පළවෙනි යොහන්
2 මගේ දරුවෙනි, මං ඔයාලට මේ දේවල් ගැන ලියන්නේ ඔයාලා අතින් පාපයක් වෙන එක වළක්වන්නයි. ඒත් කාගේ හරි අතින් පාපයක් වුණොත් එයාගේ උදව්වට* කෙනෙක් ඉන්නවා. ඒ, පියාණන් එක්ක ඉන්න තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්.+ ඔහු ධර්මිෂ්ඨ කෙනෙක්.+ 2 යේසුස් අපේ පාප වෙනුවෙන්+ ඔහුගේ ජීවිතය පූජා කළා. ඒ පූජාව නිසා දෙවියන් එක්ක ආයෙත් සමාදාන වෙන්න අපිට අවස්ථාව ලැබෙනවා.*+ ඒත් ඔහු ජීවිතය පූජා කළේ අපේ පාප වෙනුවෙන් විතරක් නෙමෙයි හැම මිනිසෙක්ගෙම පාප වෙනුවෙන්.+ 3 අපි ඔහුගේ* ආඥා දිගටම පිළිපදිනවා නම් අපි ඔහුව හඳුනගෙන ඉන්නවා කියලා කියන්න පුළුවන්. 4 කෙනෙක් “මං ඔහුව හඳුනනවා” කියලා කිව්වත් ඒ කෙනා ඔහුගේ ආඥා පිළිපදින්නේ නැත්නම් එයා බොරුකාරයෙක්. එයා සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙනවා කියලා කියන්නත් බැහැ. 5 ඒත් කෙනෙක් යේසුස් කියන දේවල් පිළිපදිනවා නම් දෙවියන් ගැන එයාට තියෙන ආදරේ කිසිම අඩුවක් නැහැ කියලා කියන්න පුළුවන්.+ අපි එහෙම කරනවා නම් ඒකෙන් පැහැදිලි වෙන්නේ අපි ඔහු එක්ක එකට බැඳිලා ඉන්නවා කියලයි.+ 6 ඔහු එක්ක එකට බැඳිලා ඉන්නවා කියලා කෙනෙක් කියනවා නම් යේසුස් ජීවත් වුණ විදිහටම ජීවිතය ගත කරන්න එයා බැඳිලා ඉන්නවා.+
7 ආදරණීය සහෝදරයෙනි, මං ඔයාලට ලියන්නේ අලුත් ආඥාවක් ගැන නෙමෙයි, මුල ඉඳන්ම ඔයාලට ලැබුණ ආඥාවක් ගැනයි.+ ඒ පරණ ආඥාව තමයි ඔයාලා දැනගත්ත පණිවිඩය. 8 ඒත් මං දැන් ඔයාලට අලුත් ආඥාවක් ගැන ලියනවා. යේසුස් පිළිපදින විදිහටම ඔයාලත් ඒ ආඥාව පිළිපදිනවා. මොකද දැන් අන්ධකාරය නැති වේගනයි යන්නේ. සැබෑ ආලෝකය දැනටමත් බැබළෙනවා.+
9 කෙනෙක් තමන් ආලෝකයේ ඉන්නවා කියලා කිව්වත් එයා එයාගේ සහෝදරයාට වෛර කරනවා නම්+ එයා තාමත් ඉන්නේ අන්ධකාරයේ.+ 10 කෙනෙක් එයාගේ සහෝදරයාට ආදරෙයි නම් එයා ඉන්නේ ආලෝකයේ.+ එයා පාපයට වැටෙන්නේ නැහැ.* 11 ඒත් තමන්ගේ සහෝදරයාට වෛර කරන කෙනෙක් ඉන්නේ අන්ධකාරයේ. එයා ගමන් කරන්නෙත් අන්ධකාරයේ.+ අන්ධකාරයෙන් එයාගේ ඇස් අන්ධ වෙලා තියෙන නිසා යන්නේ කොහෙද කියලවත් එයා දන්නේ නැහැ.+
12 මගේ දරුවෙනි, මං ඔයාලට ලියන්නේ ඔයාලාගේ පව්වලට සමාව දීලා තියෙන නිසයි. දෙවියන් එහෙම කළේ යේසුස්ගේ* නම වෙනුවෙන්.+ 13 පියවරුනි, මං ඔයාලට ලියන්නේ පටන්ගැන්මේ ඉඳන් ජීවත් වෙන කෙනාව ඔයාලා හඳුනගෙන ඉන්න නිසයි. තරුණයෙනි, මං ඔයාලට ලියන්නේ ඔයාලා දුෂ්ටයාව පරාජය කරපු නිසයි.+ මගේ දරුවෙනි, මං ඔයාලට ලියන්නේ ඔයාලා පියාණන්ව හඳුනගෙන ඉන්න නිසයි.+ 14 පියවරුනි, මං ඔයාලට ලියන්නේ පටන්ගැන්මේ ඉඳන් ජීවත් වෙන කෙනාව ඔයාලා හඳුනගෙන ඉන්න නිසයි. තරුණයෙනි, ඔයාලා හුඟක් ශක්තිමත්ව ඉන්නවා.+ දෙවියන්ගේ පණිවිඩය ඔයාලාගේ හිත්වල තියෙනවා.+ ඒ වගේම ඔයාලා දුෂ්ටයාව පරාජය කරලා තියෙනවා.+ ඒ නිසයි මං ඔයාලට ලියන්නේ.
