ගීතාවලිය
3 ස්වාමිවරුන්ගෙත් ස්වාමීන්ට ස්තුති කරන්න.
මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
7 ඔහු ප්රධාන ආලෝක වස්තූන් නිර්මාණය කළා.+
මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
8 ඔහු දවාලට එළිය ලබා දෙන්න* සූර්යයාව නිර්මාණය කළා.+
මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
9 ඔහු රාත්රියට එළිය ලබා දෙන්න* සඳත් තරුත් හැදුවා.+
මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
11 ඔහු ඊශ්රායෙල් සෙනඟව ඊජිප්තුවෙන් පිටතට ගෙනාවා.+
මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
12 ඔහුගේ අත දික් කරලා ඔහුගේ මහත් බලයෙන්+ ඔවුන්ව බේරගත්තා.
මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
15 ඔහු පාරාවෝවත් ඔහුගේ හමුදාවත් රතු මුහුදට ගහගෙන යන්න සැලැස්සුවා.+
මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
18 තේජවත් රජවරුන්ව ඔහු විනාශ කරලා දැම්මා.
මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
19 ඔහු අමෝරිවරුන්ගේ රජ වුණ සීහොන්ව+ විනාශ කළා.
මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
20 බාෂාන්වල ඕග් රජවත්+ ඔහු විනාශ කළා.
මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
21 ඔවුන්ට අයිති දේශය ඔහු තමන්ගේ සෙනඟට උරුමයක් විදිහට දුන්නා.+
මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
22 තමන්ගේ සේවකයා වුණ ඊශ්රායෙල්ට ඔහු ඒ දේශය උරුම කරලා දුන්නා.
මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
24 දිගින් දිගටම අපේ සතුරන්ගේ අතින් ඔහු අපිව බේරගත්තා.+
මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
26 ස්වර්ගය පාලනය කරන දෙවියන්ට ස්තුති කරන්න.