ගීතාවලිය
සංගීත අධ්යක්ෂක වෙත. තත් භාණ්ඩ වාදනය කරමින් ගායනා කරන්න. මස්කිල්.* දාවිත් රචනා කරපු ගීතයක්.
55 අනේ දෙවියනි, මගේ යාච්ඤාවට ඇහුම්කන් දෙන්න.+
මට දයාව පෙන්වන්න කියලා මං කන්නලව් කරද්දී අහක බලන් ඉන්න එපා.*+
2 මට ඇහුම්කන් දීලා මට උත්තර දෙන්න.+
මගේ හිතට වධ දෙන ප්රශ්නේ නිසා මට කිසිම සැනසීමක් නැහැ.+
මගේ හිත හොඳටම කැලඹිලා.
3 මොකද සතුරා මට විරුද්ධව කතා කරනවා.
දුෂ්ටයා මට හැම පැත්තෙන්ම පීඩා කරනවා.
ඔවුන් දිගින් දිගටම මගේ හිතට වේදනා දෙනවා.
කේන්තියෙන් පුපුර පුපුර මට අනතුරක් කරන්න බලන් ඉන්නවා.+
5 සතුරා මාව මරයි කියන බයට මගේ හදවත වේගයෙන් ගැහෙනවා.
මගේ මුළු ඇඟම වෙවුලනවා.
6 මට හැම තිස්සේම මෙහෙම හිතෙනවා. “අනේ, මට පරෙවියෙක්ට වගේ පියාපත් තිබුණා නම්!
මම ආරක්ෂිත තැනකට ඉගිල්ලිලා යනවා.
7 මම දුර ඈත තැනකට ඉගිල්ලිලා යනවා.+
පාළුකරයට ගිහින් හැංගිලා ඉන්නවා.+ (සීලාහ්)
8 සැඩ සුළඟිනුත් කුණාටුවෙනුත් බේරිලා
ඉක්මනින්ම ආරක්ෂිත තැනකට යනවා.”
9 යෙහෝවා දෙවියනි, ඔවුන්ව වියවුලට පත් කරන්න.
ඔවුන්ගේ සැලසුම් අසාර්ථක කරන්න.*+
මොකද නුවරේදී මිනිස්සු ගහමරාගන්න විදිහ මම දැකලා තියෙනවා.
මට විරුද්ධව එන්නේ මගේ හතුරෙක් නම්
ඔහුගෙන් හැංගිලා ඉන්න මට පුළුවන්.
14 අපි අතරේ තිබුණේ හරිම කිට්ටු යාළුකමක්.
සෙනඟත් එක්ක එකතු වෙලා අපි දෙන්නාත් දෙවියන්ගේ ගෘහයට යන්න පුරුදු වෙලා හිටියා.
15 මගේ හතුරන් ඉන්න හැම තැනකම වෙන්නේ දුෂ්ටකම්.
ඔවුන්ගේ හිත් දුෂ්ටකම්වලින් පිරිලා. ඔවුන් පිටට විනාශය පැමිණේවා!+
ඔවුන්ට පණපිටින්ම මිනී වළට යන්න සිද්ධ වේවා!
18 ගණන් කරන්න බැරි තරම් විශාල පිරිසක් මට විරුද්ධව සටන් කරන්න ඇවිත් ඉන්නවා.+
දෙවියන් ඔවුන්ගෙන් මාව බේරගෙන මගේ හිතට සහනයක් දෙනවා.
මොකද දෙවියන් ගැන කිසිම ගරුබියක් නැති ඔවුන්+
තමන්ගේ ජීවිත වෙනස් කරගන්න කොහොමටවත් කැමති නැහැ.
ඔහු කවදාවත් ධර්මිෂ්ඨයාට වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ.+
ඔවුන්ට වැඩි කල් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ.*+
ඒත් මම දිගටම විශ්වාසය තියන්නේ ඔබ මතයි.