් කරන්න. ඒ වගේම කෙනෙක් හිතන පතන දේ හෙළි කරන්න පුළුවන් හැකියාවත් ඒකට තියෙනවා. 13 අපි ගණන් දෙන්න ඕනෙ තැනැත්තාගේ ඇස් ඉස්සරහා හැම දෙයක්ම කිසිම වැස්මක් නැතුව පැහැදිලිව පේන්න තියෙනවා.+ ඔහුගෙන් හංගන්න පුළුවන් කිසිම දෙයක් නැහැ.+
14 අපේ ශ්‍රේෂ්ඨ උත්තම පූජකයා දෙවියන්ගේ පුතා වන යේසුස්.+ ඔහු ස්වර්ගයට ඇතුල් වුණා. ඒ නිසා ඔහු ගැන අපිට තියෙන විශ්වාසය ගැන අපි අත්හරින්නේ නැතුව කතා කරමු.+ 15 අපිට ඉන්නේ අපේ දුර්වලකම් තේරුම්ගන්න බැරි* උත්තම පූජකයෙක් නෙමෙයි.+ ඒ වෙනුවට අපේ උත්තම පූජකයා අපි මූණ දෙන හැම පීඩාවකටම, ප්‍රශ්නෙකටම මූණ දීලා තියෙනවා. ඒත් ඔහු කිසිම වරදක් කළේ නැහැ.+ 16 එහෙමනම් මහත් කරුණාවක් පෙන්නන තැනැත්තාණන්ගේ සිංහාසනය ළඟට ගිහින් ලොකු නිසැකකමකින් අපි ඔහුට යාච්ඤා කරමු.+ එතකොට ඔහු අපිට දයාව පෙන්නයි. අපිට උදව් ඕනෙම කරන වෙලාවලදී ඔහුගේ මහත් කරුණාවත් අපිට ලැබෙයි.