ගීතාවලිය
104 මම යෙහෝවාට ප්‍රශංසා කරනවා.+
මගේ දෙවි යෙහෝවා, ඔබ මොන තරම් ශ්‍රේෂ්ඨද!+
ඔබ ගෞරවයෙනුත් තේජසිනුත් සැරසිලා ඉන්නවා.+
3 ඔබ අහස් වලාවන්ට ඉහළින් ඔබේ උඩුමහල් කාමර හදනවා.+
රථයක නැඟ යනවා වගේ ඔබ වලාකුළු මත නැඟ යනවා.+
ඔබ සුළඟ මත පිය නඟනවා.+
6 සළුවකින් වහනවා වගේ ජල කන්දරාවකින් ඔබ ඒක ආවරණය කළා.+
ජලය තිබුණේ කඳුවලටත් වඩා ඉහළින්.
7 ඔබේ තරවටුව නිසා ජලය පලා ගියා.+
ඔබේ ගිගුරුම් හඬ නිසා ජලය කැලඹුණා.
ඒවා වේගයෙන් ගලාගෙන ගිහින්
8 ඔබ නියම කරපු තැන නතර වුණා.
ඒ නිසා කඳු ඉහළට නැග්ගා.+ නිම්න පහළට බැස්සා.
9 ඔබ ජලයට සීමාවක් නියම කරලා එතනින් එහාට යන්න තහනම් කළා.+
ඔබ එහෙම කළේ ආයේ කවදාවත් පොළොව ජලයෙන් වැහිලා යන්නේ නැති වෙන්නයි.
10 ඔබ ජල ධාරාවන් නිම්න දිහාවට ගලා යන්න සලස්වනවා.
ඒවා කඳු අතරින් ගලා බහිනවා.
11 වනයේ ඉන්න හැම සතෙක්ම ඒවායින් බොනවා.
කැලේ ඉන්න බූරුවොත් ඒවායින් පිපාසය නිවාගන්නවා.
12 කුරුල්ලෝ ඒවා අද්දර ලැගුම් ගන්නවා.
උන් ගස් අතරේ ඉඳන් ගී ගයනවා.
13 ඔබේ උඩුමහල් කාමරවල ඉඳන් ඔබ කඳුකරයට වතුර ගලා එන්න සලස්වනවා.+
ඔබේ දෑතේ වීර්යයෙන් ලබා දෙන දේවලින් පොළොව තෘප්තිමත් වෙනවා.+
14 ඔබ සතුන්ට කන්න නිල් තණකොළත්
මිනිස්සුන්ට අවශ්‍ය පලා වර්ගත් වැඩෙන්න සලස්වලා+
පොළොවෙන් කෑම ලබා දෙනවා.
මුහුණ පැහැපත් කරන තෙලුත්
16 යෙහෝවාට අයිති ගස්වලට,
ලෙබනොන්වල ඔහු පැළ කරපු දේවදාර ගස්වලට
ජලයෙන් කිසිම අඩුවක් නැහැ.
17 කුරුල්ලෝ ඒ ගස්වල කූඩු තනනවා.
මාන කොක්කු+ ජුනිපර් ගස් අතරේ කැදලි හදාගන්නවා.
22 හිරු උදා වෙද්දී උන් ගුහාවලට ගිහින් වැතිරිලා ඉන්නවා.
23 ඒත් මිනිස්සු ගෙදරින් පිටත් වෙලා
හවස් වෙන කල්ම වැඩ කරනවා.
24 යෙහෝවා, ඔබ මොන තරම් දේවල් නිර්මාණය කරලා තියෙනවාද!+
ඔබ ඒ හැම දේම හැදුවේ ඔබේ ප්‍රඥාවෙන්.+
පොළොව ඔබේ නිර්මාණවලින් පිරිලා.
28 ඔබ දෙන දේවල් ඔවුන් එකතු කරගෙන කෑමට ගන්නවා.+
ඔබේ දෑත් විහිදා දෙන යහපත් දේවල්වලින් ඔවුන් සතුටු වෙනවා.+
29 ඔබ ඔබේ මුහුණ ඉවතට හරවගද්දී ඔවුන් කලබල වෙනවා.
ඔබ ඔවුන්ගේ හුස්ම ඉවත් කළොත් ඔවුන් මිය ගිහින් ආයෙත් දූවිල්ලට හැරිලා යනවා.+
31 යෙහෝවා දෙවියන්ගේ තේජස සදහටම පවතිනවා.
තමන්ගේ නිර්මාණයන් ගැන යෙහෝවා ගොඩක් සතුටු වෙනවා.+
34 මගේ සිතුවිලි ඔහුට ප්‍රසන්න වේවා!*
යෙහෝවා නිසා මගේ හිත සතුටින් පිරිලා ඉතිරිලා යනවා.
මම යෙහෝවාට ප්‍රශංසා කරනවා. ජනයෙනි, යාහ්ට ප්‍රශංසා කරන්න!*