යොෂුවා
14 පූජක එලියාසර්, නූන්ගේ පුතා වන යොෂුවා සහ ඊශ්‍රායෙල් ගෝත්‍රවල ප්‍රධානියෝ කානාන් දේශයේ ඉඩම් ඊශ්‍රායෙල් සෙනඟට උරුමයක් විදිහට බෙදලා දුන්නා.+ 2 යෙහෝවා දෙවියන් මෝසෙස්ට අණ කරපු විදිහට එයාලා දාදු දාලා+ ඉතුරු ගෝත්‍ර නවයටත් මනස්සේ ගෝත්‍රයේ අනිත් කොටසටත් දේශයේ ඉඩම් බෙදලා දුන්නා.+ 3 මෝසෙස් ඒ වෙද්දීත් යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් තියෙන ප්‍රදේශය+ අනිත් ගෝත්‍ර දෙකටත් මනස්සේ ගෝත්‍රයෙන් කොටසකටත් උරුමයක් විදිහට දීලයි තිබුණේ. ඒත් එයා ලෙවී ගෝත්‍රයේ අයට දේශයෙන් කොටසක් උරුමයක් විදිහට දුන්නේ නැහැ.+ 4 යෝසෙප්ගෙන් පැවතෙන අයව මනස්සේ සහ එෆ්‍රායිම්+ විදිහට ගෝත්‍ර දෙකකට බෙදලා තිබුණා.+ ලෙවී ගෝත්‍රයේ අයට දේශයෙන් කොටසක් දුන්නේ නැහැ. ජීවත් වෙන්න නගර කීපයක්+ සහ එයාලාගේ සත්තුන්ට ඕන කරන තණබිම් විතරයි එයාලට ලැබුණේ.+ 5 යෙහෝවා මෝසෙස්ට අණ කරපු විදිහටම ඊශ්‍රායෙල්වරු දේශයේ ඉඩම් බෙදුවා.
6 දවසක් යූදා ගෝත්‍රයේ පුරුෂයන් යොෂුවාව හම්බ වෙන්න ගිල්ගාල්+ නගරයට ආවා. එයාලා අතරේ හිටපු කෙනිෂ්ෂිවරයෙක් වුණ යෙෆුන්නෙගේ පුත් කාලෙබ්+ යොෂුවාට මෙහෙම කිව්වා. “කාදෙෂ්බර්නේයේදී+ සැබෑ දෙවි යෙහෝවා ඔහුගේ සේවක මෝසෙස්ට+ මං ගැනත් ඔයා ගැනත් කියපු දේ ඔයාට මතක ඇති.+ 7 යෙහෝවාගේ සේවක මෝසෙස් මාව කාදෙෂ්බර්නේයේ ඉඳන් දේශයේ තොරතුරු බලන්න යැව්වා.+ එතකොට මට වයස අවුරුදු 40යි. මං ඒ දේශයේදී දැක්ක හැම දෙයක්ම ඒ විදිහටම මෝසෙස්ට කිව්වා.*+ 8 මාත් එක්ක ගිය අනිත් අය සෙනඟගේ හිතේ බයක් ඇති වෙන දේවල් කියලා එයාලව හොඳටම අධෛර්යය කළා. ඒත් මං මුළු හදවතින්ම මගේ දෙවි යෙහෝවාව විශ්වාස කළා.+ 9 ඒ නිසා එදා මෝසෙස් දිවුරලා මෙහෙම කිව්වා. ‘ඔයා මගේ දෙවි යෙහෝවාව මුළු හදවතින්ම විශ්වාස කළා. ඒ නිසා ඔයා තොරතුරු හොයලා බලන්න ගිය ඒ දේශය ඔයාටත් ඔයාගේ දරුවන්ටත් හැමදාටම උරුමයක් විදිහට ලැබෙනවා.’+ 10 යෙහෝවා ඒ පොරොන්දුව මෝසෙස් මාර්ගයෙන් දුන්නේ ඊශ්‍රායෙල්වරු පාළුකරයේ ඉද්දී.+ යෙහෝවා පොරොන්දු වුණ විදිහටම+ අද වෙන කල් ජීවත් වෙන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා.+ මේ අවුරුදු 45 පුරාම ඔහු මගේ ජීවිතේ ආරක්ෂා කළා. දැන් මට අවුරුදු 85යි. 11 මෝසෙස් මාව දේශයේ තොරතුරු හොයලා බලන්න යවපු කාලේ වගේම මගේ ඇඟේ හයිය තාමත් හොඳට තියෙනවා. අදටත් යුද්ධ කරන්න මට ශක්තිය තියෙනවා. 12 ඉතින් එදා යෙහෝවා දෙවියන් මට දෙන්න පොරොන්දු වුණ ඒ කඳුකර පළාත මට දෙන්න. ඔයා දන්නවා එහේ අනාක්වරු+ ඉන්නවා කියලා. ඒක පවුරුවලින් වට වෙච්ච නුවරවල්+ තියෙන ප්‍රදේශයක් කියලත් ඔයා දන්නවා. ඒත් මට හොඳටම විශ්වාසයි යෙහෝවා දෙවියන් මාත් එක්කම ඉන්නවා කියලා.+ පොරොන්දු වුණ විදිහටම ඒ අයව පන්නලා දාන්න යෙහෝවා මට උදව් කරයි.”+
13 එතකොට යොෂුවා යෙෆුන්නෙගේ පුත් කාලෙබ්ට ආශීර්වාද කරලා එයාට උරුමයක් විදිහට හෙබ්‍රොන් ප්‍රදේශය දුන්නා.+ 14 කෙනිෂ්ෂිවරයෙක් වන යෙෆුන්නෙගේ පුත් කාලෙබ් මුළු හදවතින්ම ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි යෙහෝවාව විශ්වාස කළා.+ එයාට හෙබ්‍රොන් උරුම වුණේ ඒ නිසයි. අද වෙන කල් ඒක අයිති කාලෙබ්ට. 15 මීට කලින් හෙබ්‍රොන් නගරය හැඳින්නුවේ කිර්යත්අර්බා+ කියන නමින්. (අර්බා කියන්නේ අනාක්වරු ලොකු ගෞරවයකින් සලකපු මිනිසෙක්.) ඊටපස්සේ දේශය පුරාම යුද්ධ නැති සාමකාමී වාතාවරණයක් පැවතුණා.+