15 මේ ලෝකයටවත් ලෝකයේ තියෙන දේවල්වලටවත් ආශාවක්* ඇති කරගන්න එපා.+ කෙනෙක් මේ ලෝකයේ තියෙන දේවල්වලට ආශාවක් ඇති කරගන්නවා නම් පියාණන් ගැන එයාගේ හිතේ ආදරයක් නැහැ.+ 16 මොකද මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම ඒ කියන්නේ, පව්කාර ආශාවන් ඉටු කරගන්න එක,*+ දකින දකින දේ ලබාගන්න තියෙන ආශාව+ සහ තමන්ට අයිති දේවල් ප්‍රදර්ශනය කරන්න තියෙන ආශාව* පියාණන්ට අයිති දේවල් නෙමෙයි. ඒවා මේ ලෝකයට අයිති දේවල්. 17 මේ ලෝකයත් ඒකේ තියෙන ආශාවනුත් නැති වෙලා යනවා.+ ඒත් දෙවියන් කැමති දේ කරන කෙනා සදාකාලයටම ජීවත් වෙනවා.+
18 මගේ දරුවෙනි, අපි ඉන්නේ අන්තිම පැයේ. ඔයාලා අහලා තියෙනවා ක්‍රිස්තු විරෝධියා* එනවා කියලා.+ ඇත්තටම ක්‍රිස්තු විරෝධීන් හුඟදෙනෙක් දැනටමත් ඉන්නවා.+ ඒකෙන් තේරෙනවා අපි ඉන්නේ අන්තිම පැයේ කියලා. 19 ඒ අය අපිව අත්හැරලා ගියා. මොකද ඒ අය අපි වගේ නෙමෙයි.+ එයාලා අපේම අය වුණා නම් දිගටම අපිත් එක්කම ඉන්නවා. එයාලා අපිව අත්හැරලා ගිය එකෙන් තේරෙනවා හැමෝම අපේම අය නෙමෙයි කියලා.+ 20 ඒත් ශුද්ධ තැනැත්තා ඔයාලව අභිෂේක කරලා තියෙනවා.+ ඔයාලා හැමෝම සත්‍ය ඉගැන්වීම් අවබෝධ කරගෙන ඉන්නවා. 21 මං ඔයාලට ලියන්නේ ඔයාලා සත්‍යය ගැන දන්නේ නැති නිසා නෙමෙයි.+ ඔයාලා සත්‍ය ඉගැන්වීම් ගැන හොඳට දන්නවා. ඒ ඉගැන්වීම්වල කිසිම බොරුවක් නැහැ.+ මං ඔයාලට ලියන්නේ ඒ නිසයි.
22 යේසුස්ව ක්‍රිස්තුස්* විදිහට පිළිගන්නේ නැති කෙනා බොරුකාරයෙක්.+ එයා තමයි ක්‍රිස්තු විරෝධියා.+ එයා පියාණන්වත් පුතාවත් ප්‍රතික්ෂේප කරනවා. 23 පුතාව ප්‍රතික්ෂේප කරන කෙනාට පියාණන් එක්ක කිසිම බැඳීමක් නැහැ.+ ඒත් පුතාව පිළිගන්න කෙනාට+ පියාණන් එක්ක තියෙන්නේ කිට්ටු බැඳීමක්.+ 24 ඔයාලා මුල ඉඳන්ම ඉගෙනගත්ත දේවල් කවදාවත් හිතින් අයින් කරගන්න එපා. ඒ දේවල් හැමදාමත් හිත්වල තියාගන්නවා නම්+ පුතා එක්කත් පියාණන් එක්කත් එකට බැඳිලා ඉන්න ඔයාලට පුළුවන්. 25 ඒ වගේම ඔහු අපිට සදාකාල ජීවනය+ දෙන්නත් පොරොන්දු වෙලා තියෙනවා.
26 මං ඔයාලට මේ දේවල් ලියන්නේ සමහරු ඔයාලව රවට්ටන්න හදන නිසයි. 27 දෙවියන් ඔහුගේ බලයෙන් ඔයාලව අභිෂේක කරලා තියෙනවා.+ ඒ බලය දිගටම ඔයාලා තුළ පවතින නිසා කවුරුත් ඔයාලට උගන්වන්න ඕනෙ නැහැ. මොකද ඒ බලය මාර්ගයෙන් දෙවියන් ඔයාලට හැම දේම උගන්වනවා.+ ඔයාලව අභිෂේක කරලා තියෙනවා කියලා දෙවියන්ගේ බලයෙන් ලැබෙන සාක්ෂිය බොරුවක් නෙමෙයි. ඒක ඇත්තක්. ඒ නිසා ඔයාලට උගන්වපු විදිහට දිගටම ඔහුත් එක්ක එකට බැඳිලා ඉන්න.+ 28 ඉතින් මගේ දරුවෙනි, ඔහු එක්ක තියෙන බැඳීම නැති කරගන්න එපා. එතකොට ඔහු පෙනී ඉද්දී ඔයාලට කිසි බයක් සැකක් නැතුව කතා කරන්න+ පුළුවන් වෙනවා. ඒ වගේම ඔහු ආයෙත් පැමිණෙන කාලයේදී* ඔහුට මුහුණ දෙන්න බැරුව ලැජ්ජාවෙන් හැංගෙන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. 29 ඔහු ධර්මිෂ්ඨ කෙනෙක් කියලා ඔයාලා පිළිගන්නවා නම් ධර්මිෂ්ඨ දේ කරන හැමෝම දෙවියන්ගෙම දරුවන්+ කියලා ඔයාලට නිසැක වෙන්න පුළුවන්.